Category Archive: ඉස්ලාම් යනු කුමක්ද ?

06 – සුරත් අල් – අන්ආම් (ගවමහීෂාදීන්) වාක්‍ය 01 – 25





























අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි.

1. අහස් හා මහ පොළොව මැවූ, තවද ආලෝකය හා අන්ධකාරයන් ඇති කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා හිමිවේ. එසේ නමුත් ප්‍රතික්ෂේප කළ අය ඔවුන්ගේ රබ්(පරමාධ්පති)ට සමානයන් තබන්නොය.

2. නුඹලා මැටියෙන් මවා ඉන්පසුව (නුඹලාට) ආයුකාලයක් නියම කලේ ඔහුය. තවද (නුඹලාට) නියම කළ කාලයක්ද ඔහු වෙත ඇත. නමුත් ඒ ගැන නුඹලා සැක කරන්නෝය.

3. අහස්වලද මහපොලොවෙහිද අල්ලාහ් ඔහුය. නුඹලාගේ රහස්දනුඹලාගේ හෙලිදරව්වද ඔහු දනියි. නුඹලා උපයාගන්නා (හොඳ හා නරක) දේ ගැනද ඔහු සපුරා දනියි.

4. නමුත් තම රබ්(පරමාධිපති) ගේ සංඥාවන්ගෙන් කුමන හෝ සංඥාවක් ඔවුන් වෙත එන විට ඔවුහු එයින් ඉවත් වී සිටිති.

5. (දැන්) ඔවුන්ට සත්‍යය පැමිණි විට (ඔවුහු එය) නියත වශයෙන්ම බොරු යයි කීහ. තමන් (මෙතෙක්) පරිහාසයට ලක් කළ දේ පිළිබඳව (යම් යම්) ප්‍රවෘත්ති ඔවුනට ඉක්මනින් ලැබෙනු ඇත.

6. ඔවුනට පෙර කොපමණ පරම්පරාවන් අපි විනාශ කළෙමුදැයි ඔවුහු නොදුටුවොද? මහපොළොවෙහි නුඹලාට වඩා අපි ඔවුන් බලගතු කළෙමු. තවද ඔවුනට අහසින් අධික වැසි එවිමු. තවද ගංගාවන් ඔවුනට පහලින් ගලා බසින්නට සැලැස්වූවෙමු. නමුත් ඔවුන්ගේ පාපයන් නිසා අපි ඔවුන් විනාශ කළෙමු. තවද ඔවුනට පසුව වෙනත් පරම්පරාවක් අපි උත්පාදනය කළෙමු.

7. කඩදාසියෙහි (ලියන ලද) ධර්ම ග්‍රන්ථයක් නුඹට අප පහළ කළාවූවත් එවිට එය ඔවුන්ගේ අතින් ස්පර්ශ කර බලා මෙය ප්‍රකට හූනියමක්‌ මිස නැතැයි ප්‍රතික්ෂේප කරන අය නියත වශයෙන්ම පවසනු ඇත.

8. (තවද, මෙම නබි සත්‍ය නබිවරයෙකු යන්න අප භාරගැනීමට) ඔහු වෙත මලක්වරු (දේව දුත)යකු පහළ කළ යුතු නොවේදැයි ඔවුහු කියති. (ඔවුන් කියන පරිදි) අප මලක්වරයකු පහළ කලේ නම් එවිට (ඔවුන්ගේ) ඉරණම තීරණය කරනු ලැබෙනු ඇත. පසුව ඔවුනට අවකාශ දීමක් දෙනු නොලැබෙනු ඇත.

9. (ඔවුන් තමන් වෙත පහළ විය යුතුයි කියන රසූල්වරයා) වන ඔහු මලක්වරයකු වශයෙන් අප මහපොළොවට පහළ කළේ නම්, ඔහු (ඒ මලක්වරයා) මිනිසෙකු ලෙසම අපි සලස්වන්නෙමු. එනිසා ඔවුන්ගේ සිත් කැළඹු දෙයින්ම අපි ඔවුන් කැළඹීමට පත් කළෙමු.

10. (නබි මුහම්මද්!) නුඹට පෙර (පහළ වූ) බොහෝ රසුල්වරු ඇත්තෙන්ම සමච්චලයට ලක් කරනු ලැබුහ. එවිට ඔවුනතරින් සමච්චල් කළවුන් ඔවුන් සමච්චල් කළ දෑ විසින්ම ග්‍රහණයට ගනු ලැබීය.

11. නුඹලා පොළොවෙහි සංචාරය කර බොරු යයි කී අයගේ අවසානය කෙසේ වී දැයි සලකා බලනුයි (නබි මුහම්මද්!) කියනු.

12. අහස්වල හා මහපොලොවෙහිද ඇති දේ කාට අයිති දැයි (නුඹ මුහම්මද් ඔවුන්ගෙන්) අසනු. (ඒ සියල්ලම) අල්ලාහ්ට හිමි යැයි (නබි මුහම්මද්) නුඹ කියනු. ඔහු දයාලු භාවය තමා සතු කර ගත්තේය. (නුඹලා ප්‍රතික්ෂේප කරන දිනය වූ) කියාමත් (මළවුන් කෙරෙහි නැගිටුවන) දින නියතවශයෙන්ම නුඹලා සියල්ලම ඔහු (අල්ලාහ්) එක්රැස් කරන්නේය. එය (පිළිබඳව කිසිඳු ) සැකයක් නැත. එහෙත් තමන්ටම හානි සිදුකරගත් අය නම්, ඔවුහු විශ්වාස නොකරති.

13. රාත්‍රියෙහිද දහවල්හිද පවතින සියලු දෙය ඔහු (අල්ලාහ්)ට හිමිය. ඔහු සර්ව ශ්‍රාවකය. සර්වඥානීය.

14. අහස් හා මහා පොලොව නිර්මාණය කළ අල්ලාහ් හැර වෙනත් (කෙනෙකු හෝ දෙයක්) මාගේ ආරක්ෂකයා වශයෙන් මා ගන්නෙහිද ? ඔහු සියල්ලන්ටම ආහාර දෙන්නේය. ඔහුට ආහාර දෙනු නොලබන්නේය. යැයි (නබි  මුහම්මද් ) කියනු. ඔහුට යටහත්වන්නන්ගෙන් මා පළමුවැන්නා වන ලෙසද නුඹ මුෂ්රික්වරුන් (ආදේශ කරන්නන්) ගෙන් කෙනෙකු නොවිය යුතු යැයිද මට අණ කරනු ලැබූවෙමියි (නබි මුහම්මද්) පවසනු.

15. මා මාගේ රබ්(පරමාධිපති)ට අකීකරු වුවා නම් මහ භයානක දිනයේ දඩුවම ගැන නියත වශයෙන්ම මා බිය වන්නෙමියි (නබි මුහම්මද්) පවසනු.

16. එදින කවරකුගෙන් (වද හිංසාව) ඉවත් කරනු ලබන්නේද ඔහු (අල්ලාහ්) ඔහුට දයාව දැක්වූවාවේ. මෙය පැහැදිලි ජයග්‍රහණයකි.

17. අල්ලාහ් නුඹට යම් පීඩාවක් සිදුකළහොත් එය ඉවත්කිරීමට ඔහු හැර වෙනත් කෙනෙකු නැත. තවද  ඔහු නුඹට යම් හොඳක් සිදු කළහොත් ඔහු සියලු දෑ කෙරෙහි බල සම්පන්නය.

18. ඔහුමය තම ගැත්තන් කෙරෙහි තේජෝ බලපරාක්‍රමාන්විත වන්නේ. තවද ඔහුමය සර්වප්‍රඥා හා සර්වඥානි වන්නේ.

19. අතිශයෙන්ම විශ්වාසනීය වනුයේ කුමන සාක්ෂිය දැයි (නබි මුහම්මද්) අසනු. අල්ලාහ් (මා ඔහුගේ නබිවරයා බවට) මා හා නුඹලා අතර සාක්ෂි දරයි. තවද මෙම අල්-කුර්ආනය මට ආවිශ්කාරය කොට ඇත්තේ එමගින් මව්සින් නුඹලාටත් එය ලැබෙන අන් සියලු දෙනාටත් අනතුරු ඇඟවීම් කිරීමටය. අල්ලාහ් සමග වෙනත් දෙවිවරුන් ඇති කියා නුඹලා සැබවින්ම සාක්ෂි දරන්න්නේදැයි (නබි මුහම්මද්) අසනු. මම නම් (එවැනි කිසිවකට) සාක්ෂි නොදරමියි (නබි මුහම්මද්) පවසනු. ඇත්තෙන්ම ඔහු එකම දෙවියාය. නුඹලා (අල්ලාහ්ට) ආදේශ කරන දෙයින් නියතවශයෙන්ම මම නිදොස් වෙමියිද (නබි මුහම්මද්) පවසනු.

20. අප විසින් ඔවුන්ට ධර්මග්‍රන්ථය ප්‍රදානය කරනු ලැබුවෝ තමන්ගේ පුතුන් හඳුනාගන්න මෙන් (නිසැක භාවයෙන්ම) එය හඳුනාගනිති. (නමුත්) තමන් තමන්ටම අලාභ සිදු කරගත් අය නම් වූ ඔවුහු විශ්වාස නොකරති.

21. තවද අල්ලාහ්ට විරුද්ධව අභූත චෝදනාවන් නගන කෙනෙකුට වඩා හෝ ඔහු(අල්ලාහ්)ගේ සංඥාවන් බොරු යයි කි කෙනෙකුට වඩා ඉමහත් අපරාධකරුවෝ කවරෙක්ද ? ඇත්තෙන්ම (එවැනි) අපරාධකරුවෝ ජය නොලබන්නොය.

22. අප ඔවුන් සියල්ලන්ම එක්රැස් කරන(අවසන්) දින නුඹලාගේ දෙවි දේවතාවුන් වශයෙන්) සැලකු නුඹලාගේ ආදේශනයන් කොහේ දැයි අපි ආදේශ කරන්නන්ගෙන් විමසන්නෙමු.

23. (එවිට ඔවුන්)  අපගේ පරමාධිපතියානෙනි! අපි කිසිසේත්ම මුෂ්රික්වරුන් (ආදේශ කරුවන්) නොවූ බවට ඔබේ නාමයෙන් දිවුරමු යැයි කියනු මිස ඔවුනට වෙනත් ව්‍යාජ පිළිතුරක් නොමැත.

24. ඔවුන් තමන්ට විරුද්ධව බොරුව කෙසේ පවසන්නේ දැයිද තවද ඔවුන් බොරු ගොතමින් සිටි දැය ඔවුන්ගෙන් බැහැරට ගිය සැටිද (නබි මුහම්මද්) නුඹ බලනු.

25. නුඹ (පවසන දෙය)ට සවන් යොමු කරන (බවක් අඟවන) ඇතැමෙක් ඔවුන් අතර වෙති. (ඔවුන්ගේ නරක ක්‍රියා හේතුකොටගෙන) ඔවුන් එය නොවටහා ගැනීම පිණිස ඔවුන්ගේ සිත්හි තීරයක්ද ඔවුන්ගේ සවන්හි බිහිරි භාවයක්ද අපි සලස්වූවෙමු.  (එබැවින් තමන්ගේ සවනට යොමුවන දෙය ඔවුනට නැසේ) ඔවුන් සියලු සංඥාවන් දුටුවද එය විශ්වාස නොකරති. ඔවුන් නුඹ වෙත පැමිණියහොත් නුඹ සමග විවාද කරමින් මෙය පැරැන්නන් විසින් ගොතන ලද බොරු කථාන්තරයක් මිස නැතැයි ප්‍රතික්ෂේප කරන්නෝ පවසති.





























Permanent link to this article: http://sinhalaislam.com/islam-yanu-kumakda/06-%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b6%bd%e0%b7%8a-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%86%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9c%e0%b7%80%e0%b6%b8%e0%b7%84%e0%b7%93/

37. සූරත් අස්-සාෆ්ෆාත් (පෙළ ගැසී සිටින්නෝ) වාක්‍ය 01 – 25





























අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්.

1. ඇණි වශයෙන් පෙළ ගැසී සිටින්නන් මත දිවුරා,

2. තවද බැණවදිමින් ශාප කරන අය මත දිවුරා,

3. තවද ධර්මානුශාසනාව පාරායනය කරන අය මත දිවුරා,

4. නියතවශයෙන්ම නුඹලාගේ දෙවියා එක් කෙනෙකි.

5. (ඔහු) අහස්වල සහ මහපොළොවෙත් ඒ දෙක අතර ඇති සියලු දේවාලත් පරමාධිපති වෙයි. තවද හිරු උදාවන සියලු තැනවලද පරමාධිපති වෙයි.

6. පහළින් ඇති අහස තාරකා අලංකාරයෙන් නියතවශයෙන් අපි සැරසුවෙමු.

7. තවද අපි එය සෑම කැරලිකාර ෂෙයිතානුවකුගෙන්ම ආරක්ෂා කළෙමු.

8. ඔවුනට ඉහළ ප්‍රධානින්(මලක්වරුන්)ට සවන් දිය නොහැකිය. සෑම පැත්තකින්ම ඔවුනට උල්පහර දෙනු ලබයි

9. පළවා හරිනු ලබයි. තවද ඔවුනට නිරතුරු දඩුවමක් ඇත.

10. (ෂෙයිතානුන්ගෙන්) යම් කිසිවකු සොරෙන් ඇහුම්කන් දෙන්නේ නම් එවිට දැවෙන ගින්නක් ඔහු ලුහු බැඳීන්නේ මිස නැත.

11. මැවීමෙන් ඔවුන්ද වඩා ශක්තිමත් නැතිනම් අප මැවූ අයදැ යි ඔවුන්ගෙන් අසනු. නියතවශයෙන්ම අපි ඇලෙන සුළු කිරි මැටියෙන් ඔවුන් මැව්වේමු.

12. එනමුත් (අල්ලාහ්ගේ බලයේ මහිමය ගැන) නුඹ මවිත වන්නේය. ඔවුහු එයට සමච්චල් කරන්නෝය.

13. ඔවුනට උපදෙස් දෙනු ලැබූ කල්හි ඔවුන් උපදේශය නොසලකන්නෝය.

14. ඔවුහු සංඥාවක් දුටු විට සමච්චල් කරති.

15. තවද මෙය ප්‍රකට ඉන්ද්‍රජාලමක් මිස නැතැයි ඔවුහු කියති.

16. අප මැරී දූවිලි සහ ඇටකටු බවට පත්වූ පසු නියතවශයෙන් අපි යළි නැගිටුවනු ලබන්නමෝද ?

17. අපගේ පෙර පියවරුන් පවා (යළි නැගිටුවනු ලබන්නේදැයි ඔවුහු කියති.)

18. ඔව්, (දෙවියන්ට එරෙහිව) නුඹලා අසරණ යැයි (නබි මුහම්මද්) කියනු.

19. නියතවශයෙන්ම එය එකම මහා හඬක් පමණි. (තමන්ට අවවාද කරනු ලැබූ දෑ) එවිට ඔවුහු (තම ඇස්වලින්ම) දැක ගන්නෝය.

20. අහෝ ! අපගේ විනාශය, මේ විපාක (දෙනු ලබන) දිනයැයි. ඔවුහු පවසති.

21. නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි විනිශ්චය දිනයයි මේ.

22. (එවිට මෙසේ අණ කෙරෙයි.) සියලුම පව්කාරයින්ද ඔවුන් වැනි අයද ඔවුන් නමදිමින් සිටි අයද එක්රැස් කරනු.

23. අල්ලාහ් හැර (ඔවුන් නමදිමින් සිටි අයද) තවද ඔවුනට නිරයේ මඟ පෙන්වනු.

24. තවද ඔවුන් නවත්වනු. නියතවශයෙන් ඔවුහු ප්‍රශ්න කරනු ලබන්නෝය.

25. නුඹලා එකිනෙකාට උදව් නොකරන්නේ ඇයිදැයි (ඔවුනට කියනු ලබන්නේය.)

 

 

 





























Permanent link to this article: http://sinhalaislam.com/islam-yanu-kumakda/37-%e0%b7%83%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b7%8f%e0%b7%86%e0%b7%8a%e0%b7%86%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%99%e0%b7%85-%e0%b6%9c%e0%b7%90/

සූරත් යා සීන් (වාක්‍ය 01 -25)





























අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි

1. යාසීන්

2. ප්‍රඥාවෙන් සපිරුණු අල් කුර්ආණය මත දිවුරා

3. නියත වශයෙන් (නබි මුහම්මද්) නුඹ රසූල්වරුන්(දේව ධර්ම දුතයන්)ගෙන් කෙනෙකි.

4. සෘජු මාර්ගයෙහිය.

5. (මෙම අල් කුර්ආනය) සර්ව බලධාරී අසමසම කරුණාන්විතයාණන්ගෙන් පහළ වුවකි.

6. ඔවුන්ගේ මුතුන්මිත්තන් අනුශාසනා නොකරන ලද නිසා නොසැලකිල්ලෙන් ජීවත්වන සමූහයකට නුඹ අනුශාසනා කරනු පිණිස.

7. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු මත (දඬුවමේ) වචනය තීන්දු විය. එනිසා ඔවුහු විශ්වාස නොකරන්නෝය.

8. අපි ඔවුන්ගේ ගෙලට විලංගු දැමීමු. ඒවා ඔවුන්ගේ නිකට දක්වා පවතී. මෙනිසා මොවුහු හිස ඔසවා ගෙන සිටිති.

9. ඔවුන්ගේ ඉදිරිපසින් බාධකයක්ද ඔවුන්ගේ පිටුපසින් බාධකයක්ද අපි ඇති කළෙමු. එමගින් අපි ඔවුන් ආවරණය කළෙමු. එනිසා ඔවුහු කිසිවක් නොදකිති.

10. ඔවුනට නුඹ අනතුරු ඇඟවුවත්, නැතහොත් ඔවුනට නුඹ අනතුරු නොඇඟවුවත් (ප්‍රතිපලය) එකමය. ඔවුහු විශ්වාස නොකරති.

11. නියතවශයෙන්ම නුඹ අනුශාසනා කරනුයේ (මෙම) සිහිකිරීම (කුර්ආනය) අනුගමනය කොට, නොදකිත්ම දයාලුහට (අල්ලාහ්ට) බිය වන අයකුට පමණි. එහෙයින් සමාවද ගෞරවාන්විත ප්‍රතිපල ගැනද ඔහුට ශුභාරංචිය දෙනු.

12. නියතවශයෙන් අපි මළවුනට පණ දෙන්නෙමු. තවද ඔවුන් ඉදිරිපත් කළදෑද ඔවුන් හැර දමා ගිය සලකුණුද අපි ලියාගන්නෙමු. තවද සෑම දෙයක්ම ප්‍රකට ග්‍රන්ථයක සටහන් කරන්නෙමු.

13. නගරයේ වැසියන් වෙත රසූල්වරුන් පැමිණි විට සිදුවූ දෑ ඔවුනට උපමාවක්‌ වශයෙන් ගෙනහැර දක්වනු.

14. අපි ඔවුන් වෙත (රසූල්වරුන්) දෙදෙනකු යැව්වේමු. එවිට ඔවුහු ඒ දෙදෙනාම බොරු යයි ප්‍රතික්ෂේප කළහ. ඉන්පසුව තුන්වැන්නා මගින් අපි බලවත් කළෙමු. එවිට අපිට නුඹලා වෙත එවන ලද රසූල්වරු වෙමුයි ඔවුහු කීහ.

15. නුඹලා අප වාගේම මිනිසුන් මිස වෙනත් කිසිවෙක් නොවෙති. අර්-රහ්මාන් (අපරිමිත දයාන්විතයා නුඹලා වෙත) කිසිවක් පහළ කර නැත. නුඹලා කියන්නේ බොරුවකැයි ඔවුහු (ජනයා) කීහ.

16. නියතවශයෙන් අප රසූල්වරුන් ලෙස නුඹලා වෙත පහළ කරනු ලැබ ඇතැයි අපගේ රබ්(පරමාධිපති) දනී යැයි ඔවුහු කීහ.

17. අපගේ එකම වගකීම (දේව පණිවිඩය) පැහැදිලි අන්දමින් ඉදිරිපත් කිරීම මිස නැත.

18. නියතවශයෙන් අපි නුඹලා අසුභ පෙර ලෙස දකිමු. නුඹලා (මෙයින්) වැලකි නොසිටින්නේ නම් අපි නුඹලාට ගල් ගසන්නෙමු. තවද නුඹලාට අපගෙන් වේදනා සහගත දඩුවම් ලැබෙනු ඇතැයි ඔවුහු (ජනයා) කීහ.

19. නුඹලාගේ අසුභ පෙරනිමිත්ත නුඹලා සමඟය. නුඹලාට අනුශාසනා කරනු ලැබූ නිසාද (නුඹලා මෙසේ පවසනුයේ) සත්‍යය නම් නුඹලා සියලු සීමාවන් කඩ කළ ජනතාවකියි ඔවුහු (රසූල්වරු) කීහ.

20. (මේ අතරතුර) නගරයේ ඈත කෙළවරක සිට මිනිසෙක් දිව ඇවිත් මාගේ ජනයිනි. රසූල්වරුන් අනුගමනය කරනුයි කීය.

21. නුබලාගෙන් කිසිම කුලියක් නොඉල්ලන්නාවුද යහමග සිටින්නවුද ඔවුන් අනුගමනය කරනු.

22. මා මැව්වාවූද තවද නුඹලා සියලු දෙනාම ඔහු වෙත ආපසු යා යුතුවූද ඔහු(දෙවියන්)ට මා ඉබාදත් (අවනත) නොවිය යුත්තේ ඇයි?

23. මා ඔහු හැර වෙනත් දෙවිවරුන් වැළඳ ගත යුතුද? අර්-රහ්මාන් (අපරිමිත දයාන්විතයා) මට හිංසා කිරීමට අදහස් කරනවා නම්, ඔවුන්ගේ මැදිහත්වීම මට කිසිම ප්‍රයෝජනයක් නොවන්නේය. තවද ඔවුහු මා ගලවා නොගන්නෝය.

24. එසේ නම් නියතවශයෙන් මා ප්‍රකට නොමගෙහිය.

25. නියතවශයෙන් මම නුඹලාගේ රබ්(පරමාධිපති) විශ්වාස කරන්නෙමි. එනිසා නුඹලාද මට සවන් දෙනු.

 

 

 





























Permanent link to this article: http://sinhalaislam.com/islam-yanu-kumakda/%e0%b7%83%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a-%e0%b6%ba%e0%b7%8f-%e0%b7%83%e0%b7%93%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-01-25/