මෙය ආයත් 6 කින් යුත් මදීනාහ් වකවානුවේ පහළ වූ සුරාහ්වකි.
අපරමිත දයාන්විත අසමසම කරුනාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි
114.1. පවසන්න. මිනිසුන්ගේ රක්ෂිතයාගෙන් මම ආරක්ෂාව පතන්නෙමි.
114.2. මිනිසුන්ගේ අධිපති ගෙන්.
114.3. මිනිසුන්ගේ දෙවියා*1 ගෙන්.
114.4. (සදා) සැඟවි සිට නපුරු හා වැරදි සිතුවිලි ඇති කරන්නා(වන ෂෙයිතාන්)ගේ හානියන් (මම අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්නෙමි)
114.5. මොහු (සැඟවි සිටින ෂෙයිතාන්) මිනිසුන්ගේ සිත්වල නපුරු හා වැරදි සිතුවිලි ඇති කරවයි.
114.6. (මෙවැන්නන් ) ජින්වරුන්ගෙන් ද මිනිසුන්ගෙන් ද සිටිති.
————————————————————————————————————————————–
1 මෙහි ඉලාහ් යන වචනය දෙවියකු යන්නෙන් අර්ථ කථනය කළ ද එයට වඩා පුළුල්වූ ද විස්තරාත්මකවූ ද විග්‍රහයක් ඇත.