අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි.
1. අහස් හා මහ පොළොව මැවූ, තවද ආලෝකය හා අන්ධකාරයන් ඇති කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා හිමිවේ. එසේ නමුත් ප්‍රතික්ෂේප කළ අය ඔවුන්ගේ රබ්(පරමාධ්පති)ට සමානයන් තබන්නොය.
2. නුඹලා මැටියෙන් මවා ඉන්පසුව (නුඹලාට) ආයුකාලයක් නියම කලේ ඔහුය. තවද (නුඹලාට) නියම කළ කාලයක්ද ඔහු වෙත ඇත. නමුත් ඒ ගැන නුඹලා සැක කරන්නෝය.
3. අහස්වලද මහපොලොවෙහිද අල්ලාහ් ඔහුය. නුඹලාගේ රහස්දනුඹලාගේ හෙලිදරව්වද ඔහු දනියි. නුඹලා උපයාගන්නා (හොඳ හා නරක) දේ ගැනද ඔහු සපුරා දනියි.
4. නමුත් තම රබ්(පරමාධිපති) ගේ සංඥාවන්ගෙන් කුමන හෝ සංඥාවක් ඔවුන් වෙත එන විට ඔවුහු එයින් ඉවත් වී සිටිති.
5. (දැන්) ඔවුන්ට සත්‍යය පැමිණි විට (ඔවුහු එය) නියත වශයෙන්ම බොරු යයි කීහ. තමන් (මෙතෙක්) පරිහාසයට ලක් කළ දේ පිළිබඳව (යම් යම්) ප්‍රවෘත්ති ඔවුනට ඉක්මනින් ලැබෙනු ඇත.
6. ඔවුනට පෙර කොපමණ පරම්පරාවන් අපි විනාශ කළෙමුදැයි ඔවුහු නොදුටුවොද? මහපොළොවෙහි නුඹලාට වඩා අපි ඔවුන් බලගතු කළෙමු. තවද ඔවුනට අහසින් අධික වැසි එවිමු. තවද ගංගාවන් ඔවුනට පහලින් ගලා බසින්නට සැලැස්වූවෙමු. නමුත් ඔවුන්ගේ පාපයන් නිසා අපි ඔවුන් විනාශ කළෙමු. තවද ඔවුනට පසුව වෙනත් පරම්පරාවක් අපි උත්පාදනය කළෙමු.
7. කඩදාසියෙහි (ලියන ලද) ධර්ම ග්‍රන්ථයක් නුඹට අප පහළ කළාවූවත් එවිට එය ඔවුන්ගේ අතින් ස්පර්ශ කර බලා මෙය ප්‍රකට හූනියමක් මිස නැතැයි ප්‍රතික්ෂේප කරන අය නියත වශයෙන්ම පවසනු ඇත.
8. (තවද, මෙම නබි සත්‍ය නබිවරයෙකු යන්න අප භාරගැනීමට) ඔහු වෙත මලක්වරු (දේව දුත)යකු පහළ කළ යුතු නොවේදැයි ඔවුහු කියති. (ඔවුන් කියන පරිදි) අප මලක්වරයකු පහළ කලේ නම් එවිට (ඔවුන්ගේ) ඉරණම තීරණය කරනු ලැබෙනු ඇත. පසුව ඔවුනට අවකාශ දීමක් දෙනු නොලැබෙනු ඇත.
9. (ඔවුන් තමන් වෙත පහළ විය යුතුයි කියන රසූල්වරයා) වන ඔහු මලක්වරයකු වශයෙන් අප මහපොළොවට පහළ කළේ නම්, ඔහු (ඒ මලක්වරයා) මිනිසෙකු ලෙසම අපි සලස්වන්නෙමු. එනිසා ඔවුන්ගේ සිත් කැළඹු දෙයින්ම අපි ඔවුන් කැළඹීමට පත් කළෙමු.
10. (නබි මුහම්මද්!) නුඹට පෙර (පහළ වූ) බොහෝ රසුල්වරු ඇත්තෙන්ම සමච්චලයට ලක් කරනු ලැබුහ. එවිට ඔවුනතරින් සමච්චල් කළවුන් ඔවුන් සමච්චල් කළ දෑ විසින්ම ග්‍රහණයට ගනු ලැබීය.
11. නුඹලා පොළොවෙහි සංචාරය කර බොරු යයි කී අයගේ අවසානය කෙසේ වී දැයි සලකා බලනුයි (නබි මුහම්මද්!) කියනු.
12. අහස්වල හා මහපොලොවෙහිද ඇති දේ කාට අයිති දැයි (නුඹ මුහම්මද් ඔවුන්ගෙන්) අසනු. (ඒ සියල්ලම) අල්ලාහ්ට හිමි යැයි (නබි මුහම්මද්) නුඹ කියනු. ඔහු දයාලු භාවය තමා සතු කර ගත්තේය. (නුඹලා ප්‍රතික්ෂේප කරන දිනය වූ) කියාමත් (මළවුන් කෙරෙහි නැගිටුවන) දින නියතවශයෙන්ම නුඹලා සියල්ලම ඔහු (අල්ලාහ්) එක්රැස් කරන්නේය. එය (පිළිබඳව කිසිඳු ) සැකයක් නැත. එහෙත් තමන්ටම හානි සිදුකරගත් අය නම්, ඔවුහු විශ්වාස නොකරති.
13. රාත්‍රියෙහිද දහවල්හිද පවතින සියලු දෙය ඔහු (අල්ලාහ්)ට හිමිය. ඔහු සර්ව ශ්‍රාවකය. සර්වඥානීය.
14. අහස් හා මහා පොලොව නිර්මාණය කළ අල්ලාහ් හැර වෙනත් (කෙනෙකු හෝ දෙයක්) මාගේ ආරක්ෂකයා වශයෙන් මා ගන්නෙහිද ? ඔහු සියල්ලන්ටම ආහාර දෙන්නේය. ඔහුට ආහාර දෙනු නොලබන්නේය. යැයි (නබි මුහම්මද් ) කියනු. ඔහුට යටහත්වන්නන්ගෙන් මා පළමුවැන්නා වන ලෙසද නුඹ මුෂ්රික්වරුන් (ආදේශ කරන්නන්) ගෙන් කෙනෙකු නොවිය යුතු යැයිද මට අණ කරනු ලැබූවෙමියි (නබි මුහම්මද්) පවසනු.
15. මා මාගේ රබ්(පරමාධිපති)ට අකීකරු වුවා නම් මහ භයානක දිනයේ දඩුවම ගැන නියත වශයෙන්ම මා බිය වන්නෙමියි (නබි මුහම්මද්) පවසනු.
16. එදින කවරකුගෙන් (වද හිංසාව) ඉවත් කරනු ලබන්නේද ඔහු (අල්ලාහ්) ඔහුට දයාව දැක්වූවාවේ. මෙය පැහැදිලි ජයග්‍රහණයකි.
17. අල්ලාහ් නුඹට යම් පීඩාවක් සිදුකළහොත් එය ඉවත්කිරීමට ඔහු හැර වෙනත් කෙනෙකු නැත. තවද ඔහු නුඹට යම් හොඳක් සිදු කළහොත් ඔහු සියලු දෑ කෙරෙහි බල සම්පන්නය.
18. ඔහුමය තම ගැත්තන් කෙරෙහි තේජෝ බලපරාක්‍රමාන්විත වන්නේ. තවද ඔහුමය සර්වප්‍රඥා හා සර්වඥානි වන්නේ.
19. අතිශයෙන්ම විශ්වාසනීය වනුයේ කුමන සාක්ෂිය දැයි (නබි මුහම්මද්) අසනු. අල්ලාහ් (මා ඔහුගේ නබිවරයා බවට) මා හා නුඹලා අතර සාක්ෂි දරයි. තවද මෙම අල්-කුර්ආනය මට ආවිශ්කාරය කොට ඇත්තේ එමගින් මව්සින් නුඹලාටත් එය ලැබෙන අන් සියලු දෙනාටත් අනතුරු ඇඟවීම් කිරීමටය. අල්ලාහ් සමග වෙනත් දෙවිවරුන් ඇති කියා නුඹලා සැබවින්ම සාක්ෂි දරන්න්නේදැයි (නබි මුහම්මද්) අසනු. මම නම් (එවැනි කිසිවකට) සාක්ෂි නොදරමියි (නබි මුහම්මද්) පවසනු. ඇත්තෙන්ම ඔහු එකම දෙවියාය. නුඹලා (අල්ලාහ්ට) ආදේශ කරන දෙයින් නියතවශයෙන්ම මම නිදොස් වෙමියිද (නබි මුහම්මද්) පවසනු.
20. අප විසින් ඔවුන්ට ධර්මග්‍රන්ථය ප්‍රදානය කරනු ලැබුවෝ තමන්ගේ පුතුන් හඳුනාගන්න මෙන් (නිසැක භාවයෙන්ම) එය හඳුනාගනිති. (නමුත්) තමන් තමන්ටම අලාභ සිදු කරගත් අය නම් වූ ඔවුහු විශ්වාස නොකරති.
21. තවද අල්ලාහ්ට විරුද්ධව අභූත චෝදනාවන් නගන කෙනෙකුට වඩා හෝ ඔහු(අල්ලාහ්)ගේ සංඥාවන් බොරු යයි කි කෙනෙකුට වඩා ඉමහත් අපරාධකරුවෝ කවරෙක්ද ? ඇත්තෙන්ම (එවැනි) අපරාධකරුවෝ ජය නොලබන්නොය.
22. අප ඔවුන් සියල්ලන්ම එක්රැස් කරන(අවසන්) දින නුඹලාගේ දෙවි දේවතාවුන් වශයෙන්) සැලකු නුඹලාගේ ආදේශනයන් කොහේ දැයි අපි ආදේශ කරන්නන්ගෙන් විමසන්නෙමු.
23. (එවිට ඔවුන්) අපගේ පරමාධිපතියානෙනි! අපි කිසිසේත්ම මුෂ්රික්වරුන් (ආදේශ කරුවන්) නොවූ බවට ඔබේ නාමයෙන් දිවුරමු යැයි කියනු මිස ඔවුනට වෙනත් ව්‍යාජ පිළිතුරක් නොමැත.
24. ඔවුන් තමන්ට විරුද්ධව බොරුව කෙසේ පවසන්නේ දැයිද තවද ඔවුන් බොරු ගොතමින් සිටි දැය ඔවුන්ගෙන් බැහැරට ගිය සැටිද (නබි මුහම්මද්) නුඹ බලනු.
25. නුඹ (පවසන දෙය)ට සවන් යොමු කරන (බවක් අඟවන) ඇතැමෙක් ඔවුන් අතර වෙති. (ඔවුන්ගේ නරක ක්‍රියා හේතුකොටගෙන) ඔවුන් එය නොවටහා ගැනීම පිණිස ඔවුන්ගේ සිත්හි තීරයක්ද ඔවුන්ගේ සවන්හි බිහිරි භාවයක්ද අපි සලස්වූවෙමු. (එබැවින් තමන්ගේ සවනට යොමුවන දෙය ඔවුනට නැසේ) ඔවුන් සියලු සංඥාවන් දුටුවද එය විශ්වාස නොකරති. ඔවුන් නුඹ වෙත පැමිණියහොත් නුඹ සමග විවාද කරමින් මෙය පැරැන්නන් විසින් ගොතන ලද බොරු කථාන්තරයක් මිස නැතැයි ප්‍රතික්ෂේප කරන්නෝ පවසති.
26. ඔවුහු (සත්‍ය වූ) එයි (විශ්වාස කිරීමේ)න් (අන්‍යයන්ව) වළක්වති. තවද ඔවුහුද එයින් ඈත් වෙති. (මෙමගින් ඔවුන් නුඹලාට යම් හානියක් කරතැයි ඔවුහු විශ්වාස කරති. නමුත්) ඔවුන් තමන්ව විනාශයට පත් කරගැනීම මිස (වෙනත් දෙයක් කරන්නේ) නැත. (නමුත් මෙය) ඔවුහු නොවටහා ගනිති.
27. ඔවුන් නිරය ඉදිර්පිට නතර කරනු ලැබූ කල්හි නුඹ (ඔවුන්ව) දුටහොත් එවිට ඔවුන් යලිත් වරක් අපි (පොලොවට) යවනු ලබන්නෝ නම් අපි අපගේ රබ්(පරමාධිපති)ගේ ආයාත් (අණපනත් සංඥාවන් ආදීන්) බොරු යැයි නොකියන්නෙමු. තවද අපි විශ්වාස කල අය(ගෙන්) වන්නෙමුයි කියති.
28. (ඔවුහු හදවතට එකගව මෙය කියන්නෝ) නොවති. මෙයට පෙර ඔවුන් (තමන් තුල) සඟවා ගෙන සිටි දැය ඔවුනට හෙළි විය. (ඔවුන් එලෙස පොළෝ ජීවිතය වෙත) ආපසු යවනු ලැබුවත් (නොකරන ලෙස) ඔවුනට තහනම් කරනු ලැබූ දැය වෙතම නැවත හැරෙන්නෝය. ඇත්තෙන්ම ඔවුහු මුසාවාදිහුමය.
29. තවද අපගේ මෙලොව ජීවිතය හැර (මරණයට පත් වූ පසු) වෙනත් ජීවිතයක් අපට නැත. (මියගිය පසු) අපි (ප්‍රාණය දී නැවත) නැගිටුවනු නොලබන්නේමුයි ඔවුහු පවසති.
30. තවද (ඔවුන්) ඔවුන්ගේ රබ්(පරමාධිපති)ගේ සංනිධානයෙහි නතර කරනු ලැබූ කල්හි නුඹ (ඔවුන්) දුටුවා නම් එවිට ඔවුන්ගේ රබ් පරමාධිපති ඔවුන්ගෙන් (විනිශ්චය දිනය වන) මෙය සත්‍ය නොවේ දැයි පවසයි. එසේයි අපගේ පරමාධිපතියාණෙනි! යැයි ඔවුහු කියති. (එවිට) එහෙයින් නුඹලා ප්‍රතික්ෂේප කිරීම හේතුකොට ගෙන දඩුවම ඖභාව කරනු යැයි ඔහු (පරමාධිපති) කියයි.
31. (විනිශ්චය දිනයේ) අල්ලාහ් හමුවීම බොරු යැයි කී අය ඇත්ත වශයෙන්ම පරාජිතයෝය. ඔවුන් වෙත (නොසිතු පරිදි ) ක්ෂණිකයෙන් (විනිශ්චය) කාලය එළඹුනහොත් ඔවුන් තම පවු තමන්ගේ පිටමත උසුලමින් අහෝ! ඛේදවාචකය මේ (දිනය) ගැන අප කොතරම් නොසැලකිලිමත් වුනා දැයි (විලාප දෙමින් ඔවුන්) කියනු ඇත. ඔවුන් ඉසුලු දැය ඉතා නපුරුය.
32. මෙලොව ජීවිතය කෙලි සෙල්ලමක් හා විනෝදයක් මිස නැත. සැබවින්ම (අල්ලාහ් කෙරෙහි) බියබතිමත් අයට පරලොව ඉතා හොඳය. (මෙය) නුඹලා වටහා නොහන්නෙහිද ?
33. (නබි මුහම්මද්! නුඹ බොරුකාරයෙකුයි) පවසන්නන්(ගේ වදන්) නියත වශයෙන්ම නුඹට දුක් දෙන්නක් බව අපි දනිමු. ඇත්තෙන්ම ඔවුන් නුඹව බොරු කාරයෙකු කරන්නේ නැත. එනමුත් අපරාධ කරන්නෝ අල්ලාහ්ගේ ආයාත් (අණපනත් – සංඥාවන් බොරු යැයි කියමින් ඒවා) ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.
34. (නබි මුහම්මද්!) නුඹට පෙරද රසුල්වරුන් බොරු යැයි කියනු ලැබූහ. එනමුත් තමා බොරු යැයි කියනු ලැබූ දෑ කෙරෙහිත් වද හිංසා කෙරෙහිත් අපගේ උදවු ඔවුන් වෙත පැමිණෙන තෙක් ඔවුහු ඉවසීමෙන් සිටියහ. (කිසිවෙකුටත්) අල්ලාහ්ගේ වදන් (නීතිය) වෙනස් කල නොහැකිය. (අපගේ) රසූල්වරයන්ගේ (මෙවැනි) තොරතුරු නියත වශයෙන්ම නුඹ වෙත පැමිණ ඇත.
35. ඔවුන්ගේ පැහැර හැරීම නුඹට බරක්වුවහොත් නුඹට හැකි නම් පොළොවෙහි උමඟක් කැන හෝ අහසට ඉණිමගක් තබා (ඔවුන් විශ්වාස කරවනු පිණිස) ප්‍රාතිහාර්යයක් ඔවුන් වෙත ගෙන එනු. අල්ලාහ්ට අභිමත වී නම් ඔවුන් සියල්ලම යහමගෙහි එක් රැස් කරන්නේමය. එනිසා නුඹත් ආඥානයන්ගෙන් (කෙනෙකු) නොවනු.
36. ඇත්තෙන්ම (නුඹගේ දහමට) සවන් දෙන්නෝ පමණක් එය පිලිනොගන්නෝ වෙති. මළවුන්ට නම් අල්ලාහ් (මළවුන් කෙරෙන් නැගිටුවන දිනයෙහි) ඔවුන් නැගිටුවන්නේමය. පසුව ඔවුහු (විනිශ්චය සඳහා) ඔහු වෙතම ආපසු ගෙන එනු ලබන්නෝය.
37. ඔහු(රසුල්වරයා)ට සිය පරමාධිපතිගෙන් කිසියම් ආයතය(සංඥාව)ක් පහල කරනු නොලැබුවේ මන්දැයි ඔවුහු කියති. සංඥාවක් පහල කිරීමට නියතවශයෙන්ම අල්ලාහ් ශක්තිමත් යැයි (නබි මුහම්මද්) පවසනු. එනමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් (ඊට පදනම් වූ ප්‍රඥාව වටහා ගැනීමට) නොදන්නෝය.
38. මහපොලොවෙහි (සැරිසරන) කුමන සත්වයෙකු වුවද, තම පියාපත් දෙකෙන් අහසේ පියාඹන කුමන පක්ෂියෙකු වුවද නුඹලා වැනි සමූහයන් මිස නැත. (නුඹලාගේත් ඔවුන්ගේත් ඉරණම නිර්ණය කිරීමේදී) ග්‍රන්ථයෙහි (ලව්හූල් මහ්ෆුල්) කිසිවක් අප අත්හැර නොඇත්තෙමු. (මරණයෙන්) පසුව තම රබ්(පරමාධිපති) කරා ඔවුහු (සියල්ල) එක්රැස් කරනු ලබන්නෝය.
39. තවද අපගේ සංඥාවන් බොරු යැයි සිතන්නෝ අන්ධකාරයන්හි සිටින ගොළු බිහිරි අය වෙති. (නොමඟ යන්නට) අල්ලාහ් අභිමත කරන අය නොමඟ යවන්නෝය. තවද ඔහු (අල්ලාහ්) අභිමත කරන අය සෘජු මාර්ගයෙහි (යොමු) කරන්නේය.
40. නුඹලාට අල්ලහ්ගෙන් වේදනාව පැමිණි විට හෝ අවසාන මොහොත නුඹලාට පැමිණි විට (පිහිට පතා) නුඹලා අල්ලාහ් නොවන දැයටද කන්නලව් කරන්නේ? නුඹලා සත්යවන්තයන් නම් (මෙයට පිළිතුරු දෙනු) යැයි (නබි මුහම්මද්) පවසනු.
41. එසේ නොවේ. ඔහුටය නුඹලා (පිහිට පතා) කන්නලව් කරන්නේ. එවිට ඔහුට අභිමත වේ නම් (ගලවා ගන්නා ලෙස) නුඹලා කන්නලව් කල දෙයින් ඔහු නුඹලා වළක්වන්නේය. තවද (එවිට) නුඹලා (දෙවියන් වශයෙන්) අල්ලාහ්ට ආදේශ කළ දෑ අමතක කරන්නෝය.
42. තවද නියත වශයෙන්ම නුඹට පෙර අපි බොහෝ ජන සමාජයන් වෙත(රසූල්වරුන්) යව්වෙමු. ඔවුන් නිහතමානිව (අපට) අවනත වන පරිදි අපි ඔවුන්ට නොයෙක් විපත්ති හා දුක් කම්කටොළු පැමිණ වූයෙමු.
43. අපගේ විපත්ති ඔවුන් වෙත පහළ වූ කළ ඔවුන් අවනත භාවයට පත් වියයුතු නොවේද ? නමුත් ඔවුන්ගේ සිත්පිත් දැඩි විය. ඔවුන් කරමින් සිටි දැය ෂයිතාන් ඔවුන්ට අලංකාර කළේය.
44. ඔවුනට එමගින් දේශනා කරන ලද දෑ ඔවුන් අමතක කළ විට අපි (සෞභාග්‍යයේ) සෑම දොරටුවක්ම ඔවුනට විවෘත කළෙමු. ඔවුනට දෙන ලද දැහි ඔවුන් ඉතා ප්‍රීතිමත් වූ විට අපි ක්ෂණිකයෙන් ඔවුන් ග්‍රහණය කළෙමු. එවිට ඔවුහු අපේක්ෂා භංගත්වයෙන් වූහ.
45. එහෙයින් අපරාධ කළ ජනයාගෙන් අන්තිමයා (වන තෙක්) මුලිනුපුටා දමනු ලැබීය. සියලු ප්‍රසංශා විශ්වයේ රබ්(පරමාධිපති) අල්ලාහ්ටමය.
46. අල්ලාහ් නුඹලාගේ ග්ශ්‍රවණය හා නුඹලාගේ දෘෂ්ඨිය ඉවත්කොට නුඹලාගේ හදවත් මුද්‍රා තැබුවා නම් ඒවා නුඹලාට අල්ලාහ් හැර (නැවත) ලබාදෙන දෙවියෙකු කවරකුදැයි නුඹලා සිතා බැලුවේදැයි (නබි මුහම්මද්) අසනු. අප (අපගේ) සඥාවන් කෙසේ (නැවත නැවතත්) ගෙන හැර දක්වන්නේදැයි (නබි මුහම්මද්) බලනු. ඉන්පසුද ඔවුහු එය (විශ්වාස නොකර) වැළකෙන්නෝය.
47. අල්ලාහ්ගේ දඩුවම නුඹලා වෙත ක්ෂණිකයෙන් හෝ එළිපිට පැමිණියා නම් (මිනිසුන් අතුරින්) අපරාධකාරයින් වූ ජනයා හැර (අන් කවරකු) විනාශ කරනු ලැබේවිදැයි නුඹලා සලකා බලා තිබේදැයි (නබි මුහම්මද්) අසනු.
48. (යහමග යන්නවුන්ට) ශුභාරංචි ගෙන එන්නන් වශයෙන්ද (අපරාධ කරුවන්ට) අනතුරු අඟවන්නන් වශයෙන් හැර (අපගේ) රසූල්වරුන් අපි පහළ නොකරන්නෙමු. එමනිසා කවරකු විශ්වාස කරමින් යහපත් ක්‍රියාවන් කරන්නේද ඔවුනට බියකුදු නැත. තවද ඔවුහු ලතවෙන්නොද නොවෙති.
49. අපගේ සංඥාවන් බොරු යැයි කියන්නේ කවරකුද ? ඔවුන් කළ සාපකාරි ක්‍රියාවන් හේතුකොට ගෙන දඩුවම් ඔවුන් කරා එයි.
50. මා වෙත අල්ලාහ්ගේ නිධානයන් තිබෙන්නේ යැයි නුඹලාට මම නොකියමි. ගුප්ත දෙයද මම නොදනිමි. තවද නියතවශයෙන්ම මා මලක්වරයෙකුයි නුඹලාට මම නොකියමි. මා වෙත වහී (ආවිශ්කාරයන්) මාර්ගයෙන් ලැබෙන දෑ පමණි මා අනුගමනය කරනුයේ යැයි (නබි මුහම්මද්) පවසනු. අන්ධයාත් ඇස් පෙනෙන්නාත් එක හා සමාන වේද ? නුඹලා සිතා බැලිය යුතු නොවේදැයි (නබි මුහම්මද්) පවසනු.
51. ඔවුනට ආරක්‍ෂකයා හෝ මැදිහත්වන්න වශයෙන් ඔහු (අල්ලාහ්) හැර (වෙනත් කෙනෙකු) නැතැයි (වටහාගත් තත්වයෙන්) තමන් තම රබ්(පරමාධිපති) වෙත නැවත රැස්කරනු ලබන බවට බිය වන අයට මෙම (වහී) මගින් අවවාද කරනු. මෙමගින් ඔවුන් අල්ලාහ්ට බියබතිමත් වන්නන් විය හැක.
52. (තම පරමාධිපති වන) ඔහුගේ ප්‍රසාදය තකා උදේ සවස ඔවුන්ගේ පරමාධිපතිට කන්නලව් කරන අය පලවා නොහරිනු. ඔවුන් කෙරෙහි විනිශ්චය ගැන නුඹ වෙත කිසිවක් පැවරී නැත. තවද නුඹ කෙරෙහි විනිශ්චය ගැන ඔවුන් වෙතද කිසිවක් පැවරී නැත. එහෙයින් නුඹ ඔවුන් පළවා හැරියේ නම් නුඹද අපරාධ කරුවන්ගෙන් (කෙනෙකු) වන්නේය.
53. මෙසේම ඔවුන්ගෙන් සමහරෙකු (තවත්) සමහරෙකු ලවා පරීක්ෂා කෙළෙමු. අප අතරින් අල්ලාහ් උදවු කළවුන් මේ අය දැයි ඔවුන් කියන පරිදිය. කෘතගුණ දත් අය ගැන අල්ලාහ් ඉතා හොඳින් දන්නෙහිය.
54. අපේ ආයාත් (වදන්) විශ්වාස කරන අය නුඹ වෙත පැමිණියහොත් නුඹලාට ශාන්තිය අත්වේවා නුඹලාගේ රබ්(පරමාධිපති) දයාලු භාවය තමා කෙරෙහිම පවරා ගත්තේය. (එමනිසා) නුඹලාගෙන් යමෙක් නොදැනීමෙන් නරක ක්‍රියාවක් කොට පසුව එයින් පසුතැවිලි වී තමා හැඩගස්වා ගන්නේද? ඇත්තෙන්ම (ඔහුට) ඔහු(අල්ලාහ්) ක්ෂමාශීලී හා පරමදයාබර වේ යැයි (නබි මුහම්මද්) පවසනු.
55. වැරදිකරුවන් යන මග පැහැදිලි වීම පිණිස අපි මෙසේ (අපගේ) සංඥාවන් විස්තර(ව විදහා) පෙන්වමු.
56. නුඹලා අල්ලාහ් හැර නැමදීම (කන්නලව්) කරන දැය නමදුම් කිරීමෙන් නියතවශයෙන්ම මා (අල්ලාහ් විසින්) වලක්වනු ලද්දෙමියි (නබි මුහම්මද්) පවසනු. මම නුඹලාගේ අරමුණු අනුගමනය නොකරමි. මා එසේ (අනුගමනය) කළහොත් නියතවශයෙන්ම මම නොමග ගියවුන්ගෙන් (කෙනෙක්) වන්නෙමි. (එසේ වී නම්) මම නිසි මග ගියවුන්ගෙන් (කෙනෙක්) නොවන්නෙමියි (නබි මුහම්මද්) පවසනු.
57. නියත වශයෙන්ම මම මාගේ රබ්(පරමාධිපති)ගෙන් (පහළ වූ පැහැදිලි) සාක්ෂිය මත වන්නෙමි. නුඹලා එය බොරු යැයි කීහ. නුඹලා කුමන දෙයක් (දඩුවම) වෙත ඉක්මන් වන්නෙහිද එය මා වෙත නැත. විනිශ්චය දීමේ (සියලු) බලය අල්ලාහ්ට මිස වෙන කිසිවෙකුට නැත. ඔහු සත්‍යය ප්‍රකාශ කරයි. විනිශ්චය කරුවන්ගෙන් ශ්‍රේෂ්ඨ (විනිශ්චයකරු) ඔහුමය.
58. නුඹලා ඉක්මන් වනදේ (දඩුවම) නියතවශයෙන් මා ළඟ තිබේ නම් නුඹලා අතරත් මා අතරත් (තිබෙන) ප්‍රශ්නය විසදනු ලැබ ඇත. අපරාධ කරුවන් (කවුරුන්දැයි) නියත වශයෙන් අල්ලාහ් හොඳින් දනීයැයි (නබි මුහම්මද්) පවසනු.
59. ගුප්ත (දේ පිලිබඳ) යතුරු ඇත්තේ ඔහු වෙතය. ඔහු හැර වෙන කිසිවෙක් එය නොදනී. තවද ගොඩබිමෙත් සාගරයේත් (පවතින සෑම) දෑ ඔහු දනී. ඔහු නොදැනුවත්ව (ගසකින්) කොළයක්වත් නොහැලේ. පොලොව තුල ඝන අදුරෙහි වූ (ඉතා කුඩා) බීජයද තෙත්ව ඇති දැයද වියලි දැයද පැහැදිලි (සටහන් -ලව්හුල් මහ්ෆුල්) පොත්හි සටහන් නොවී නොඇත.
60. රාත්‍රියෙහි (නුඹලා නිදන කල්හි ) නුඹලාගේ ප්‍රාණය ආපසු කැඳවා ගන්නේ ඔහුමය. නුඹලා දිවා කාලයේ කරන දේ ගැන ඔහු දනියි. අනතුරුව නුඹලාට නියමිත පරමායුෂය සම්පූර්ණ කරවීම සඳහා (දිවා කාලය වන) එහි ඔහු නුඹලාව නැවත (නින්දෙන්) නැගිටුවන්නේය. ඉන්පසු නුඹලාගේ නැවත පැමිනීම ඔහු වෙතමය. අනතුරුව නුඹලා කරමින් සිටි දේ ඔහු නුඹලාට දන්වන්නේය.
61. ඔහුමය තම ගැත්තන් කෙරෙහි (උත්තරීතර අණසක පතුරුවන) තේජෝබල සම්පන්නා. තවද ඔහු (නුඹලාගේ මරණය පැමිණෙන විට) නුඹලාට ආරක්ෂකයින් (මලක්වරු) පහළ කරන්නේය. (එවිට නුඹලාගෙන් කෙනෙකුට මරණය පැමිනිය හොත්) අපගේ (සුර)දූතයෝ ඔහුව මරුමුවට පත්කරන්නෝය. ඔවුහු (තම කාර්යය ඉටු කිරීමෙහිලා අල්ප මාත්‍ර වූද) අතපසු කිරීමක් සිදු නොකරති.
62. පසුව (ඔවුහු සියල්ලෝම) ඔවුන්ගේ සැබෑ ස්වාමි වූ අල්ලාහ් වෙත ආපසු ගෙන එනු ලබති. (විනිශ්චය කොට තීන්දුව දීමේ සම්පූර්ණ) බලය ඔහුටමයැයි නිරීක්ෂණය කිරීමෙහිලා ඔහු ඉතා වේගවත්ය.
63. ඔහු අප මෙයින් මුදවාගතහොත් නියතවශයෙන්ම අපි කල ගුණ සළකන්නන්ගෙන් වෙමුයි බිය බැතියෙන් හා බැගෑපත්ව නුඹලා කන්නලව් කරන විට මහපොලොවෙහි හා සමුද්‍රයෙහි ඇති අදුරෙන් නුඹලා මුදවාගන්නේ කව්රුදැයි (නබි මුහම්මද්) අසනු.
64. මෙයින්ද (මෙම විපතින්ද) අන් සියලු දුක් කම්කටොළුවලින්ද නුඹලා මුදවා ගන්නේ අල්ලාහ්මය. පසුව නුඹලා ඔහුට) සමානයන් තබන්නේහුයැයි (නබි මුහම්මද්) පවසනු.
65. නුඹලාට ඉහළින හෝ නුඹලාගේ පාදවල්වලට යටින් හෝ නුඹලාට (කිසියම්) දඩුවමක් පහළ කිරීමට නැතහොත් නුඹලාව විවිධ වර්ගයන්වලට වෙන්කර ඇතැමකුගේ සැහැසිකම් නුඹලාගෙන් ඇතැමකුට විදීමට (යුද්ධය ඇතිකර සටන් කිරීමට ඉඩ තැබීමටත්) ඔහු බල සම්පන්නය. ඔවුන් (සත්‍යය) වටහා ගැනීම පිණිස (අපගේ) සංඥාවන අප කෙසේ පැහැදිලි කරන්නේ දැයි සිතා බලනු.
66. එය (අල් – කුර්ආනය) සත්‍යව තිබියදීත් නුබේ ජනයා එය ප්‍රතික්ෂේප කරති. මා නුඹලාට වගකීව යුත්තේ නොවේ දැයි (නබි මුහම්මද්) පවසනු.
67. සෑම නිවේදනයක් සඳහාම නියමිත කාලයක් ඇත. නුඹලා එය ඉදිරියේදී දැනගන්නේය.
68. අපේ ආයාත් (අල් කුර්ආන් වාක්‍යයන්) ගැන විතර්කයෙහි ගිලෙන අය නුඹ දකී නම් එවිට එය හැර (වෙන) විෂයයන්හි ඔවුන් ගිලෙනතෙක් ඔවුන්ගෙන් මග හැර යනු. තවද ෂයිතාන් නුඹට (මෙය) අමතක කරවූවා නම් (නුඹට නුඹේ වැරැද්ද) වැටහුණු පසු වැරදි කරන පිරිස සමග අසුන් නොගනු.
69. (අල් කුර්ආන් වදන් පිළිබඳව විතර්කයේ යෙදීමෙන්) වැලකෙන්නන් වෙත (එවැනි විතර්කයේ ගිලෙන) ඔවුන්ගේ විනිශ්චය පිළිබඳව කිසිඳු වගකීමක් (පැවරී) නැත. එනමුත් (විතර්කයේ යෙදෙන්නන් වන) ඔවුන් එයින් වලක්වනු පිණිස මතක කිරීම (විතර්කයේ වැලකෙන්නන්ගේ යුතුකම)වේ.
70. තමන්ගේ දහම ක්‍රීඩාවක් ලෙසද විනෝදයක් ලෙසද ගත අයද ලෞකික ජීවිතය කවරකු මුළා කළේද, ඔවුන්ද අතහැර දමනු. කෙනකු (තමා) සපයාගත් දැය හේතුකොට ගෙන විනාශයට පත් නොවන පිණිස එයින් (අල්-කුර්ආනයෙන්) නුඹ එයට අනුශාසනා කරනු. (පීඩාවට පත වනවිට) අල්ලාහ් හැර එයට ආරක්ෂකයකු හෝ මැදිහත් වන්නකු නැත. එය සියලු දෑ වන්දියක් ලෙස ගෙව්වත් එයින් එ(ම වන්දි)ය භාර ගනු නොලැබේ . ඔවුහුමය තමා සපයාගත් දැය හේතුකොටගෙන විනාශය කරනු ලබන්නෝ. ඔවුන් (සත්‍ය) ප්‍රතික්‍ෂේප කල බැවින් ඔවුනට (බීමට) කැකෑරෙන ජලයද වේදනා සහගත වද හිංසාවද ඇත.
71. අල්ලාහ් හැර අපට කිසිම පිහිටක් නොවන හා අපට කිසිම හානියක් නොකරන (අන්) අයට අප කන්නලව් කරන්නෙමුද ? තවද යහමග සඳහා අප වෙත එන්නැයි ඔහුට අඩගසන යහළුවන් සිටියදී ෂෙයිතානුන් පෘථිවියෙහි මංමුලා කල අයකු මෙන් අල්ලාහ් අපට මාර්ගෝපදේශය දැක්වූ පසු අපගේ විලුඹ මත අපි හරවනු ලබන්නේමුදැයි (නබි මුහම්මද්) පවසනු. නියත වශයෙන්ම නියම මග පෙන්වීම වනුයේ අල්ලාහ්ගේ මගපෙන්වීමයි තවද සර්ව ලෝක රබ්(පරමාධිපති) වූ අල්ලාහ්ට අප කීකරු විය යුතුයැයි අපට අණ කරනු ලැබ ඇත්තෙමු (යිද නබි මුහම්මද් පවසනු.)
73. තවද ඔහු (අල්ලහ්)මය, අහස්ද මහපොලොවද සත්‍ය පදනම් කරමින් නිර්මාණය කළේ. (සිදු) වනුයි ඔහු පවසන දිනයේ (මළවුන් කෙරෙන් නැගිටුවීම ඔවුන් එක්රැස් කිරීම ආදී) සිදුවනු ඇත. ඔහුගේ වචනයයි සැබෑ සත්‍යය වන්නේ. සූර් (හොරනෑව) පිඹිනු ලබන දින (සියලු) ආධිපත්‍යයන් ඔහු සතුවේ. (මිනිසුන්ට නොවැටහෙන) ගුප්ත (දේ) ගැනද දදෘෂ්‍යමාන (දේ) ගැනද ඔහු දන්නේය. තවද ඔහු සර්ව ප්‍රඥායය, සර්වඥයය.
74. ප්‍රතිමාවන්ද නුඹ දෙවිවරුන් වශයෙන් ගන්නේ ? නුඹද, නුඹගේ පිරිසද පැහැදිලි දුර්මාර්ගයේ සිටිනු බව නියත වශයෙන්ම මම දකිමියි ඉබ්‍රාහිම් තම පියා වූ ආzසර් අමතා පැවසූ (අවස්තාව සිහි කරනු)
75. එසේම අපි ඉබ්‍රාහිම්ට අහස්හිද මහපොළොවෙහිද රාජ්‍ය ස්වභාවය පෙන්වුවෙමු. ඒ ඔහු ස්ථිරවන්නන්වුන්ගෙන් කෙනකු වනු පිණිසය.
76. ඔහු (ඉබ්‍රාහිම්) වටා රෑ බෝ වුනු කල්හි ඔහු තරුවක් දැක මේ මාගේ රබ් පරමාධිපති යයි කීවේය. ඒ (තරුව) අස්ත වූ කල්හි අස්තවන්නන් මම ප්‍රිය නොකරන්නෙමියි ඔහු කිවේය.
77. ඉන්පසු හඳ බැබලෙන දුටු ඔහු මේ මාගේ රබ්(පරමාධිපති) යයි කීවේය. එය අස්ත වූ කල්හි මාගේ රබ්(පරමාධිපති) මට යහමග නොපෙන්වුවහොත් දුර්මාර්ගයේ යන ජනතාවගෙන් නියත වශයෙන් මමද කෙනෙක් වන්නෙමියි කිවේය.
78. අනතුරුව හිරු ප්‍රභාවත්ව බැබලෙනු දුටු ඔහු මේ මාගේ රබ්(පරමාධිපති)ය. මෙය ඉතා විශාලය යයි කිවේය. එය අස්ත වූ කල්හි මාගේ ජනතාවනි! නුඹලා (අල්ලාහ්ගේ) ආදේශනය කරන දැයින් ඇත්තෙන්ම මම වෙන් වුනේමියි කිවේය.
79. අහස්ද පොළොවද නිර්මාණය කළාවූ ඔහු වෙත සෘජු ප්‍රතිපන්නව දුර්මාර්ගය හැර දමා සත්මාර්ගයෙහි නියත වශයෙන්ම මාගේ මුහුණ හැරෙව්වෙමි. තවද මම ආදේශ කරන්නන්ගෙන් (කෙනෙක්) නොවෙමි (යිද ඔහු කීවේය.
80. එවිට ඔහුගේ ජනයා ඔහු සමග තර්ක කළහ. එයට ඔහු නියත වශයෙන්ම ඔහු (අල්ලාහ්) මා යහමග කල කල්හි මා සමග නුඹලා අල්ලාහ් හැර විවාද කරන්නහුද ? තවද මාගේ රබ්(පරමාධිපති) – (මට විපතක් කිරීමට) අභිමත වුයේ නම මිස නුඹලා ආදේශන කරන (කිසි) දැයකට (මට හානියක් කිරීමට පුළුවන් යයි) මම බිය නොවන්නෙමි. මාගේ පරමාධිපති සියලු දෙය වටා දැනීමෙහි ඉතා ව්යාප්තය. නුඹලා මෙනෙහි නොකරන්නේහුදැයි (ඔහු) කීවේය.
81. තවද නුඹලා අල්ලාහ්ට ආදේශය කරන දැය ගැන මම කෙසේ බිය වන්නෙම්ද ? ඔහු (අල්ලාහ්) නුඹලාට ඒ ගැන බලයක් පහළ නොකර තිබියදීත් නුඹලා නියත වශයෙන්ම අල්ලාහ්ට ආදේශ කිරීම ගැන නුඹලා බිය නොවන්නෙහිද . (එමනිසා අප) දෙපක්‍ෂයෙන් කුමන පක්ෂයද බියෙන් මිදීමට ඉතා සුදුසු දැයි නුඹලා දැන සිටින්නාහු නම් (කියනු)
82. විශ්වාස කර තමන්ගේ විශ්වාසය ආදේශනයේ තැබීමෙන් මිශ්‍ර නොකලවූ ඔවුහු (කවරකුද) ඔවුන්ටමය බියෙන් මිදීම(ට සුදුසුකම ඇත්තේ) තවද ඔවුහුමය යහමග ලද්දෝ.
83. මෙය අපගේ තර්කයයි ඒවා අපි ඉබ්‍රාහිම්ට ඔහුගේ ජනයාට එරෙහිව ප්‍රදානය කළෙමු. අපට අභිමත අය (උසස්) තත්වයන්ට අපි පත කරමු. නියත වශයෙන්ම නුඹගේ රබ්(පරමාධිපති) සර්වඥය, සර්වප්‍රාඥය.
84. අපි ඔහු(ඉබ්‍රාහිම්)ට ඉස්හාක්ද යහ්කූබ්ද ප්‍රදානය කළෙමු. (ඔවුන්) දෙදෙනාම අපි යහමග කළෙමු. මෙයට පෙර අපි නුහ්ද යහමග කළෙමු. තවද ඔහුගේ සංහතියෙන් වූ දාවුද්ද සුලෛමාන්ද අය්යුබ්ද යුසුෆ්ද මූසා ද හාරූන් ද (යහමග කළෙමු) ධාර්මික ජනයාට මෙලෙස අපි තිලින පිරිනමමු.
85. සකරිය්යාද යහ්යාද ඊසාද ඉල්යාස්ද (යහමග කළෙමු. මේ) සියල්ලන්ම යහකම් කාන්නවුන්ගෙන්ය.
86. ඉස්මායිල්ද අල් යසඋද යුනුස්ද ලුත් ද (යහමග කළෙමු.) මේ සියල්ලන්ම ලෝ වැසියන් අතර උසස් කළෙමු.
87. තවද ඔවුන්ගේ පියවරුන්ගෙන්ද ඔවුන්ගේ සංහතියන්ගෙන්ද ඔවුන්ගේ සහෝදරයින්ගෙන්ද (නොයෙක් අය අපි උසස් කළෙමු) තවද අපි ඔවුන් තෝරාගෙන ඔවුන් සෘජු මාර්ගය වෙත පත් කළෙමු.
88. (මෙවන් සියල්ලන්ම ගමන කළ) එය අල්ලාහ්ගේ යහමගයි තම ගැත්තන්ගෙන් තමාට අභිමත කෙනකුට එමගින් ඔහු යහමග පෙන්වන්නේය. තවද ඔවුන් (අල්ලාහ්ට) ආදේශනයන් තැබුවා නම් ඔවුන් කළ (යහපත්) දේ ඔවුන්ගෙන් මැකී යන්නේය.
89. අප ධර්ම ග්‍රන්ථයන් විනිශ්චයත් නබිත්වයත් පිරිනැමූ අය වන්නේ ඔවුහුමය. ඔවුන් එය ප්‍රතික්ෂේප කළහොත් එවිට ඒවා ප්‍රතික්ෂේප නොකරන ජනතාවක් එයට නියතවශයෙන් අපි පත් කරන්නෙමු.
90. (නබි මුහම්මද්!) අල්ලාහ් යහමග පෙන්වූ අය වන්නේ ඔවුහුමය. එබැවින් නුඹ(ද) ඔවුන්ගේ යහමග අනුගමනය කරනු. නුඹලාගේ ඒ (යහමග පෙන්වීම) සඳහා පඩුරක් මම නොඉල්ලමි. නියත වශයෙන්ම එය ලෝක වාසීන්ට සිහිපත් කිරීමක් මිස නැතැයි පවසනු.
91. තවද අල්ලාහ් කිසිම මිනිසෙකු වෙත කිසිවක් පහළ නොකළැයි ඔවුන් පැවසූ කල්හි අල්ලාහ් පිළිබඳව ඔවුහු සැබෑ ලෙස තක්සේරු නොකළෝය. ආලෝකය ගෙන දෙන්නාවූද මිනිසුන්ට යහමග පෙන්වන්නවුද මූසා ගෙන ආ එම ධර්ම ග්‍රන්ථය පහළ කලේ කවුරුද ? (නමුත්) නුඹලා එය කඩදාසිවලට පත්කොට එයින් (ස්වල්පයක්) හෙළිදරව් කරන්නෝය. (එයින්) වැඩි කොටසක් සඟවා තබන්නොය. (තවද) නුඹලාත් නුඹලාගේ පියවරුන් නොදන්නා දේ (එමගින්) නුඹලාට උගන්වනු ලැබුවේදැයි (නබි මුහම්මද්) පවසනු. (එය පහළ කළේද) අල්ලාහ් යැයි පවසනු. පසුව ඔවුන්ගේ නිරර්ථක විවාදයෙහි ඔවුන්ව ගිලෙන්නට ඉඩ හරිනු.
92. (එම ධර්ම ග්‍රන්ථය මෙන්ම) මෙයද ධර්ම ග්‍රන්ථයකි. අපමය මෙය පහළ කළේ. (මෙය) සෞභාග්‍යයෙන්සපිරිවුද එයට පෙර පැමිණි (දහම් ග්‍රන්ථයන්) සත්‍ය කරන්නක්ද වේ. (එම නිසා මෙමගින්) නුඹ නගරයන්ගේ මාතා(මක්කාහ්)වද ඒ අවට සිටින අයටද අවවාද කරනු. තවද පරලොව විශ්වාස කරන්නෝ එය (අල් කුර්ආනය ) බව විශ්වාස කරති. තවද ඔවුහු තම සලාතයන් (යාඥාවන්) අඛණ්ඩව රකින්නෝය.
93. තවද අල්ලාහ්ට එරෙහිව බොරු ගෙතු අයට වඩා හෝ තමාට වහී (ආවිශ්කාරය) කිසිවක් පහළ නොවී තිබියදී මට වහී පහළ වුයේදැයි පවසන අයට වඩා හෝ අල්ලාහ් පහළ කළ දේ මෙන් මමද පහළ කරමියි යනුවෙන් පවසන අයට වඩා අපරාධකරුවෙක් කවරෙක්ද ? අපරාධකරුවන් මරණයේ අභියස සිටින කල්හි මලක්වරු තම අත් දිගුකරමින් නුඹගේ ප්‍රාණය බැහැර කරව්. අල්ලාහ් කෙරෙහි සත්‍ය නොවන දේ නුඹ පවසමින් සිටි බැවින්ද ඔහුගේ ආයාත් (අණ පනත්) පිළිබඳව නුඹලා (විශ්වාස නොකර) උඩගු වූ බැවින්ද අද දින නුඹට නින්දා සහගත දඩුවම් විපාකය වශයෙන් දෙන ලද්දේ යැයි (පවසති)
94. (තවද අල්ලාහ් මෙසේ පවසයි) අප නුඹලාට පිරිනැමූ දෑ නුඹලා පසුපසට දමා අප නුඹලා පළමුවන අවස්ථාවේදී මැව්වා සේ නුඹලා අප වෙත තනිව පැමිණ ඇත. (නුඹලාගෙ ඉරණම හැඩගැසීමෙහිලා) ඔවුන් නුඹලාට සහායවන බවට නුඹලා විශ්වාස කළ නුඹලාගේ අතරමැදියන් (දැන්) නුඹලා ඇසුරෙහි (සිටින බව) අපි නොදකිමු. නියත වශයෙන්ම නුඹලා අතර (වූ සියල්ලම සම්බන්ධයෙන් ) සිඳලි ඇත. නුඹලා සිතාගෙන සිටි දෑ නුඹලා හැර දමාගොස් ඇත.
95. නියත වශයෙන්ම ධාන්‍ය බීජ හා පලතුරු ඇට අංකුර ලන්නේ අල්ලාහ්ය. ඔහු අජීවයෙන් ජීවය බිහි කරයි. තවද ජීවයෙන් ආජීවය බිහි කරන්නාද වේ. මේ (සියල්ලක්ම කරන්නේ) අල්ලහ්ය. (එසේ නම්) නුඹලා මං මුළා කරවනු ලබන්නේ කෙසේද ?
96. (රාත්‍රියේ තිරය තුලින්) අරුණාලෝකය දිස්වීමට සලස්වන්නා ඔහුය. ඔහු රාත්‍රීය විවේකය සඳහාද ඉර හද (උදාවීම හා බැස යාම) වෙලාව නිර්ණය කිරීම සඳහාද නියම කර ඇත. මේ (සියලු දෙයක්ම) සර්ව බලධාරී හා සර්වප්‍රඥායන්ගගේ නියමය වේ.
97. ගොඩබිම හා මුහුදේ (පවතින නොයෙක් අන්දමේ) අදුරින් නුඹලාට මාර්ගය සොයා ගැනීම පිණිස නුඹලාට තාරකාවන් බිහි කළේ ඔහුමය. නියත වශයෙන්ම දැනුමැති පිරිසට අපගේ සංඥා අපි පැහැදිලි කළෙමු.
98. එක් ජීවයකින් නුඹලා ඇති කළේ ඔහුමය. ඉන්පසු නැවතුම් තැනක් හා සුරැකුම් තැනක් (නුඹලා එකිනෙකාට) ඇත. අවබෝධය ඇති ජනයාට නියත වශයෙන් අපි (අපගේ) ආයාත් (සංඥාවන්) පැහැදිලි කළෙමු.
99. අහසින් (වැසි) දිය පහළ කළේ ඔහුමය. එමගින් සෑම වර්ගයකම පැලැටි අපි හෙළි කරන්නෙමු. පසුව එයින් හරිත (කෙත්වතු) අපි හෙළි කරන්නෙමු. එමගින් ඝනව වැඩෙන ධාන්‍ය (විශේෂයන්) උත්පාදනය කරන්නෙමු. තවද පොකුරු පොකුරු ලෙස සමීපයෙන් එල්ලෙන එහි කෝෂයන්ගෙන් යුත් රට ඉදි කේත්ද මිදිවතුද ඔලිව්(රට වෙරළු)ද දෙළුම් ද අපි හෙළි කරන්නෙමු. (පෙනුමෙන් එකිනෙකට) සමාන වුත් (රසයෙන්) වෙනස් වුත්, ඵල දරන විට ඵල දරන සැටිද එම පලතුරු පැසි මුහුකුරා යන සැටිද බලනු. විශ්වාස කරන ජනයාට නියත වශයෙන්ම මෙහි ආයාත් (සංඥාවන්) ඇත.
100. නමුත් ඔවුහු (ප්‍රතික්ෂේපකරුවෝ) ජින්වරුන්ව අල්ලාහ්ට කොටස්කරුවන් කලෝය. (සත්‍යය නම්) ඔහුමය (අල්ලාහ්) ඔවුන් (ජින්වරුන්) නිර්මාණය කළේ. එමෙන්ම දැනුම රහිතව ඔවුහු ඔහු(අල්ලාහ්)ට පිරිමි හා ගැහැණු දරුවන් ඇති බව උපකල්පනය කරති. ඔවුන් (මෙසේ) ආරෝපණය කරන දෙයින් ඔහු (අල්ලාහ්) පාරිශුද්ධය.
101. (පෙර උදාහරණයක් රහිතව) අහස්වලද මහපොලොවෙහිද නිර්මාතෘ ඔහු(අල්ලාහ්)ය. ඔහුට බිරිදක් නැතිකළ ඔහුට පුතෙකු පවතිනුයේ කෙසේද? ඔහු සියලු දෙයම නිර්මාණය කළේය. තවද ඔහු සියලු දේ පිළිබඳ සර්වඥය.
102. ඒ (සියල්ල නිර්මාණය කළේ) අල්ලාහ්ය. ඔහු නුඹලාගේ රබ්(පරමාධිපති)ය. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. සියල්ලන්ගේ නිර්මාතෘ ඔහුය. එබැවින් නුඹලා ඔහුට ඉබාදත් කරනු. (අවනත වනු) සෑම දෙයකම භාරකරු ඔහුමය.
103. (කිසිදු) දෘෂ්ඨිය(න්) ඔහු ග්‍රහණය නොකරයි. ඔහු සියලු දෘෂ්තියන් ග්‍රහණය කරයි. ඔහු විචක්ෂණශීලිය. සර්ව ඥානීය.
104. නියත වශයෙන්ම නුඹලා වෙත නුඹලාගේ රබ්(පරමාධිපති) ගෙන් සලකුණු පැමිණ ඇත. එම සලකුණෙන් කිසිවෙකු ප්‍රයෝජන ගන්නේ නම් එය ඔහුට (යහපත වන්නේ)මය. යමකු (එය නොසලකා ) අන්ධයෙකු වුවහොත් එය ඔහුට (අයහපත් වන්නේ)මය. (අල්ලාහ්ගේ නබි වන) මම නුඹලා රැකබලා ගන්නා භාරකාරයෙක් නොවෙමි.
105. මේවා (අල්ලාහ් හැර වෙනත් කෙනකුගෙන්) නුඹ ඉගෙන ගන්නේ ඇයි. ඔවුන් පවසන පරිද්දෙන්ද නැණවතුන්ට අප එය (සත්‍ය) පැහැදිලිව දක්වන පරිද්දෙන් (අපේ) ආයාත් (වදන්-නැවත නැවතත්) මෙසේ වෙනස් අයුරින් ප්‍රකාශ කරමු.
106. (එබැවින්) නුඹගේ රබ්(පරමාධිපති) විසින් නුඹ වෙත පහල කරන ලද දෑ පිලිපදිනු. ඔහු හැර වෙනත් දෙවියකු නැත. මුෂ්රික්වරුන්ව (ඔබේ ඇසුරෙන්) බැහැර කරනු.
107. අල්ලාහ්ට අභිමත වූයේනම් ඔවුහු ආදේශනයක් නොකරති. තවද අපි නුඹව ඔවුන්ගේ රැකබලාගන්නකු ලෙස පත නොකළෙමු. තවද නුඹ ඔවුනට භාරකාරයකු නොවේ.
108. (විශ්වාසවන්තයිනි!) අල්ලාහ් හැර ඔවුන් කන්නලව් කරන (අන්) අයට නුඹලා පරිභව නොකරනු. මන්ද (නුඹලා එසේ කළා නම්) ඔවුහු අඥානකමින් අල්ලාහ්ට ද්වේශ සහගතව පරිභව කරති. මෙසේ හැම පිරිසකටම ඔවුන්ගේ ක්‍රියාවන් අප අලංකාර කළෙමු. පසුව ඔවුන්ගේ රබ්(පරමාධිපති) වෙතය ඔවුන්ගේ යලි පැමිණීම. එවිට ඔවුන් කරමින් සිටි දේ ගැන ඔහු(අල්ලාහ්) ඔවුනට දන්වන්නේය.
109. තමන් වෙත සංඥාවක් පැමිණියේ නම් එය (සංඥාව) විශ්වාස කරන බවට ඔවුහු අල්ලාහ්ගේ නාමයෙන් තරයේ දිවුරා පවසති. (නබි මුහම්මද්) සංඥාවන් (පෙන්වීමේ හැකියාව) අල්ලාහ් වෙතමයි පවසනු. (විශ්වාසවන්තයිනි) නියත වශයෙන්ම එය (සංඥා) ලැබුනත් ඔවුහු ඊමාන් (විශ්වාස) නොකරතියි යන්න නුඹලාට වටහා දෙන්නේ කුමක්ද ?
110. පළමු වරටම ඔවුන් විශ්වාස නොකළාක් මෙන්ම ඔවුන්ගේ සිත හා ඔවුන්ගේ දෘෂ්ඨියන් (සත්‍යයෙන්) ඉවත් කරන්නෙමු. තවද තමන්ගේ වැරදි ක්‍රියාවල අන්ධයන් ලෙස සැරිසැරීමට අපි ඔවුනට ඉඩ හරින්නෙමු.
111. ඔවුන් වෙත අපි මලක්වරුන් පහල කලත් මළවුන් ඔවුන් සමග කථා කලත් සියලු දේ ඔවුන් අභියස අප රැස් කලත් අල්ලාහ්ට අභිමත වුයේ නම් මිස ඔවුහු විශ්වාස නොකරන්නොමය. එහෙත් ඔවුන්ගෙන් වැඩිදෙනෙක් එය නොසලකා හරින්නෝය.
112. මෙසේ එක් එක් නබිවරයකුට මනුෂ්‍ය වර්ගයා අතුරින්ද ජින්වර්ගයා අතුරින්ද සතුරන් වශයෙන් ෂෙයිතානුන් සැලස්සුවෙමු. ඔවුන්ගෙන් ඇතැමෙක ඇතැමකුට මුලා බස් පළ කරන්නෝය. නුඹගේ රබ්(පරමාධිපති)ට අභිමත වුයේ නම් ඔවුහු එය නොකරති. එබැවින් ඔවුන්වද ඔවුන් ගෙතු බොරුවද (අත) හැර දමනු.
113. (එවිට) පරලොව ගැන විශ්වාස නොකරන්නන්ගේ සිත් එය (රැවටිලි කථාව)ට මුළාවනු පිණිසද ඔවුන් එයට බෙහෙවින් සතුටු වන පිණිසද ඔවුන් උපයා ගැනීමට අපේක්‍ෂිත දැය උපයා ගැනීම පිණිසද
114. ඔහු සම්පූර්ණ විස්තර සහිත ධර්ම ග්‍රන්ථය නුඹලා වෙත පහළ කර තිබියදී මා අල්ලාහ් නොවන වෙනත් විනිශ්චයකාරයකු සෙවිය යුතුද ? (නුඹට පෙර) අප (විසින්) ඔවුනට ධර්ම ග්‍රන්ථය (ලබා) දුන් අය එය (අල්-කුර්ආනය) සත්‍ය සහිතව නුඹගේ රබ්(පරමාධිපති) විසින් පහළ කරන ලද බව දනිති. එනිසා නුඹ සැකකරන්නවුන් ගෙන් කෙනකු නොවනු.
115. සත්‍ය හා යුක්තිය සම්භන්ධයෙන් නුඹගේ රබ්(පරමාධිපති)ගේ වචනය අංග සම්පූර්ණ වුවකි. ඔහුගේ වචන වෙනස් කරන්න(ට සමත)කු නැත. ඔහු සර්වශ්‍රාවකය. සර්වඥය.
116. තවද (නබි මුහම්මද්!) නුඹ මෙලොව (වෙසෙන) අයගෙන් බහුතරයන්ට කීකරු වුවහොත් ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයෙන් නුඹ නොමගට පමුණු වන්නෝය. ඔවුහු අනුමානය අනුගමනය කරන්නෝ මිස නැත. තවද ඔවුහු ප්‍රලාප දොඩන්නෝ මිස නැත.
117. ඔහු(අල්ලාහ්)ගේ මාර්ගයෙන් (සිට) නොමග යන්නවුන් ගැන නියත වශයෙන්ම මැනවින් දන්නේ නුඹගේ රබ්(පරමාධිපති) වන ඔහුමය. තවද සෘජු මාර්ගයේ සිටින්නවුන් ගැනද ඔහු ඉතා හොදින් දනියි.
118. නුඹලා ඔහුගේ ආයාත් (අනපනත්) විශ්වාස කරන්නවුන් නම් (කෑම සඳහා සතකු මරණ විට) අල්ලාහ්ගේ නම උච්චාරණය කරන ලද දෙයින් පමණක් නුඹලා අනුභව කරනු.
119. නුඹලා බෙහෙවින්ම අසරණ වූ තත්වයකදී මිස නුඹලාට (අනුභව කිරීමට) තහනම් කල දෑ ගැන ඔහු (අල්ලාහ්) නියතවශයෙන්ම නුඹලාට පැහැදිලි කර ඇත. (එනිසා ඝාතනය කරන විට) ඔවුන් ඒ සඳහා අල්ලාහ්ගේ නම උච්චාරණය කරන ලද දෙයින් නුඹලා අනුභව නොකර සිටින්නේ මන්ද ? බොහෝ දෙනා කිසිම දැනුමක් නැතිව තම කැමැත්ත පරිදි (හිතුවක්කාර කමට) මිනිසුන් නොමග යවති. සීමාව ඉක්මවා යන්නන් පිළිබඳ නියත වශයෙන්ම නුඹගේ රබ්(පරමාධිපති) ඉතා හොඳින් දනිති.
120. ප්‍රසිද්ධ පාපයද රහසිගත පාපයද හැර දමනු. නියත වශයෙන්ම මෙලොවදී පාපය උපයාගත් අයට ඔවුන් උපයාගත් දේ හේතුකොට ගෙන ඔවුනට (පරලොවදී) ඵල විපාක දෙනු ලැබෙනු ඇත.
121. (ඝාතනය කරන විට) ඒ සඳහා අල්ලාහ්ගේ නම නුසුරන ලද දෙයින් අනුභව නොකරනු. එ(ම ක්‍රියාව)ය පාපයකි. නියත වශයෙන්ම ෂෙයිතානුහු නුඹලා සමග විවාද කිරීමට ඔවුන්ගේ මිතුරන් පොළඹවන්නාහුය. නුඹලා ඔවුන්ට කීකරු වුවහොත් නියත වශයෙන්ම නුඹලා ආදේශනය තබන්නන්මය.
122. මියගිය කෙනෙකුව සිටි අයෙකුට අපි ඔහුට ජීවයදී තවද මිනිසුන් අතර ගමන් කිරීමට ඔහුට අප ආලෝකය දුන් කෙනෙකු අන්ධකාරයන්හි (මංමුලාවී) එයි පිටවිය නොහැකි තැනැත්තකුට සමාන වේද ? ප්‍රතික්ෂේප කරන අයට ඔවුන් කළ (අයහපත්) දැය මෙලෙසින් අලංකාර කරවන ලදී.
123. මෙලෙසින්ම සෑම ගමකම (එහි වෙසෙන) ප්‍රධාන සාහසිකයින් එහි කුමන්ත්‍රණය කිරීම පිණිස (ඔවුන් එහි) පත කළෙමු. ඔවුහු තමන්ටම මිස කුමන්ත්‍රණය නොකළෝය. (නමුත්) ඔවුහු (එය) නොදනිති.
124. ඔවුන් වෙත ආයතය(අල්ලාහ්ගේ වදන – සංඥාව)ක් පැමිණි විට අල්ලාහ්ගේ රසූල්වරුන්ට දෙනු ලැබූ දෙය වැනි දෑ අපටද දෙනු ලබන තෙක් අපි විශ්වාස නොකරන්නේමුයි ඔවුහු කීවෝය. තම ධර්ම දූත මෙහෙවරය කෙසේ පැවරිය යුතුද යන්න යන්න අල්ලාහ් ඉතා හොඳින් දනී. වැරදි කල අයට තමන් කළ කුමන්ත්‍රණය නිසා අල්ලාහ් අභියස නින්දාවට දරුණු වැඩ හිංසාවලට ඉතා ඉක්මනින් ලැබෙන්නෙහිය.
125. යම් කෙනෙකුට යහමග පෙන්වීමට අල්ලාහ් සිතන්නේ නම් ඔහුගේ සිත ඉස්ලාම් කරා (අල්ලාහ්) පුළුල් කරන්නේය. තවද යම් කෙනකු නොමග යවන්නට (අල්ලාහ්) සිතන්නේ නම් අහසට නගින්නකු(ගේ සිත) මෙන් හද තෙරපීමකට ඔහුගේ සිත ලක් කරයි. මෙසේ විශ්වාස නොකරන අයට අල්ලාහ් පිළිකුල ඇති කරන්නේය.
126. මේ නුඹගේ රබ්(පරමාධිපති)ගේ සෘජු මාර්ගයයි. අවබෝධ කරගන්නා ජනයාට සැබවින්ම අපි ආයාත් (වදන් හා සංඥා) විස්තර කළෙමු.
127. ඔවුනට ඔවුන්ගේ රබ්(පරමාධිපති) වෙත සාමයේ නිවහන ඇත. ඔවුන් කළ (යහපත්) ක්‍රියා නිසා ඔවුන්ගේ ආරක්ෂකයා ඔහුම වේ.
128. ඔවුන් සියල්ලම එක්රැස් කරන දියණ (ජින්වරුන් අමතා) ජින්වරුනි! නියත වශයෙන්ම නුඹලා මනුෂ්‍ය වර්ගයාගෙන් (වැඩි දෙනෙකු නොමග යවා නුඹලාගේ මග ගත්තවුන්) වැඩි කරගත්තේයැයි (අල්ලාහ් පැවසූ විට) මිනිසුන් අතර සිටින ඔවුන්(ජින්වරුන්)ගේහිතමිතුරෝ අපගේ රබ්(පරමාධිපතියාණනි) අපගෙන් සමහරෙකු (ඔබට පිටුපෑ) තවත් සමහරකුගෙන් ප්‍රයෝජන වින්දෙමු. තවද ඔබ අප වෙනුවෙන් නියම කොට ඇති අපගේ කාලසීමාවට් පැමිණියෙමුයි පවසති. එවිට නුඹලාගේ නවාතැන නිරය වේ. අල්ලාහ්ට අභිමත වූ අය හැර නුඹලා එහි සදාකල් වෙසෙන්නාහුයැයි (අල්ලාහ්) පවසයි. නියත වශයෙන්ම නුඹගේ රබ්(පරමාධිපති) සර්වප්‍රාඥය, සර්වඥය.
129. මෙලෙස ඔවුන් සපයාගත් දෙයින් අපරාධ කරුවන්ගෙන් සමහරෙකු (තවත්) සමහරෙකුට මිතුරන් ලෙස පත් කළෙමු.
130. ජින් හා මනුවර්ගයාණෙනි! මාගේ ආයාත් නුඹලාට කියාපාන්නාවූද නුඹලා නුඹලාගේ මෙදින හමුවීම ගැන නුඹලාට අවවාද කරන්නාවුද රසූල්වරුන් නුඹලා අතුරින්ම නුඹලා වෙත නොපැමිනියේදැයි (අල්ලාහ් පවසයි) එසේය අපට විරුද්ධව අපි සාක්ෂි දරන්නේමුයි ඔවුහු පැවසූහ. තවද මෙලොව ජීවිතය ඔවුන් මංමුලා කළේය. තවද නියතවශයෙන්ම ඔවුන් ප්‍රතික්ෂේප කරුවන් වී යැයි ඔවුන්ට විරුද්ධව ඔවුහුම සාක්ෂි දරන්නාහුය.
131. (ඔවුන්ම මෙසේ සාක්ෂි දැරීමට සිදු කරනු ලැබ ඇත්තේ) එහි (ජීවත්වන) වැසියන් සත්‍ය නොදැන සිටියදී නුඹගේ රබ්(පරමාධිපති-එම) ගම්මානයන් විනාශ කරන්නකු නොවන බැවිනි.
132. සෑම කෙනෙකුටම තමා කල දෑ අනුව තරාතිරම් ඇත. ඔවුන් කරන දෑ ගැන නුඹගේ රබ්(පරමාධිපති) තැකීමක් නැත්තා නොවේ.
133. නුඹේ රබ්(පරමාධිපති) සර්ව සම්පූර්ණය, දයාබරය. ඔහුට අභිමත වුයේ නම් වෙනත් ජනතාවගේ සංහතියකින් නුඹලා ඇති කලාක් මෙන් නුඹලා ඉවත්කොට නුඹලාගෙන් පසුව (නුඹලා වෙනුවට) තමා කැමති ඕනෑම සමාජයක් නියුක්ත කරවනු ඇත.
134. නුඹලාට පොරොන්දු වූ දැය ඒකාන්තයෙන්ම පැමිණෙයි. තවද (අල්ලාහ්) පරාජය කිරීමට නුඹලාට හැකියාවක් නැත.
135. (ජනයිනි!) නුඹලා(ට අභිමත දෑ) නුඹලාගේ ශක්තිය අනුව කරනු. මමත් (මට අණ කරනු ලැබූ දෑ) කරන්නෙමි. නමුත් නිවහනේ (යහපත්) අවසානය (අප අතරින්) කාහට දැයි නුඹලා මතුවට දැනගන්නාහුය. නියත වශයෙන්ම අපරාධකරුවෝ ජය නොලබන්නෝහුයැයි (නබි මුහම්මද්) පවසනු.
136. අල්ලාහ් විසින් උත්පාදනය කළ ගොවිතැන හා ගවමහීෂාදීන්ගෙන් කොටසක් ඔවුහු අල්ලාහ්ට වෙන් කර ඔවුන් සිතැගි පරිදි මෙය අල්ලාහ්ට යැයිද මෙය අපගේ හවුල් කාර(දෙවි)යන්ට යයිද පවසති. නමුත් ඔවුන්ගේ හවුල්කාර(දෙවි)යන්ට අයත් දෑ අල්ලාහ් වෙතට පත් නොවෙති. අල්ලාහ්ට අයත් දෑ ඔවුන්ගේ හවුල්කාර දෙවියන් වෙතට පත් වෙයි. ඔවුන් ගත් මෙම තීරණය ඉතා නපුරුය.
137. එසේම (අල්ලාහ්ට) ආදේශ තබන්නන්ගෙන් වැඩි දෙනකුට ඔවුන්ගේ දරුවන් ඝාතනය කිරීම ඔවුන්ගේ හවුල්කාරයන් විසින් ඔවුනට යුක්තිසහගත ලෙස පෙන්වා ඇත. එය ඔවුන් විනාශ මුඛයට යොමු කිරීම හා ඔවුන්ගේ ආගම ඔවුනට අවුල් කිරීම සඳහා වේ. අල්ලාහ්ට අභිමත වුයේ නම් ඔවුහු එසේ නොකරති. එනිසා ඔවුන්ද ඔවුන් කල අභූත චෝදනාවන්ද හැර දමනු.
138. මෙම ගවමහෙෂාදීන් හා වගාවන් කැප කරන ලද දේ වේ. අපට අභිමත අය මිස ඒවා අනුභව නොකළ යුතුයි යැයි ඔවුහු සිතෑගියෙන් කීවෝය. තවද ඇතැම් ගවමහීෂාදීන්ගේ පිට (මත බරපැටවීම හා ගමන් කිරීම ඔවුන් විසින්) තහනම් කරන ලදී. තවද ඇතැම් ගවමහීෂාදීන් සම්බන්ධයෙන් (උන් ඝාතනය කිරීමේදී) අල්ලාහ්ගේ නාමය වුන විසින් උච්චාරණය නොකරන ලදී. (මෙසේ කිරීම අල්ලාහ්ගේ අණය බවට) ඔවුහු ඔහු(අල්ලාහ්) කෙරෙහි බොරු කීවෝය. ඔවුන් ගෙතු ව්‍යාජය සඳහා ඔවුනට (අල්ලාහ්) ඵල විපාකය දෙන්නේය.
139. මෙම ගවයන්ගේ ගැබෙහි පවතින (පැටවූ) දේ අපේ පිරිමි පක්ෂයට පමණක් කැප කොට ඇත. (ඌ) අපගේ ස්ත්‍රී පක්ෂයට තහනම් කරන ලද (දේ) වේ. (නමුත්) ඌ මැරී ඇතොත් ඔවුන් (දෙපක්‍ෂයම) එයට සහකාරයින් යැයි ඔවුහු පවසති. ඔවුන්ගේ මෙම (ව්‍යාජ) ගුණවර්ණනා වෙනුවෙන් (අල්ලාහ්) ඔවුනට දඩුවම් පමුණුවයි. නියත වශයෙන්ම ඔහු සර්වප්‍රාඥාය, සර්වඥය.
140. දැනුමින් තොරව මෝඩකම නිසා තමන්ගේ දරුවන් මරා තවද අල්ලාහ් කෙරෙහි බොරු ගොතා ඔවුනට යැපීම සඳහා අල්ලාහ් සැපයු දෑ තහනම් කරගත් අය නියත වශයෙන්ම පරාජිතයෝ වෙති. නිසැකවම ඔවුහු මංමුලාවෙහි සිටිති. ඔවුහු කිසි ලෙසකින්වත් නිවැරදි මග පෙන්වීම ලබන්නෝ නොවෙති.
141. ඔහු (අල්ලාහ්)මය පන්දලම් සහිත වුත් පන්දලම් රහිත් වූත් උයන්ද ඉදිගස්ද එහි රසයෙන් විවිධාකාර ඵලදාව දෙන ගොවිතැනද (පෙනුමට) එක සමානවද (රසයෙන්) අසමානවද ඔලිව් (රට වෙරළු) හා දෙලුම්ද නිර්මාණය කළේ. ඵල දරන විට එහි ඵලයෙන් අනුභව කරනු. එය (ඵල) නෙලන දින ඔහුගේ (අල්ලාහ් වෙනුවෙන් දිය යුතු) කොටස දෙනු. නාස්ති නොකරනු. නියත වශයෙන්ම ඔහු නාස්ති කරන්නන් ප්‍රිය නොකරන්නේය.
142. තවද ගවමහීෂාදින් අතුරින් බර උසුලන්නන්ද (ආහාරයට හා) පලසට උපයෝගී කරගන්න සමහරවුන්ද (නිර්මාණය කළේ ඔහුය.) අල්ලාහ් නුඹලාට පිරිනමා ඇති දැයින් අනුභව කරනු. ෂෙයිතාන්ගේ පියවරයන් අනුගමනය නොකරනු. නියත වශයෙන්ම ඔහු නුඹලාගේ ප්‍රකට සතුරකි.
143. (මෙහි ගවමහීෂාදීහු පිරිමි සතුන් හා ගැහැණු සතුන් වශයෙන්) ජෝඩු අටක් වෙති. බැටළුවන්ගෙන් දෙදෙනෙක්ද එළුවන්ගෙන් දෙදෙනෙක්ද වෙති. පිරිමි සතුන් දෙදෙනාද නැතහොත් ගැහැණු සතුන් දෙදෙනාද නැතහොත් ගැහැණු සතුන් දෙදෙනාගේ ගැබෙහි සිටින (පැට)වුන්ද නුඹලා විසින් (ආහාරයට ගැනීම) ඔහු (අල්ලාහ්) තහනම් කොට තිබේදැයි නුඹලා සත්‍යවාදී නම් දැනුම් තේරුම් ඇතිව මට දන්වනුයි (නබි මුහම්මද් ඔවුනට) පවසනු.
144. ඔටුවන්ගෙන් දෙදෙනකුද ගවයන්ගෙන් දෙදෙනකුද පිරිමි සතුන් දෙදෙනාද නැතහොත් ගැහැණු සතුන් දෙදෙනාද නැතහොත් ගැහැණු සතුන් දෙදෙනාගේ ගැබෙහි සිටින පැටවුන්ද (නුඹලා විසින් ආහාරයට ගැනීම) ඔහු (අල්ලාහ්) තහනම් කොට තිබේ දැයිද නැතහොත් අල්ලාහ් නුඹලාට මෙය අණ කරන විට නුඹලා ඉදිරියෙහි සිටියාහුදැ(යිද නබි මුහම්මද්) අසනු. (එසේ නොසිටියා නම්) ජනයා නොමග යැවීමට දැනුමක් නැතිව අල්ලාහ් කෙරෙහි බොරු ගොතා (අල්ලාහ්ගේ කියමනක් යැයි) ප්‍රකාශ කරන අයට වඩා අපරාධකරු කවරෙක්ද ? නියත වශයෙන්ම අල්ලාහ් අපරාධ කල ජනයා යහමග නොයවන්නේය.
145. මලකුණුද ගලන රුධිරයද ශූකර මාංශද නියත වශයෙන්ම එය අපිරිසිදු වෙයි. තවද අල්ලාහ් නොවන දෑ නමින් ඝාතනය කරන ලද පිළිකුල් දෑ හැර භෝජකයකුට භෝජනය කිරීමට තහනම් කරනු ලැබූ කිසිවක් මා වෙත පහල කරන ලද දැහි (ආවිශ්කාරය) මම නොදුටුවෙමි. නමුත් (යම් අසරණ අවස්ථාවකදී) අකීකරු වීමේ අදහසක් නැතිවද (අවශ්‍යතාවයේ) සීමාවන් නොබිඳමින්ද යමකුට (ඉහත කී වර්ග කෑමට ගැනීම) අවශ්‍යතාවයෙන් මෙහෙයවන ලද්දේ නම් (එය නීත්‍යානුකූල වන්නේය.) නියත වශයෙන්ම නුඹගේ රබ්(පරමාධිපති) ක්ෂමාශීලිය, අසමසමය, කරුණාවන්තය.
146. යුදෙව්වන් වූ අය කෙරෙහි නිය ඇති සියලු සතුන්ද අපි තහනම් කළෙමු. තවද ගවයන්ගෙන්ද බැටළුවන් ගෙන්ද උන් දෙදෙනාගේ මේදය ඔවුනට තහනම් කළෙමු. උන් දෙදෙනාගේ පිටකොන්ද හා බඩවැල් උසුලාගත් දෑය ඇට සමග මිශ්‍ර වූ දෑද හරය. එ ඔවුන්ගේ හිතුවක්කාරකම නිසා අප දුන් දඩුවමයි. නියත වශයෙන්ම අපි සත්‍යවන්ත වෙමු.
147. ඔවුන් නුඹ බොරු යැයි කිවහොත් නුඹලාගේ රබ්(පරමාධිපති) අසීමිත දයාන්විතයාය. නමුත් ඔහු(අල්ලාහ්)ගේ දඩුවම අපරාධ කරන ජනයින්ගෙන් වැළැක්විය නොහැකියැයි (නබි මුහම්මද්) පවසනු.
148. අල්ලාහ්ට අභිමත වී නම් අපිද අපගේ මුතුන්මිත්තන්ද (අල්ලාහ්ට කිසිවක්) ආදේශනය කර නොසිටිමු. තවද අපි කිසි දෙයක් තහනම් නොකර සිටිමු. යැයි ආදේශ කරන්නන් කියනු ඇත. ඔවුනට පෙර විසු අය අපගේ දඩුවම ඔවුන් විදිනතෙක් මෙසේම (සත්‍යය) බොරුයැයි කීවෝය. නුඹලා වෙත යම් දැනුමක් තිබේද එසේ නම් එය අපට හෙළි කරනු. නුඹලා සිතුවිලි මිස අනුගමනය නොකරන්නේහුය. තවද නුඹලා බොරු නිගමනවලට එලබෙන්නන් මිස නැතැයි (නබි මුහම්මද්) පවසනු.
149. තීරණාත්මක තර්කය අල්ලහ්ටමය. අල්ලාහ්ට අභිමත වී නම් ඔහු නිසැකවම නුඹලා සියල්ලන්ටම මග පෙන්වීම සලසනු ඇතැයි (නබි මුහම්මද්) පවසනු.
150. නියත වශයෙන්ම අල්ලාහ් මේවා (සියල්ලම) තහනම් කළේ යැයි සාක්ෂි දරන්නාවූ නුඹලාගේ සාක්ෂිකරුවන් (ඉදිරියට) ගෙන එන්නැයි (නබි මුහම්මද්) පවසනු. ඔවුහු සාක්ෂි දැරුවහොත් නුඹ ඔවුන් සමග සාක්ෂි නොදරනු. අපගේ ආයාත් (අණපනත්) බොරු යැයි කියන්නවුද පරලොව විශ්වාස නොකරන්නවුද තම රබ් (පරමාධිපති)ට ආදේශනයන් පිහිටුවන්නවුද අයගේ අභිලාෂයන් අනුගමනය නොකරනු.
151. එනු! නුඹලාගේ රබ්(පරමාධිපති) නුඹලාට තහනම් කල දෑ මම ප්‍රකාශ කරමි. නුඹලා ඔහුට කිසිවක් ආදේශනය නොකරනු. තවද දෙමාපියන්ට කරුනාවෙන් සලකනු. තවද දිළිදුකම නිසා නුඹලා නුඹලාගේ දරුවන් නොමරනු. (මන්ද) නුඹලාටද ඔවුන්ටද ආහාර සපයන්නේ අපමය. විවෘත වේවා ගුප්ත වේවා අශික්ෂිත දේ වෙත නුඹ ලං නොවනු. (නොමරන මෙන්) අල්ලාහ් තහනම් කල ජීවය අයිතිය පරිදි මිස නොමරනු. මේවා නුඹලාට වටහාගනු පිණිස මෙයින් නුඹලාට (නුඹලාගේ පරමාධිපති) අණ කළේය.
152. අනාථයකු (දරුවකු) ඔහුගේ පූර්ණ වයස එළබෙන තුරු නුඹලා ඔහුගේ දේපල අසලට යහපත් අයුරින් මිස ලං නොවෙනු. මිනුම් කිරුම් සාධාරණ ලෙස ඉටු කරනු. අපි කිසිවකුට ඔහුගේ පමණට වඩා වැඩියෙන නොපවරන්නෙමු. නුඹලා යමක් කිවහොත් එය (නුඹලාගේ) නෑයින් වේවා යුක්ති සහගත විය යුතුයි. අල්ලාහ් සමග වූ පොරොන්දු ඉටු කරනු. නුඹලා මෙනෙහි කරනු පිණිස එයින් නුඹලාට (නුඹලාගේ රබ්-පරමාධිපති) අණ කළේය.
153. නියත වශයෙන්ම මෙය මාගේ සෘජු මාර්ගයකි. එබැවින් නුඹලා එය අනුගමනය කරනු. තවද (වෙනත්) මාර්ගයන් අනුගමනය නොකරනු. එසේ වුවහොත් එය ඔහු(අල්ලාහ්)ගේ මාර්ගයෙන් නුඹලා වෙන් කරයි. මෙය නුඹලා (අල්ලාහ්ට) කීකරු වී(දුර්මාර්ගයෙන් වැලැක්වී)ම පිණිස මෙසේ (නුඹලාගේ රබ්) නුඹලාට අණ කළේය.
154. (මෙයද සැලකිල්ලට ගනු!) (දැහැමි හැසිරීම) මැනවින් පිළිගත් අයට (අපගේ ආශිර්වාය) සම්පූර්ණ වන පරිදිද සියලු දේ විස්තර කිරීමක් වශයෙන්ද සෘජු මාර්ගයක් වශයෙන්ද දයාවක් වශයෙන්ද අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. ඔවුන් (ඉස්රායිල් දරුවන්) ඔවුන්ගේ රබ්(පරමාධිපති) මුණ ගැසීම විශ්වාස කිරීම පිණිස.
155. මෙය (අල්-කුර්ආනය) ධර්ම ග්‍රන්ථයකි. මෙය පහළ කළේ අපමය. (මෙය) ආශිර්වාදයක්වේ. එමනිසා එය අනුගමනය කරනු. තවද නුඹලා (අල්ලාහ්ට) බියබැතිමත් වනු. එමගින් නුඹලාට දයාලුභාවය ලැබිය හැකිය.
156. ධර්ම ග්‍රන්ථ පහළ කරනු ලැබ ඇත්තේ අපට පෙර විසු දෙපිරිසකටය. ඔවුන් එමගින් ඉගෙනගත් දෑ ගැන අපි නොදනීමුයි කියා (නුඹලා මින්පසු) නොකියනු පිණිසය.
157. නැතහොත් අප වෙත ධර්ම ග්‍රන්ථය පහළ කරණ ලද්දේ නම් සැබවින්ම ඔවුනට වඩා හොඳින් අපි යහමග ලැබුවෝ වන්නෙමුයි නුඹලා නොකියනු පිණිසද (මෙම අල්-කුර්ආනය නුඹලා වෙත අපි පහළ කළෙමු) නියතවශයෙන්ම නුඹලාගේ රබ්(පරමාධිපති) වෙතින් පැහැදිලි සාක්ෂියක්ද යහමගද ආශිර්වාදයද නුඹලාට ලැබී ඇත. එ නිසා අල්ලාහ්ගේ ආයාත් (වදන්-අණපනත්) බොරු යැයි කියා එයට පිටුපාන අයට වඩා වැරදිකරුවෝ කවුරුහුද? (ක්‍රෝධය නිසා) අපගේ ආයාත් වලට පිටුපාන අයට ඔවුන්ගේ පිටුපෑම නිසා අපි දරුණුතම වේදනාව පමුනුවන්නෙමු.
158. (තමන් හමුවට) මලක්වරුන් (සුරදූතයන්) පැමිණිය යුතු යැයි හෝ නුබේ රබ්(පරමාධිපති) පැමිණිය යුතු යැයි හෝ නුඹේ රබ්(පරමාධිපති)ගේ ආයාත් (සංඥා-අණපනත්) වලින් සමහරක් පහළ විය යුතු යැයි හෝ ඔවුහු අපේක්ෂාවෙන් පසු වන්නොද? නුඹේ රබ්(පරමාධිපති)ගේ ආයාත් (සංඥා-අණපනත්) වලින් සමහරක් පහළ වන දින පෙර විශ්වාසය නොකලාවූ හෝ ඔවුන්ගේ විශ්වාසය තුලදී සත්ක්‍රියා සපයා නොගන්න වූ හෝ කෙනකුට තම විශ්වාසය ඵල නොදන්නේය. නුඹලා බලා සිටිනු. ඇත්තෙන්ම අපිත් බලා සිටිමුයි (නබි මුහම්මද්) පවසනු.
159. තම දහම භේද භින්න කරගෙන නිකායවලට පත්වූ අය සමග නුඹ(ට) කිසිම සම්භන්දයක් නැත. නියතවශයෙන්ම ඔවුන්ගේ කරුණ අල්ලාහ් වෙතය. ඔවුන් කරමින් සිටි දැය ගැන ඔවුනට (අල්ලාහ්) පසුව දන්වන්නේය.
160. යාමකු යහපත රැගෙන පැමිණියහොත් ඔහුට එවැනි දැයෙන් දස ගුණයක් ඇත. යමකු අයහපත රැගෙන පැමිණියහොත් ඔහුට එවැන්නක්ම මිස ඵල විපාක නොදෙනු ලැබේ. ඔවුනට කිසිඳු අසාධාරණයක් සිදු කරනු නොලැබේ.
161. නියත වශයෙන්ම මාගේ රබ්(පරමාධිපති) මා සෘජුමාර්ගයේ පත් කළේය. (එය) සදා සත්‍ය මාර්ගයයි. අසත්‍යයෙන් බැහැර වූ ඉබ්‍රාහිම්ගේ ආගමයි. ඔහු ආදේශ තබන්නන්ගෙන් කෙනෙක් නොවීයැයි (නබි මුහම්මද්) පවසනු.
162. නියත වශයෙන්ම මාගේ සලාතය(නැමදුම) මාගේ පුද පූජාවන් මාගේ ජීවිතය හා මාගේ මරණය රබ්බුල් ආලමින් (විශ්වයාධිපති) වූ අල්ලහ්ටමයැයි (නබි මුහම්මද්) පවසනු.
163. ඔහුට සමානයන් නැත. මේ ගැනමයි මට අණ කරනු ලැබුවේ. තවද මම මුස්ලිම්(අල්ලාහ්ට කීකරු වූ තැනැත්තා)වරුන්ගෙන් පළමු වන්න වෙමි.
164. ඔහු (අල්ලාහ්) සියලු දැය කෙරෙහි රබ්(පරමාධිපති)ව සිටියදී අල්ලාහ් නොවන්නකු පරමාධිපතියකු සේ මම සොයන්නේමිද ? සෑම ආත්මයක්ම සපයා ගන්නා දේ එයටම මිස නැත. (පාපයන්ගෙන් යුත්) බර උසුලන්නකු අන් කෙනකුගේ (පාපයන්ගෙන් යුත්) බර නෝඋසුලන්නේය. ඉන්පසුව නුඹලාගේ පරමාධිපති වෙතමය නුඹලාගේ නවහ පැමිණීම. නුඹලා මතභේද වූ දෙය ගැන එවිට ඔහු (අල්ලාහ්) නුඹලාට දන්වන්නේයැයි (නබි මුහම්මද්) පවසනු.
165. ඔහුමය මහපොලොවෙහි නියෝජිතයන් වශයෙන් නුඹලා පත් කර ඇත්තේ. ඔහු නුඹලාට දී ඇති දේ සම්භන්ධයෙන් ඔහු නුඹලා පරීක්ෂණයට භාජනය කිරීමට නුඹලාගෙන් ඇතැමකු ඇතැමකුට වඩා තරාතිරමෙන් උසස් තත්වයට පත් කර ඇත. නියත වශයෙන්ම නුඹලා රබ්(පරමාධිපති) දඩුවම් දීමේ සීඝ්‍රය. තවද සැබැවින්ම ඔහු ක්ෂමාශීලිය, දයාලුය.