හැඳින්වීම
පිළිවෙළ හා අනුක්‍රමය
මෙම සුරතය කොටස් කිහිපයකින් සමන්විත වෙයි. ඒවා පහළ කරන ලද්දේ හිජ්රි වර්ෂ 3 වැන්නේ අගාභාගය හා හිජ්රි වර්ෂ 4 වැන්නේ අගභාගය අතරතුර හෝ හිජ්රි වර්ෂ 5 වැන්න ආරම්භයේදී විවිධ අවස්ථාවන්හිදී යැයි කිව හැකිය. මේවායේ නියම ආවිෂ්කාර දිනයන් නිශ්චය කිරීම අපහසු වුවද මෙහි සඳහන් අණ පනත්ද, ඒවායේ සඳහන් වන සිද්ධීන්ද අදාළ හදිසයන්ද ආශ්‍රයෙන් සෑහෙන දුරට නිවැරදි වූ වකවානුවක් නීශ්චය කළ හැකිය. නිර්දේශ කිහිපයක් පහත දක්වනු ලැබේ.
(අ) ෂුහදාවරුන්(ජිහාද්හි දිවිපිදු වීරයන්)ගේ උරුම දේපළ බෙදීම පිළිබඳව හා අනත් දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳව උපදෙස් එවන ලද්දේ මුස්ලිම්වරුන් 70 දෙනකු ඝාතනය කරනු ලැබූ උහද් සටනින් පසුව බව අපි දනිමු. එවිට ෂුහදාවරුන්ට උරුම දේපළ බෙදීමේ ප්‍රශ්නයත්, ඔවුහ්ගේ අනත් දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ප්‍රශ්නයත් මදීනාහ්වේ පවුල් බොහෝ ගණනක් විෂයෙහි උද්ගත විය. මෙයින් අප නිගමනය කරනුයේ 1-28 දක්වා වූ ආයාත් පහළ කරන ලද්දේ එම අවස්ථාවේ දී බවය.
(ආ) යුධ සමයේ දී සලාත් පැවැත්වීම පිළිබඳපනත පනවන ලද්දේ හිජ්රි 4 වැන්නේ දී සිදු වූ යුධ චාරිකාවක් වූ zසාත්-උර්-රිකාඋ (ZAT-UR-RIQAA) අවස්ථාවේදී බව අපට හදීසයන්ගෙන් හෙළි වෙයි. මේ අනුව 102 වන ආයාතය සහිත දේශනය පහළ කරන ලද්දේ එම අවස්ථාවේදී යැයි අපි නිගමනය කරමු.
(ඇ) යුදෙව්වන්ට කරන ලද අන්තිම අනතුරු ඇඟවීම (47 වන වාක්‍යය) කරන ලද්දේ හිජ්රි 4 වැන්නේ රබ්-උල්-අව්වල් මස මදීනාහ්වෙන් බනි නදීර් ගෝත්‍රය පළවා හැරීමට පෙරය. මේ අනුව, 47 වන ආයාතය එදිනට පෙර යම් අවස්ථාවක හෙළිදරව් කරන ලදැයි පහසුවෙන්ම තීරණය කළ හැක.
(ඈ) තයම්මුම් (ජලය නොමැති විට, පිරිසිදු දුහුවිලි පාවිච්චී කොට පිරිසිදු වීම) පිළිබඳ අවසරය දෙන ලද්දේ හිජ්රි 5 වැන්නේ දී පමණ සිදු වූ බනි-අල්-මුෂ්තලික් යුද චාරිකාවේදිය. එබැවින් 43 වන ආයාතය ඇතුළත් වහීය පහළ වූ සමය හිජ්රි 5 වැන්නය.
ඵෙතිහාසික පසුබිම
දැන් අපි මෙම සුරතය තේරුම් ගැනීම සඳහා මෙම කාලසීමාව පිළිබඳ සාමාජික හා ඵෙතිහාසික කරුණු සලකා බලමු.
මෙම සුරතයේ සියලුම පාඨයන්ට අදාළ වන්නේ එවකට නබි තුමාට මුහුණ පාන්නට වූ ප්‍රධාන ප්‍රශ්න තුනකටය . පළමුවෙන්ම ඔහු ව්‍යවෘතව සිටියේ මදීනාහ්වට සංක්‍රමණය වූ කාලයේදී පහළ වූ ඉස්ලාමිය සමාජයේ අංග සම්පුර්ණ සංවර්ධනයක් ඇති කිරීම උදෙසාය. මේ සඳහා ඔහු පුර්ව ඉස්ලාමිය කාලසිමාවට පෙර පැවතී පැරණි සදාචාරමය, සංස්කෘතික, සාමාජික, ආර්ථික හා දේශපාලන පිළිවෙත් වෙනුවට නව පිළිවෙත් සමුදායක් හදුන්වා දෙමින් සිටියේය. ඔහුගේ අවධානය හා ප්‍රයත්නයන් යොමු වූ දෙවන කරුණ වුයේ ඔහුගේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයට සර්වප්‍රකාරයෙන්ම එරෙහි වූ මුෂ්රීක්(අල්ලාහ්ට ආදේශ තබන්නන්) අරාබිවරුන්, යුදෙව් ගෝත්‍ර හා ව්‍යාජ අනුගාමිකයන් සමග පැවතී තියුණු සටනට, සියල්ලටම වඩා ඔහු විසින් කළ යුතු වුයේ වැඩියෙන් ජනයාගේ සිත් සතන් දිනා ගැනීම පිණිස මෙකි පාපී බලවේගයන්ගේ තියුණු ප්‍රහාරයන්ට මුහුණු දෙන අතරම ඉස්ලාම් පැතිරවීමය.
ඒ අනුව ඉස්ලාමිය සමාජය එක්සත් කිරීම හා ශක්තිමත් කිරීම සඳහා අල්-බකරහ් සුරතයේදී දුන් උපදෙස් තවදුරටත් ඉදිරියට ගෙන යමින් ඒ කරුණ සඳහාම සවිස්තර උපදෙස් මෙම සුරතයෙහි සපයා ඇත. පවුල් ජීවිතය නිරවුල්ව හා සාමකාමිව ගෙන යාමේ මුල ධර්ම මෙහි පනවා ඇති අතර පවුල් ආරවුල් විසඳීමේ ක්‍රමද උගන්වා තිබේ. විවාහයට අදාළ නීතිරීති පනවා ඇති අතරම භාර්යාවගේ හා ස්වාමිපුරුෂයාගේ අයිතිවාසිකම් සාධාරණ හා යුක්ති සහගත ලෙස බෙදා වෙන කර ඇත්තේය. සමාජයෙහි කාන්තාවන්ට ලැබිය යුතු තැන තීරණය කොට, අනත් දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශයක් කර තිබේ. උරුම වන දේපළ බෙදීම සඳහා අවශ්‍ය නීති රීති පනවා ඇති අතර ආර්ථික කටයුතු ප්‍රතිසංස්කරණය කිරීම සඳහා උපදෙස්ද සපයා ඇත. දණ්ඩ නීතියේ පදනම නියම කොට තිබේ. මත්පැන් බීම තහනම් කරන ලදුව පිරිසිදුකම හා පවිත්‍රත්වය රැකගැනීමට අදාළ වූ උපදෙස් දෙන ලදී . යහපත් මනුෂ්‍යයන් විසින් අල්ලාහ් සහ තමන්ගේ සහෝදර ජනයා සමඟ ඇති කරගත යුතු සම්බන්ධතාවන්හි ස්වාභාවය කවරක් විය යුතුද යන්න මුස්ලීම්වරුන්ට උගන්වා ඇත. මුස්ලිම් සමාජයේ විනය රැකීම උදෙසා උපදෙස් සපයන ලද්දේය.
මුස්ලීම්වරුන්ට පාඩම් ඉගැන්වීම සඳහාත්, දහම්ලත් ජනයා අනුගමනය කිරීමෙන් මුස්ලීම්වරුන් කල්තියා වැළැක්වීම සඳහාත් එකී ජනයාගේ සදාචාර හා ආගමික තත්ත්වය සමාලෝචනය කරන ලද්දේය. මුනාෆික්වරුන්(ව්‍යාජ අනුගාමිකයි)ගේ ක්‍රියාකලාපය විවේචනයට භාජන කරනු ලැබ ව්‍යාජ භක්තිය හා සැබෑ භක්තිය අතර පවත්නා පැහැදිලි වෙනස්කම් හා ලක්ෂණ පෙන්නුම් කර දී ඒ දෙක වෙන් කොට හැඳිනගැනීමට මුස්ලීම්වරුන්ට මාර්ගය දක්වා තිබේ.
උහද් සටනේ ප්‍රතිඑලවලට මුහුණ දීම සඳහා සිය සතුරා හා නිර්භීතව සටන් කරන සේ මුස්ලීම්වරුන් දිරිගන්වනු වස් අල්ලාහ් විසින් උද්වේගකර දේශන ඒවා ඇත. මක්නිසාද යත්, එම සටනේදී මුස්ලිම්වරුන් ලත් පරාජය නිසා අරාබි මුෂ්රීක් ගෝත්‍රිකයෝත් අසල් වැසි යුදෙව්වරුත් එහි විසු ව්‍යාජ අනුගාමිකයෝත් කෙතරම් දිරිමත් වූවාහුද යත් ඔවුහු දසතින්ම මුස්ලීම්වරුන් වෙත තර්ජන එල්ල කළහ. මෙම බැරෑරුම් අවස්ථාවේදී අල්ලාහ් මුස්ලිම්වරුන්ට ධෛර්යය දෙමින් යුද වලාකුළු වලින් අඳුරු වූ එම අවධියට අවශ්‍ය වන අන්දමේ උපදෙස් ඔවුන් හට දුන්නේය. මුනාෆික්වරුන් හා භක්තියෙන් හීන මුස්ලිම්වරුන් විසින් පතුරවමින් තිබුණු දරුණු කටකතාවලට පිළියමක් වශයෙන් එම දුෂ්‍යමාන ආරංචි පිළිබඳව සම්පුර්ණයෙන් කරුණු පරීක්ෂා කොට වගකිවයුත්තන්ට ඒ පිළිබඳ ව දැනුම් දෙන ලෙස ජනයාට දන්වන ලදී . සටන් කිරීම උදෙසා ඔවුන් ගිය ඇතැම් තැන්වල වුළු කිරීම සඳහා ජලය නොවූ හෙයින් සලාත් පැවැත්වීමෙහිලා යම් යම් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට ඔවුන්ට සිදුවිය. එවැනි අවස්ථාවන්හිදී පිරිසිදු පස් උපයෝගී කොට තයම්මුම් කර ගැනීමටත් තමන් අන්තරායකට මුහුණ පාමින් සිටින විට බිය හා සන්ත්‍රාසය පවතින අවස්ථාවේදී සලාතය කෙටියෙන් ඉටු කිරීමටත් ඔවුන්ට අවසර දෙන ලදී. කාෆිර් අරාබි ගෝත්‍රයන් අතර විසිර සිටි ඔවුන් හා බොහෝ විට යුද වැදුණු මුස්ලීම් ජනයා පිළිබඳ දුෂ්කර ප්‍රශ්නය විසඳීම සඳහාද උපදෙස් දෙන ලදී. ඉස්ලාමයේ නිජභුමිය වූ මදිනාහ්වට සංක්‍රමණය වන ලෙස ඔවුන්ට ඇරැයුම් කරන ලදී.
මුස්ලිම් ජනයා සමඟ සමගි සම්මුතිවලට ඇතුළත් වූ නමුදු ඔවුන් කෙරෙහි සතුරු වූත් තර්ජනාත්මක වුත් ආකල්පයක් දැක්වූ බනි නදීර් ජනයා පිළිබඳවද මෙම සුරතයෙහි සඳහන් වෙයි. ඔවුහු මදීනාහ්වේදී පවා ඉස්ලාමයේ සතුරන් හා එළිපිටම එක් වෙමින් නබිතුමාට හා මුස්ලීම් සමාජයට එරෙහිව කුමන්ත්‍රණය කරමින් පසුවුහ. ඔවුන්ගේ එම දුෂ්ට ක්‍රියා කලාපය වෙනුවෙන් ඔවුන්ට දෝෂාරෝපනය කරනු ලැබ, ආකල්පය වෙනස් කර ගන්නා ලෙස අවසන් අනතුරු ඇඟවීමක්ද කරන ලදී. අන්තිමේදී ඔවුන්ගේ ඉරණම වුයේ විෂමාචාරි හැසිරීම හේතුවෙන් ඔවුන් මදීනාහ්වෙන් පළවා හරිනු ලැබීමයි.
මේ අවධියේදී මහත් කරදරකාරී ප්‍රශ්නයක් වූ මුනාෆික්වරු, මුඃමීන්වරුන්ට මහත් දුෂ්කරතාවන් ඇති කළහ. එබැවින් ඔවුන් විෂයෙහි නිසි ක්‍රියා මාර්ගයන් ගැනීමට මුස්ලීම්වරුන්ට හැකි වන පරිදි ඔවුහු විවිධ ගණවලට බෙදන ලදහ.
තවද තමන්ට එරෙහිව සටනට ඉදිරිපත් නොවූ ගෝත්‍රයන් සම්බන්ධයෙන් මුස්ලීම්වරුන් දැරිය යුතු ආකල්පය පිළිබඳව පැහැදිලි උපදෙස් දෙන ලදී. එකල ඉටු කළ යුතුව තිබුණු ප්‍රධානතම කාර්තව්‍යය වුයේ ඉස්ලාමයට එරෙහි වුවන් හා තියුණු සටනකට මුස්ලීම්වරුන් සුදානම් කීරීමය. මේ සඳහා මුල් තැන දෙන ලද්දේ මුස්ලීම්වරුන්ගේ චරීත හැඩගැස්වීම කෙරෙහිය. මක්නිසාද යත්, එම කුඩා මුස්ලීම් ජනතාවට ජයග්‍රහණය කළ හැක්කේ, එසේ නොමැති නම් දිවි රැකගෙන විසිය හැක්කේ ඔවුන්ට උසස් චරිතයක් සතු වුවහොත් පමණකි. එබැවින් උසස්ම සදාචාරය ගතිගුණ වඩන ලෙස ඔවුන්ට නියම කරන ලදී. ඔවුන් තුළ යම් දුබල චරිත ලක්ෂණ දක්නට ලැබුණි නම් ඒවා නිර්දය ලෙස දෝෂාරෝපණයට ලක් කරන ලදී.
මෙම සුරතයට විෂය වී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම සදාචාර හා සමාජ ප්‍රතිසංකරණය වුවද, ඉස්ලාමය පැතිරවීම කෙරෙහිද නිසි අවධානය යොමු කොට ඇත. එක් අතකින් යුදෙව්වන්ගේද ක්‍රිස්තු භක්තිකයන්ගේ හා මුෂ්රීක්වරුන්ගේද සභ්‍යත්වයට වඩා ඉස්ලාමිය සදාචාරයේ හා සංස්කෘතියේ උත්තරීතරභාවය සනාථ කොට ඇත. අනිත් අතට, එම කාෆිර්වරුන් සත්‍යයේ මාර්ගය වෙත කැඳවා ගැනීම සඳහා පසුබිම සකස් කිරීම පිණිස ඔවුන්ගේ මිත්‍යාචාරය හා දුෂ්ට ක්‍රියාවන් විවේචනයට භාජනය කොට ඇත.
4 . සුරත් අන්-නිසා (ස්ත්‍රීන්) ආයාත් 176 කි.
මදිනාහිදී හෙළිදරව් කෙරුණකි.
මාතෘකා සහ අන්‍යොන්‍ය සම්බන්ධතා
වාක්‍ය 1 සිට 35 දක්වා
පවුල් ජීවිතය සතුටින් හා සාමයෙන් පවත්වා ගැනීම සඳහා ස්වාමිපුරුෂයාට හා භාර්යාවට යුක්ති සහගත හා සාධාරණ නීතිරීති පනවා ඇත. උරුම වන දේපළ හා වස්තු ආදිය බෙදීම සම්භන්ධයෙන් සවිස්තර උපදෙස් සපයා තිබේ. අනත් දරුවන්ගේ අයිතිවාකම් විෂයෙහි සුදුසු පරිදි සැලකිලිමත් වී ඇත.
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි.
1. මිනිසුනි! එකම ආත්මයකින් නුඹලා මවා, එයින්ම නුඹලාගේ සහකාරියද මවා එම දෙදෙනාගෙන් අනන්ත අප්‍රමාණ පුරුෂයින්ද ස්ත්‍රීන්ද (ලොවපුරා) *1 පැතිර වූ රබ්(පරමාධිපති)ට බියබැතිමත් වනු. ඔහුගේ නාමයෙන් නුඹලා එකිනෙකා (තම උරුමය) ඉල්ලා සිටින අල්ලාහ්ට බිය වනු. ලේ උරුමය (කඩ කිරීම) ගැනද බිය වනු. නියතවශයෙන්ම අල්ලාහ් නුඹලා ගැන සුපරික්‍ෂාකාරීව සිටින්නෙහිය.
(1) මෙම ප්‍රස්තාවනාව මෙහි පසුව එන මිනිස් අයිතිවාසිකම් පිළිබඳව විශේෂයෙන්ම පවුල් ජීවිතය මැනවින් පවත්වාගැනීම පිළිබඳව නීතිරීතිවලට විසිතුරු ලෙසින් ගැලපෙයි. එක් අතකින් අල්ලාහ්ගේ උදහසින් ගැලවීමට අල්ලාහ්ට බියවන ලෙස ජනයාට ඇරයුම් කර ඇත. අනෙක් අතට සකල මනුෂ්‍ය වර්ගයාම එකම දෙමාපියන්ගෙන් ජනිත වූ බවත් එබැවින් ඔවුන් එකිනෙකාට කිට්ටු නෑසබඳකම් ඇත්තවුන් බවත් සිහිපත් කර දෙනු ලැබේ. ” ඔහු එකම (නෆ්ස් ) පුද්ගලයකුගෙන් ඔබ මැවීය”. පළමු කොට එක මනුෂ්‍යයකු මවන ලද්දේය. අනතුරුව ඔහුගෙන් මිනිස් වර්ගයා මහපොළොව පුරා විසිර පැතිරී ගියේය. එබැවින් ඔවුන් ඥාතී සම්භන්ධතාවයෙන් බැඳීම් හා වගකීම් අකුරටම පිළිපැදිය යුතුය. එම (තනි පුද්ගලයා) ආදාම් (අලෙයිහිස් සලාම් ) බව අල්-කුර්ආනයේ වෙනත් තැන්වල සඳහන් කොට ඇත. සමස්ත මිනිස් වර්ගයාම ජනිත වී මහපොළොව සිසාරා පැතිර ගියේ ප්‍රථම මිනිසා වන ඔහුගෙනි ……..”ඔහුගෙන් ඔහුගේ සහකාරියද මැවීය”. ඔහුගේ සහකාරිය ඔහුගෙන් මවන ලද්දේ කෙසේද යන්න පිලිබඳව නිශ්චිත සවිස්තර දැනුමක් අපට නැත. අටුවාචාරීන් පොදුවේ පවසන්නේ හව්වා (අලෙයිහස් සලාම්) මවන ලද්දේ ආදම් (අලෙයිහිස් සලාම්)ගේ ඉල ඇටයකින් බවය. බයිබලයේද එම කතා ප්‍රවෘත්තියම එයි. ඇය ආදම් (අලෙයිහිස් සලාම්) ගේ දහතුන්වන ඉල ඇටයෙන් මවන ලදැයි තල්මුද් ග්‍රන්ථයෙහි පැවසේ. එහෙත් අල්-කුර්ආනය මෙහි ලා නිශ්ශබ්දය. තවද මෙය තහවුරු කරනු වස් ගෙන හැර දක්වනු ලබන මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ හදීසයෙහි ඇත්තේ සාමාන්‍යයෙන් අදහස් කර ඇති අරුතට වෙනස් අරුතකි. එබැවින් කල හැකි හොඳම දෙය නම්, අල්-කුර්ආනයෙහි මෙන් මෙය අර්ථ විවරණය රහිතවම තැබීමත් එහි විස්තර තීරණය කිරීමෙහිලා කාලය අපතේ නොයැවිමත්ය.
2. අනත් දරුවන්ට ඔවුන්ගේ දේපළ (ආපසු) ලබාදෙනු.*2 නුඹලාගේ නොවටිනා දේ වෙනුවට (ඔවුන්ගේ) වටිනා දේ*3 හුවමාරු නොකරගනු. තවද නුඹලාගේ දේපළ සමග (මිශ්‍ර කිරීමෙන්) ඔවුන්ගේ දේපළ ගිල නොගනු. නියතවශයෙන්ම එය මහත් වූ පාපයකි.
(2.) එනම් අනත් දරුවන් අඩු වයසේ පසුවන තාක්කල් ඔවුන්ගේ දේපළ ඔවුන්ගේ යහපත උදෙසා පමණක් වැය කරන්න. ඔවුන් වැඩිහිටි භාවයට පත්වීමේ වයසට පැමිණි වීට ඔවුන්ගේ නිත්‍යානුකුල දේපළ ආපසු ඔවුන්ටම දෙන්න.
(3.) මෙය අරුත්බර වැකියකි. ‘කිසිඳු නීතිවිරෝධී අයුරකින් නුඹගේ ආදායම අපවිත්‍ර කර නොගනු.’ යනු එහි අරුත විය හැකිය. ‘නුඹගේ නොවටිනා දේ වෙනුවට අනත් දරුවන්ගේ වටිනා ගේ හුවමාරු නොකරනු’. යනුද එහි අරුත විය හැක.
3. අනත් දරුවන්ට යුක්තිය ඉෂ්ට කිරීමට නුඹලාට නොහැකි වෙතැයි නුඹලා බිය වෙතොත්, නුඹලා විසින් තෝරා ගනු ලබන ස්ත්‍රීන් දෙදෙනකු, තිදෙනකු හෝ සිවුදෙනකු විවාහ කරගනු.*4 එහෙත් ඔවුන් කෙරෙහි යුක්තිය ඉෂ්ට කිරීමට නුඹලාට හැකි නොවැතැයි නුඹලා තුළ බියක් පහළ වුවහොත් එක් කෙනකු*5 (පමණක් විවාහ කරගනු.) නැතහොත් නුඹලාගේ දකුණු අතට පත්වූ ස්ත්‍රීන්*6 විවාහ කරගනු. අයුක්තියක් කිරීමෙන් වැළකීම සඳහා වඩාත් සමීප ක්‍රියා මාර්ගය මෙය වේ.
(4) අටුවාචාරීහු මීට තුන් අරුතක් දක්වති.
(අ) අඥාන (ජාහිලිය්යාත්) සමයේ පවතී අයෝග්‍ය සිරිතකට පිළියම් වශයෙන් මෙය පහළ කරන ලදැයි හස්රත් ආයිෂා (රලියල්ලාහු අන්හා) තුමිය පවසයි. අනත් දැරියන්ගේ භාරකරුවෝ ඔවුන්ගේ ධනය හා රුප ශෝභාව තකා එම දැරියන් තමන්ගේ අණසක යටතේ තබාගැනීමේ අභිප්‍රායෙන් ඔවුන් විවාහ කර ගැනීමට පුරුදුව සිටියෝය. එම දැරියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටඕන් කිසිවෙක් නොවීය. එම නිසා එම භාරකරුවෝ කිසිඳු බියක් හෝ සැකයක් නැතිව එම දැරියනට අසාධාරණ ලෙසින් ක්‍රියා කළහ. එබැවින් මෙම භාරකරුවන් මුස්ලිම් වූ විට අනත් දැරියන් විවාහ කර ගැනීමේදී ඔවුන්ට යුක්තිය ඉටු කිරීමට තමන්ට හැකි වේ දැයි යනුවෙන් වූ බිය ඔවුන් තුළ පහළ විය. එබැවින් තමන්ගේ භාරයේ සිටින අනාථ දැරියන් හැර තමන්ට අභිමත ස්ත්‍රීන් ආවාහ කර ගන්නා ලෙස ඔවුන්ට අල්-කුර්ආනයෙන් උපදෙස් දී ඇත. මෙම සුරතයේ 127 වන වාක්‍යයෙන්ද මෙම අර්ථ කථනය තහවුරු වෙයි.
(ආ) මේ පිළිබඳව අර්ථ කථනයක යෙදෙන හස්රත් ඉබ්න් අබ්බාස් (රලියල්ලාහු අන්හු)ද එතුමාගේ ශිෂ්‍ය ඉක්රිමාහ් කියා සිටින්නේ මෙම පනත පනවන ලද්දේ එවකට පවතී අයුත්තක් දුරලනු පිණිස බවය. ප්‍රාග්-ඉස්ලාමිය සමයේදී කෙනකුට විවාහ කර ගතහැකි භාර්යාවන් සංඛ්‍යාවේ සීමාවක් නොවීය. ඇතැමෙක් බිරියන් දොළොස් දෙනකු පවා විවාහ කරගත්හ. එහෙත් වැඩිවන වියදම දරා ගැනීමට තමන්ට නොහැකි වූ විට ඔවුහු සිය අනාථ මුණුබුරන්ගේ හා වෙනත් අසරණ ඥාතීන්ගේ දේපළ පැහැර ගැනීමට පුරුදුව සිටියහ. එබැවින් අල්ලාහ් උපරිම භාර්යාවන් සංඛ්‍යාව සතර දෙනෙකුට සීමා කළේය. එහෙත් එයද කෙනකු සිය අඹුවන් සියල්ලන්ටම එක සේ යුක්තිය ඉෂ්ට කළ යුතුය යන නියමයට යටත් කළේය.
(ඇ) මෙම අණ පනත පනවන ලද්දේ භාර්යාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට යැයි සඊද් බින් ජුබයිර්, කතාදාහ් සහ ඇතැම් වෙනත් අර්ථ කථාදාරීහු ප්‍රකාශ කරති. ඉස්ලාමය පහළ වීමට පෙර පවා අනත් දරුවන්ට අයුක්තියක් කිරීම සමාජයේ දෝෂ දර්ශණයට ලක් වූ බව ඔවුහු පවසති. එහෙත් භාර්යාවන් සම්බන්ධයෙන් තත්ත්වය මීට වෙනස් විය. තමන්ට කැමති සංඛ්‍යාවක් ස්ත්‍රීන් විවාහ කර ගැනීමටත් සමාජය කෙරෙහි කිසිඳු බියක් සැකක් නැතිව හා හෘදය සාක්ෂිය ගැන තැකීමක් නොකොට ඔවුනට කෲර ලෙස හා අයුක්ති සහගත ලෙස සැලකීමටත් පුරුෂයෝ පුරුදුව සිටියහ. එබැවින් ඔවුන් අන්ත දරුවන්ට අයුක්තියක් කිරීමෙන් වළකින්නාක් මෙන්ම තමන්ගේ භාර්යාවන්ටද අයුක්තියක් නොකළ යුතු බවට අල්ලාහ් ඔවුන්ට තරවටු කළේය. එබැවින් ඔවුන් භාර්යාවන් සිවු දෙනකුට වඩා සරණ පාවා නොගත යුතුය. එසේ කළ හැක්කේ ද ඔවුන්ට යුක්තිය ඉෂ්ට කළ හැකි නම් පමණකි.
(5) මෙම වාක්‍යයෙන් භාර්යාවන් සංඛ්‍යාව සීමා කෙරෙන බවත් එකවීට භාර්යාවන් සිවු දෙනෙකුට වඩා විවාහ කර ගැනීම ඉන් තහනම් කෙරෙන බවත් සියලුම මුස්ලිම් නීති විශාරදයින්ගේ බහුතර මතයයි. හදීසයන් මඟින් ද මෙය තහවුරු වෙයි. තායිෆ්හි ප්‍රධානියා වූ ගයිලාන්, ඉස්ලාමය වැළඳගත් විට ඔහුට භාර්යාවන් නව දෙනෙකු සිටි බව කියනු ලැබේ. ඔවුන්ගෙන් සතර දෙනකු තබාගෙන සෙසසෝ තලාක්(දික්කසාද) කරන ලෙස මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණෝ ඔහුගෙන් ඉල්ලුහ. මෙවැනි තවත් අවස්ථාවක් නම් නව්ෆල් බින් මු ආවියාහ්ට සිය භාර්යාවන් පස් දෙනකුගෙන් එක්කෙනකු තලාක් (දික්කසාද) කරන ලෙස මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමන් විසින් අණ කරනු ලැබීමයි.
මෙම වාක්‍යයෙන්, සියලුම භාර්යාවන්ට යුක්තිය ඉෂ්ට කරමින් බහුභාර්යා සේවනය සීමා කෙරෙන බව සැලකිය යුතුය. එබැවින් යුක්තිය ඉෂ්ට කිරීමක් නොකොට එක් කෙනකුට වැඩි භාර්යාවන් සංඛ්‍යාවක් සරණ පාවා ගෙන මෙම අවසරයෙන් අයුතු ප්‍රයෝජනයක් ගන්නා තැනැත්තා අල්ලාහ් රැවටීමට තැත් කරන්නකි. එබැවින් භාර්යාවකට හෝ භාර්යාවන්ට කර ඇති අයුක්තියක් නිවරද කරනු වස් එහිලා යුක්තිය ඉෂ්ට කිරීමට මුස්ලිම් රාජ්‍යයක අධිකරණයන්ට බලය ඇත්තේය. එසේම මෙම අණ පනතට අදාළ යුක්තිය පිළිබඳ අතුරු විධානය අනුව, බහුභාර්යා සේවනය අහෝසි කිරීම ඉන් අදහස් කරන ලදැයි තීරණය කිරීමද සාකල්‍යයෙන්ම සාවද්‍යය. මෙය අල්-කුර්ආනයේ මතය නොව බටහිර කිතුනුවන්ගේ මතය කාවද්දනු ලැබූ ඇතැම් මුස්ලිම්වරුන්ගේ මතයයි. අල්-කුර්ආනයත් බහුභාර්යා සේවනයට විරුද්ධ බවත් එම සිරිත එවකට බහුලව පවතී හෙයින් එක එල්ලේම එය අහෝසි කිරීම ප්‍රඥාගෝචර නොවන හෙයින් එසේ නොකළ බවත් ඔවුහු පවසති. ඒ වෙනුවට සියළුම භාර්යාවන්ට යුක්තිය ඉටු කෙරෙතොත් බහු භාර්යා සේවනයට අල්-කුර්ආනයෙන් අවසර ලැබේ. මෙම කොන්දේසිය සපුරාලීම දුෂ්කර හෙයින් නිර්දේශය වනුයේ ඒක භාර්යා ක්‍රමයකට පක්ෂවයි. මෙලෙස සිතීම මානසික වහල්භාවයේ ප්‍රතිඑලයක් බව පැහැදිලිය. මක් නිසාද යත් බහු භාර්යා සේවනය, චාරිත්‍රයක් වශයෙන් ගතහොත් වරදක් නොවන හෙයිනි. ඇතැම් අවස්ථාවන්හිදී එය සැබැවින්ම සංස්කෘතික හා සදාචාරාත්මක අවශ්‍යතාවක් වේ. ඇතැම් පුරුෂයන්ට යහපත් යැයි හැඟුණද එක භාර්යාවකගෙන් තෘප්තිමත්ව සිටිය නොහැකිය. එවිට ඔවුන්ගේ සහායට බහු භාර්යා ක්‍රමය ඉවහල් වේ. එමඟින් ඉවක් බවක් නැති අයතා ලිංගික සන්තර්පනයන්ගේ හානියෙන් ඔවුනුත් සාමාන්‍යයෙන් සමාජයත් ආරක්ෂා වේ. එබැවින් ඉස්ලාමයේ අනුමතය පරිදි තමා සතු සියළුම භාර්යාවන්ට යුක්තිය ඉෂ්ට කිරීමේ විශේෂ කොන්දේසියට යටත්ව බහුභාර්යා සේවනය අල්-කුර්ආනය අනුමත කරන්නේ බහුභාර්යා සේවනය අවැඩදායක දෙයකැයි සලකනවුන්ට නම් අල්-කුර්ආනයට විරුද්ධ වීමටත් බහුභාර්යා සේවනය හෙළා දැකීමටත් නිදහස තිබේ. එහෙත් තමන්ගේ විකෘති මත අල්-කුර්ආනයට ආරෝපණය කිරීමට ඔවුන්ට අයිතියක් නැත. මක්නිසාද යත්, ඉතා පැහැදිලි භාෂාවෙන් එය නිත්‍යානුකුල බව අල්-කුර්ආනය ප්‍රකාශ කරන හෙයිනි. තවද අල්-කුර්ආනය බහු භාර්යා සේවනය අහෝසි කිරීමට අදහස් කරතියි පැවසීමට එහි එන පදයෝජනය කිසි ලෙසකිනුත් උපයෝගී කරගත නොහැක. (මෙහි වැඩිදුර විස්තරාත්මකපැහැදිලි කිරීමක් සඳහා සුන්නත් කී ආඊනි ආ-හයිසියත් නමැති මාගේ ග්‍රන්ථය කියවා බලන්න. පිටු 307-316 දක්වා)
(6) ‘ ඒ ස්ත්‍රීන්’ යනුවෙන් අදහස් කරන ලද්දේ යුද්ධයේදී අල්ලා ගන්නා ලදුව රජය විසින් ජනයා අතර බෙදා දෙනු ලැබූ වහල් දැරියෝයි. මෙයින් අරුත් දෙකක් ධ්වනිත වේ. ;නිදහස් ස්ත්‍රියකගේ වියදම ඔබට දැරිය නොහැකි නම්, 25 වන වාක්‍යයෙන් අවසර දී ඇති පරිදි ඔබට වහල් දැරියක් සරණ පාවා ගත හැකිය. එසේ නැතහොත් මේ අරුතද ගත හැකිය. ‘නුඹට එක් භාර්යාවකට වඩා අවශ්‍ය නම්, එහෙත් නිදහස් ජනයාගෙන් ගත් භාර්යාවන්ට යුක්තිය ඉෂ්ට කිරීමට නුඹ අපොහොසත් වෙතොත් නුඹට වහල් දැරියන් සරණ පාවා ගත හැක. මක් නිසාද යත්, එසේ වූ විට නුඹගේ වගකීම හාරය එතරම් වැඩි නොවනු ඇත.’ (විස්තර සඳහා මෙම සුරතයේ 44 වන පාද සටහන බලන්න.)
4. ස්ත්‍රීන්ට ඔවුන්ගේ දායාද (යුතුකමක් වශයෙන්) කැමැත්තෙන් දෙනු. එහෙත් ඔවුහු සිය කැමැත්තෙන්ම ඉන් කොටසක් නුඹලාට අත්හරින්නාහු නම් සතුටින් එය භුක්ති විඳිය හැකිය.*7
(7) භාර්යාවක් ඇයගේ මුළු දායාදයම හෝ ඉන් කොටසක් අත්හැර පසුව එය ඉල්ලන්නේ නම් එය ගෙවීමට ස්වාමිපුරුෂයාට බල කළ යුතු යැයි ද ඇය එය ආපසු ඉල්ලීමෙන්ම පෙනී යන්නේ ඇය තමාගේ ස්වාධින කැමැත්ත මත එය අත්නොහළ බව යයිද හස්රත් උමර් සහ කාzසි ෂුරෛහ් ප්‍රකාශ කරති. (වැඩි විස්තර සඳහා හුකුක්-අස්-සවුජයින් නමැති මාගේ ග්‍රන්ථයේ දෑවැද්ද ශිර්ෂය යටතේ ඇතිකොටස බලන්න.
5. නුඹලාගේ යැපීම සඳහා අල්ලාහ් විසින් සපයා ඇති නුඹලාගේ දේපළ දුබල සිතැතියන්ට නොදෙනු. එහෙත් නුඹලා එයින් ඔවුන්ට ආහාර පාන හා වස්ත්‍රාදිය සපයනු. තවද ඔවුනට හොදින් උපදෙස් දෙනු.*8
(8)මෙම වාක්‍යය පුර්ණ අරුත් ඇති වැකියකි. ජීවිතය පවත්වාගැනීමට ඉතා වැදගත් දෙයක් වන ධනය, දුබල මනසක් ඇති, එය නිසිලෙස පාවිච්චි කිරීමේ හෝ පාලනය කිරීමේ හැකියාවක් නැති අයට භාර නොදිය යුතු යැයි මුස්ලිම් සමාජයට මෙයින් ඉගැන්වේ. මක් නිසාද යත්, ධනය අයතා ලෙස භාවිතය කිරීමෙන් සංස්කෘතික හා අර්ථ ක්‍රමයද අවසානයේදී සදාචාර පිළිවෙතද විනාශ කරනු ලැබිය හැකි හෙයිනි. පෞද්ගලික දේපළ පිළිවෙත් අයුතිවාසිකම්වලට ගරු කළ යුතු බව සැබැය. එහෙත්, පෞද්ගලික අයිතිවාසිකම් කෙනකුට කැමති අයුරින් භුක්ති විඳ සමාජයේ අවුල් වියවුල් ඇති කරන තරමට එය සීමාරහිත නොවිය යුතුය. ජිවිතයට අවශ්‍ය දෑ සම්බන්ධයෙන් නම කිව යුත්තේ එම අවශ්‍යතාවන් සපුරාලිය යුතුමුත් ජන සමාජයේ සාමුහික සදාචාරාත්මක, සංස්කෘතික හා ආර්ථික යහපතට හානි කරවන අයුරින් එම අයිතිවාසිකම් භුක්ති විඳීමට අවසර නොදිය යුතු බවය. මෙම වාක්‍යයට අනුව, සෑම ධන හිමියෙකුම එම ධනය අන්‍යයකුට භාර දීමට මත්තෙන්, එය නිවැරදි ලෙස පරිහරණය කිරීමට ඔහුට හැක දැයි සිතා බැලිය යුතුය. වඩාත් පුළුල් වශයෙන් සලකතොත් සිය ධනය නිසි ලෙස භාවිතා කළ නොහැකි අයගේ හෝ එය වැරදි අයුරින් පරිහරණය කරන්නවුන්ගෙන් දේපළ ඉස්ලාමිය රාජ්‍යය විසින් සිය භාරයට ගෙන එම ධන හිමියන්ගේ ජිවනෝපායට අවශ්‍යතාවන් පිළිබඳව කටයුතු යෙදිය යුතුය.
6. අනත් දරුවන් විවාහභිමුඛ වියට පත්වන තුරු (නොකඩවා ඔවුන් නිරීක්‍ෂණය කරමින්) පරික්ෂා කරනු.*9 ඔවුන්ට සිය කටයුතු කරගැනීමට හැකියයි නුඹලාට පෙනී යතොත් ඔවුන්ට ඔවුන්ගේ දේපළ භාර දෙනු.*10 ඔවුන් වැඩිවියට පත් වී (තමන්ගේ දේපළ නුඹෙන් ඉල්ලා සිටිනු ඇතැයි බියෙන්) ඔවුන්ගේ දේපළ අයුක්ති සහගත ලෙසද නාස්තිකාර ලෙසද ඉක්මන් කමින් ගිල නොගනු. (අනත් දරුවන්ගේ භාරකරුවන් අතරින්) කවරකු හෝ ධනවත් නම් ඔහු (එම අනාථයින්ගේ දේපළ භුක්ති විදීමෙන්) වැළකි සිටිය යුතුයි. යමකු දිළිඳු නම් එයින් සාධාරණ ලෙස ගෙන භුක්ති වීඳීමට ඔහුට පුළුවන.*11 නුඹලා ඔවුන්ගේ දේපළ ඔවුන්ට භාර දෙන විට ඊට සාක්ෂි වශයෙන් (මිනිසුන් කීපදෙනකු) යොදවා ගනු. (නුඹලාගේ ක්‍රියාවන්) ගණන් ගැන්මෙහි අල්ලාහ් ප්‍රමාණවත්ය.
(9) එනම්, “ඔවුන් යෞවන භාවයට පත්වීමට ආසන්න වූ විට, ඔවුන් ගැන පරීක්ෂාකාරී ව සිට තමන්ගේ කටයුතු කෙතරම් දුරට තමන්ටම පරිපාලනය කරගත හැකි දැයි නිශ්චය කිරීම පිණිස ඔවුන්ගේ බුද්ධිය උරගා බලන්න.”
(10) අනත් දරුවන්ට ඔවුන්ගේ දේපළ ආපසු භාර දීම උදෙසා ඔවුන්ගේ යොවුන් බව හා හැකියාව පිළිබඳව කොන්දේසි දෙකක් පනවා ඇත. පළමුවන කොන්දේසිය සම්බන්ධයෙන් නම්, සියලුම නීතිවේදීහු ඒකමතිකයහ. එහෙත්, දෙවන කොන්දේසිය විෂයෙහි මතභේද ඇත්තේය. ඉමාම් අබු හනිෆාහ්ගේ මතය වී ඇත්තේ අනත් දරුවා යොවුන් වියට පා තබන අවස්ථාවේදී ඔහු හැකියාව ලබා නැතහොත්, ඔහුගේ භාරකරුවා උපරිම වශයෙන් සත් වසරක් බලා සිට අනතුරුව අනත් දරුවා හැකියාව ලැබූ බවට ලකුණු පෙන්වුවත් නැතත් ඔහුගේ දේපළ ආපසු ඔහුට භාර දිය යුතුය. එහෙත් අනත් දරුවාට ඔහුගේ දේපළ ආපසු භාර දීමට නම් හැකියාව පිළිබඳ නියමය සපුරාලිය යුතු බව ඉමාම් අබු යුසුෆ් ඉමාම් මුහම්මද් සහ ඉමාම් ෂාෆිඊ(රහ්මතුල්ලාහ් අලෙයිහි)ගේ මතය වේ. එවැනි අනත් දරුවකු පිළිබඳ කාරණය මුස්ලිම් විනිශ්චයකාරයකු වෙත ඉදිරිපත් කළ යුතු බවත් දේපළ පරිපාලනය කිරීමේ හැකියාව නැතැත්තන්ගේ දේපළ පරිපාලනය කිරීම සඳහා නිසි විධිවිධාන එම විනිශ්චයකරු විසින් යෙදිය යුතු බවත් පසුව සඳහන් කළ උගතුන්ගේ මතය බව කිව හැකිය.
(11) එනම්, “සෑම අපක්ෂපාති පුද්ගලයකු විසින්ම සාධාරණ යැයි සලකනු ලැබිය හැකි ප්‍රමාණයේ ගාස්තුවක් පමණක් ඔහු සිය සේවාවන් සඳහා අය කළ යුතුය. තවද ඔහු එය එළිපිටම අයකර ඒ පිළිබඳ ගිණුම් තබාගත යුතුය.”
7. (මියගිය) දෙමව්පියන් හා පවුලට සම්බන්ධ නෑදෑයින් විසින් තබාගිය දෙයින් පිරිමින්ට කොටසක් හිමිවේ. එලෙසින්ම (මියගිය) දෙමව්පියන් හා පවුලට සම්බන්ධ නෑදෑයින් තබාගිය දෙයින් කොටසක් ස්ත්‍රීන්ට ද හිමිවේ. එය ස්වල්පයක් හෝ සම්භාරයක් හෝ*12 වේවා. මෙය (අල්ලාහ් විසින්) නියම කර ඇති කොටස වේ.
(12) උරුමය පිළිබඳව නෛතික රෙගුලාසි පහක් මෙම වාක්‍යයට ඇතුළත් වෙයි. පළමුවැන්න නම් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම එහි කොටස් කාරයෝ වෙති. දෙවැන්න උරුමය කෙතරම් ස්වල්ප හෝ නොවැදගත් වුවද, එය සියලුම උරුමක්කාරයින් අතරේ බෙදිය යුතුය. මෙය කෙතරම් අනුගම්‍යද යතහොත්, මිය ගිය අය තබා ගොස් ඇත්තේ රෙදි යාරයක් පමණක් නම් අවශ්‍ය නම් එය කැබලි දහයකට වුවද කැපිය යුතුය. එතකුදු වුවත්, අන්‍යොන්‍ය එකඟත්වයෙන් සෙස්සන්ගේ කොටස් මිලට ගැනීමට උරුමක්කාරයෙකුට පුළුවන. තුන්වැන්න මෙම නීතිය පැවරිය හැකි හෝ නොහැකි කෘෂිකාර්මික හෝ කාර්මික හෝ වෙනත් ස්වාභාවයක සියලුම දේපළවලට අදාළ වේ. සතරවැන්න, උරුම අයිතිවාසිකම වලංගු වන්නේ මිය ගිය තැනැත්තා යම් දේපළක් තබා මිය ගොස් ඇතොත් පමණකි. පස්වැන්න, කිට්ටුම නෑදැයින් ජිවත්ව සිටින විට දුර නෑදැයින්ට උරුම අයිතියක් නැති බවද පැහැදිලිය.
8.තවද (උරුමයන්) බෙදන විට පවුලට සම්බන්ධ නෑදෑයින්ද, අනත් දරුවන් හා දිළින්දන් පැමිණ සිටියහොත් ඔවුන්ටද එයින් යමක් දී කරුණාන්විත වචනයෙන් නුඹලා ඇමතිය යුතුය.*13
(13) උරුමය බෙදන අවස්ථාවේදී පැමිණ සිටින දුර හා කිට්ටු නෑදැයින්ටද, පවුලේ දිළිඳු සාමාජිකයන්ටද අනත් දරුවන්ටද එහිලා අයිතියක් නොමැති විය හැකි වුවද ඔවුන් කෙරෙහි ත්‍යාගශීලි වන ලෙස මිය ගිය තැනැත්තාගේ උරුමක්කාරයන්ට මෙයින් නියම කොට තිබේ. උරුමක්කාරයන් ඔවුන්ට යමක් දී මෘදු වචනයෙන් කථා කළ යුතුය. පටු කල්පනාකාරීන් කරන්නාක් මෙන් කර්කශ හෝ අකාරුණික වදන් භාවිතා නොකළ යුතුයි.
9. තමන්ගෙන් (මරණයෙන්) පසු අසරණ දරුපරපුරක් තබා යතොත් ඔවුන්ගේ අනාගතය පිළිබඳව (කෙතරම් ඕනෑකමක් දක්වා තිබුනේද යත්, එය ජනයා අවබෝධ කරගෙන) ඊට බිය වෙත්වා, එනිසා ඔවුන් අල්ලාහ්ට බියබැතිමත් විය යුතුය. තවද යුක්ති සහගත වුත් නිවැරදි වුත් දෙය ඔවුන් පැවසිය යුතුය.
10. අනත් දරුවන්ගේ දේපළ අසාධාරණ ලෙසින් ගිල ගන්නා අය සැබැවින්ම තමන්ගේ කුස පුරවා ගන්නේ ගින්නෙනි. ඔවුන් අපායේ දැවෙන ගින්නට පිවිසෙති.*14
(14) හදීසයක් අනුව, මෙම වාක්‍යය පහළ කොට ඇත්තේ හ(z)සරත් සඅද් බින් රුබායිගේ වැන්දඹුවගේ ඉල්ලීම මතය. ඇය සිය දුහිතෲන් දෙදෙනාද කැටුව මුහම්මද්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ උහද් සටනේදී ෂහීද් වූ (අල්ලාහ් වෙනුවෙන් ජීවිතය පිදු) සඅද්ගේ දුහිතෲන්ය. මේ ඔවුන්ගේ මයිලණුවෝ සඅද්ගේ මුළු දේපළම අයිතිකරගෙන මොවුන් සඳහා සතයකුදු තබා නැත. දැන් මීට පසු මොවුන් සරණ පාවා ගන්නේ කවුදැයි ඇසුවාය.
11. නුඹලාගේ දරුවන්ගේ (උරුමය සම්බන්ධයෙන්) අල්ලාහ් මෙසේ නුඹලාට නියම කරයි. (නුඹලාගේ දරුවන්ගෙන්) පිරිමියාට ගැහැණු දෙදෙනකුගේ කොටස මෙන් විය යුතුයි.*15 (උරුමක්කාරයන්ගේ සංඛ්‍යාව) ගැහැණුන් දෙදෙනකුට වැඩි ගැහැණුන් නම් ඔවුන්ට (මිය ගිය තැනැත්තා) හැර ගිය දෙයින් තුනෙන් දෙකක්*16 විය යුතුයි. තවද එකම දුවක නම් ඇයට (අයිති) කොටස (සම්පුර්ණ දේපළෙන්) හරි අඩකි. (මියගිය) ඔහුට දරුවන් වෙතොත් ඔහුගේ මව්පියන් දෙදෙනාගෙන් එක් අයකුට (සම්පුර්ණ දේපොළෙන්) හයෙන් එකක් බැගින් වේ.*17 එහෙත් ඔහුට දරුවන් නැතිව ඔහුගේ (එකම) උරුමක්කාරයින් ඔහුගේ දෙමව්පියන් නම් එවිට ඔහුගේ මවට තුනෙන් එකකි.*18 (මියගිය) ඔහුට සහෝදර සහෝදරියන් ද සිටිතොත් එවිට ඔහුගේ මවට හයෙන් එකකි. *19 (මෙම සියලුම කොටස් බෙදීම කළ යුත්තේ) ඔහු විසින් කියන ලද අන්තිම කැමැත්තේ (කොන්දේසි ඉටුකිරීමෙන් ) පසුව හා ණය (තිබෙතොත් එය) ගෙවීමෙන් පසුවය.*20 නුඹලාගේ දෙමව්පියන් හා නුඹලාගේ දරුවන් ගැන (කිව යුත්තේ) ඔවුන්ගෙන් කවරකු නුඹට වඩාත් ප්‍රයෝජනවත්දැයි නුඹ නොදනී. අල්ලාහ් විසින් මෙම කොටස් මෙසේ වෙන් කර දී ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්වඥානීද සර්වඥද වේ.*21
(15) උරුමය බෙදීමෙහි ලා පළමු වන මාර්ගය නම් පිරිමියෙකුගේ කොටස ගැහැනියකගේ මෙන් දෙගුණයක් විය යුතු බවයි. මෙය උචිත මෙන්ම සාධාරණද වේ. පවුලේ ප්‍රධාන ආර්ථික වගකීම් භාරය මුස්ලිම් නිතිය අනුව පැවරෙන්නේ පිරිමියාට හෙයින්ද ගැහැණිය ඉන් සම්පුර්ණයෙන්ම වාගේ නිදහස් කර ඇති හෙයින්ද ඇයගේ උරුම කොටස පිරිමියාගේ කොටසට වඩා අඩු වීම යුක්ති සහගතය.
(16) දුහිතෲන් දෙදෙනකු සම්බන්ධයෙන්ද මෙම නියමය බලපායි. එයින් අදහස් කෙරෙන්නේ මිය ගිය තැනැත්තා තබා ගොස් ඇත්තේ පුතුන් නොව දුවරුන් පමණක් නම්,ඔවුන් ගණනින් දෙදෙනකු හෝ ඊට වැඩි වුවද උරුමයෙන් තුනෙන් දෙකක් ඔවුන් සතු වේ. ඉතිරි තුනෙන් එක සෙසු උරුමක්කාරයන් අතර බෙදිය යුතුය. මෙහිලා බහුතර මතයක් නම්, මෙම නියමයට ආනුෂංගික වශයෙන් පහත දැක්වෙන නියමයද තිබිය යුතු බවයි. මිය ගිය තැනැත්තා එක පුත්‍රයකු පමණක් තබා මිය ගොස් ඇතොත් හා වෙනත් උරුමක්කාරයන් නැතොත් ඔහුට මුළු දේපළම අයත්විය යුතුය. වෙනත් උරුමක්කාරයන් වෙතොත්, ඔවුන්ගේ කොටස් ප්‍රදානය කිරීමෙන් පසු ඉතිරි කොටස සම්පුර්ණයෙන්ම ඔහුට ලැබිය යුතුය.
(17) මිය ගිය තැනැත්තා දරුවකු හෝ දරුවන් තබා ගොස් ඇතොත් ඔවුන් දුහිතෲන් පමණක් වෙතත්, පුතුන් පමණක් වෙතත්, පුතුන් හා දුහිතෲන් දෙවර්ගයම වෙතත්, එකම පුතකු හෝ එකම දුවක පමණක් වෙතත්, ඔහුගේ මව්පිය දෙදෙනාට එම උරුමයෙන් හයෙන් එකක් ලැබිය යුතුය. ඉතිරි තුනෙන් දෙක අවශේෂ උරුමක්කාරයන් අතර බෙදිය යුතුය.
(18) ඉතිරි තුනෙන් දෙක වෙනත් උරුමක්කාරයකු නැති නම් පියාට ප්‍රධානය කළ යුතුය. එසේ නැතහොත් පියා එම තුනෙන් දෙක සෙසු උරුමක්කාරයන් සමඟ බෙදා ගත යුතුය.
(19) මිය ගිය තැනැත්තාට සොහොයුරු සොහොයුරියන් වෙතොත්, මවගේ කොටස තුනෙන් එකේ සිට හයෙන් එකට අඩුකොට ඇත. මෙම අඩු කළ හයෙන් එක පියාගේ කොටසට එකතු කරනු ලැබේ. මක් නිසාද යත්, තත්ත්වය එසේ වූ විට පියාගේ වගකීම් වැඩි වන හෙයිනි. මියගියහුගේ දෙමාපියන් තවම ජිවත් වෙතොත්, ඔහුගේ සොහොයුරු සොහොයුරියන්ට කිසිවක් හිමි නොවන බව සැලකිය යුතුයි.
(20) ණය ගෙවීමට පෙරාතුව අන්තිම කැමැත්ත සපුරාලිය යුතු බව සඳහන් කෙරේ. මක් නිසාද යත්, සෑම මියගිය කෙනකුම ණයක් ගෙවිය යුතු නොවිය හැකි මුත් ඔහු සිය අන්තිම කැමති පත්‍රය පිළියෙළ කළ යුතු ය. නමුත් නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මුළු මුස්ලිම් සමාජයේම බහුතර මතය වී ඇත්තේ අන්තිම කැමැත්ත සපුරාලීමට වඩා ණය ගෙවීමට ප්‍රමුඛත්වය දිය යුතු බවයි. එනම්, ගෙවිය යුතු ණයක් ඇතොත් පළමු කොට එය ගෙවා අන්තිම කැමැත්තේ නියමයන් ක්‍රියාත්මක කළ යුතුය. ඉනික්බිතිව උරුමය බෙදිය යුතුය. කෙනකුගේ මුළු බුදලයෙන් තුනෙන් එකක් ඔහුගේ අන්තිම කැමැත්ත මඟින් පැවරීමේ අයිතිය ඔහු සතු බව අල් බකරහ් සුරතයේ 182 වන පාද සටහනින් පෙන්නා දෙන ලදී. මීට මෙසේ අවසර දී ඇත්තේ කෙනකුට සිය දේපළවලින් කොටසකට උරුමකම් කීමට හිමිකමක් නැති එහෙත් සුදුසු නෑයෙකුට හෝ නෑයන්ට ප්‍රදානය කිරීමට ඉඩ සැලසීම සඳහාය. උදාහරණයක් වශයෙන්, අනාථ මුණුබුරකු හෝ මිණිබිරියක වෙතොත් පුතකුගේ වැන්දඹුවක් හෝ දිළිඳු සොහොයුරකු හෝ සොහොයුරියන් ආදීන් වෙතොත් එවැනි අයකුට තම බුදලයෙන් කොටසක් අන්තිම කැමැත්ත මඟින් යම් සුදුසු කෙනකුට හෝ මහජන සේවය සඳහා හෝ යම් දේපළ කොටසක් ප්‍රදානය කළ හැකිය. සැකෙවින් කියතොත්, කෙනකුගේ උරුමයෙන් තුනෙන් දෙකක් (හෝ ඊට ස්වල්පයක් වැඩියෙන්) ඔහු විසින් බෙදා දෙනු ලැබීම, නීතියෙන් පාලනය වන අතර ඉතිරිය (තුනෙන් එකක් පමණ)තමාගේ පවුලේ විශේෂ ඕනෑ එපාකම් අනුව බෙදා දීමට ඔහුට අවසර ලැබේ. (පවුලේ අවශ්‍යතා ඒ ඒ පුද්ගලයා අනුව වෙනස් විය හැකිය.) ඒ සමගම, උරුමක්කාරයින්ට යම්කිසි අයුරකින් අන්තිම කැමති පත්‍රයක් මගින් අසාධාරණයක් සිදු වී ඇතොත් ඊට පිළියම්ද සපයා ඇත. පවුලේ සාමාජිකයින්ට අන්‍යොන්‍ය එකඟත්වයෙන් එම වරද නිවැරදි කර ගත හැකිය. එසේ නැතහොත්, යුක්තිය ඉෂ්ට කරවා ගැනීම සඳහා එය මුස්ලිම් විනිශ්චයකාරයකු වෙත ගෙන යාහැකිය.
(21) උරුමය පිළිබඳව දිව්‍ය නීතියේ නැණවත් බව නොදැන සිය අඥානකමින් එම නීතියේ ඊනියා, අඩුපාඩු සඳහා සංශෝධනයන් යෝජනා කරන සියල්ලන් සඳහාය මේ පිළිතුර.
12. තවද නුඹලාගේ භාර්යාවන් තබා යන දැයින් ඔවුනට දරුවන් නැතිනම් නුඹලාට අඩක් ලැබෙනු ඇත. එහෙත් ඔවුනට දරුවන් ඇතොත්, ඔවුන් ප්‍රකාශ කරන අන්තිම කැමැත්තේ (කොන්දේසි ඉටු කිරීමෙන්) පසු හා ණය (තිබෙනතාක් එය) ගෙවීමෙන් පසු නුඹලාට හතරෙන් එකක් උරුම වෙයි. නුඹලාට දරුවන් නැතිනම් නුඹලා හැර යන දෙයින් (නුඹලාගේ භාර්යාවන් වන) ඔවුනට හතරෙන් එකකි. නුඹලාට දරුවන් සිටින්නේ නම් නුඹලා ප්‍රකාශ කරන අන්තිම කැමැත්තේ (කොන්දේසි ඉටු කිරීමෙන්) පසු හා ණය (තිබෙනතාක් එයත්) ගෙවීමෙන් පසු ඔවුනට (නුඹලාගේ භාර්යාවන්ට) නුඹලා හැර යන දෙයින් අටෙන් එකකි. *22 කවරකු හෝ (දේපළ උරුමය වශයෙන් බෙදා දීමට ඇති ) මියගිය අය ඔවුනට දරුවන් හෝ දෙමව්පියන් නොමැතිව, එක් සහෝදරයෙකු හෝ සහෝදරියක සිටින්නේ නම් ඔවුන් දෙදෙනා මුළු උරුමයෙන් හයෙන් එකක් බැගින් ලැබීමට සුදුසුකම් ලබනු ඇත. එහෙත් සහෝදර සහෝදරියන් දෙදෙනකුට වැඩි නම්, එවිට ඔවුන් සියලු දෙනාගේ උරුමය මුළු උරුමයෙන් තුනෙන් එකක් වනු ඇත.*23 මෙය ඔහු ප්‍රකාශ කළ අන්තිම කැමැත්තේ (කොන්දේසි ඉටු කිරීමෙන්) පසු හා ණය (තිබෙනතාක් එයත්) ගෙවීමෙන් පසුවය. (මෙසේ කළ යුත්තේ අන්තිම කැමැත්ත මගින් උරුමක්කාරයින්ට) අසාධාරණයක් සිදු නොවන අන්දමිනි.*24 මෙය අල්ලාහ්ගේ පණතයි. අල්ලාහ් සර්වඥානීය, සානුකම්පිත්ය.*25
(22) මිය ගිය කෙනකු දරුවන් තබා ගොස් ඇතොත් ඔහුගේ භාර්යාවට හෝ භාර්යාවන්ට මුළු උරුමයෙන් අටෙන් එකක් හිමි වේ. ඔහු දරුවන් නොමැතිව මියගියහොත්, ඇයට හෝ ඔවුන්ට මුළු බුදලයෙන් හතරෙන් එකක් හිමිවනු ඇත. මෙම හතරෙන් එක නොහොත් අටෙන් එක ඔවුන් අතර සමසේ බෙදෙනු ඇත.
(23) වෙනත් උරුමක්කාරයින් වෙතොත්, ඉතිරි 5/6 න් හෝ 2/3 යන මෙයින් අවස්ථාවට ගැළපෙන පරිදි ඔවුන්ට කොටස් ලැබෙනු ඇත. එසේ නැතහොත්, ඉතිරි මුළු 5/6/හෝ 2/3 තමා කැමති පරිදි ප්‍රදානය කිරීමට අන්තිම කැමැත්ත ප්‍රකාශ කරන්නාට පුළුවන. මෙම වාක්‍යයෙහි සොහොයුරු සොහොයුරියන් යන්නෙන් අදහස් කෙරෙන්නේ මව් පාර්ශවයේ අර්ධ සහෝදරයන් හා අර්ධ සහෝදරියන් බවට සියළුම අටුවාචාරීහු එකඟ වෙති. සහජාත සොහොයුරු සොහොයුරියන් හා පිය පක්ෂයේ අර්ධ සොහොයුරු සොහොයුරියන් අතර උරුමය පිළිබඳ නීතිය මෙම සුරතයේ අවසානයේ දක්වා ඇත.
(24) නිත්‍යානුකුල උරුමක්කාරයන්ගේ අයිතිවාසිකම්වලට, ණය ගෙවීම්වලට අන්තිම කැමැත්ත හානිකර වෙතොත් එය අනර්ථකාරී ලෙස සැළකෙනු ඇත. මෙසේ වන්නේ අන්තිම කැමතිකරු සැබැවින්ම නොගත් ණයක් ගත් බවට එහි සඳහන් කරන්නේ නම් හෝ නිත්‍යානුකුල උරුමක්කාරයන්ට ඔවුන්ගේ කොටස් අහිමි කිරීමට යම් උපායක් යොදන්නේ නම් හෝ එම ණය අනර්ථකාරී ලෙස සලකනු ලැබේ. එක් හදීසයකට අනුව මෙවැන්නක් මහා බරපතළ පාපයන්ගෙන් එකක් වේ. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ තවත් හදීසයකින් මෙසේ පැවසේ. “ස්වර්ගය ලැබිය යුතු අන්දමේ ක්‍රියාවන් සිය ජිවිත කාලය තුළදී කරන යමකු සිටිය හැක. එහෙත් ඔහු මරණාසන්නයේදී අනර්ථකාරී අන්තිම කැමැත්තක් පිළියෙළ කළහොත් තමාට අපාය හිමිවිය යුතු ක්‍රියාවක් ඔහු අවසානයේදී කළා වන්නේය.” කවර අවස්ථාවකදී වුවද එවැනි අනර්ථයක් මහා පාපයක් වුවද එම අනතුරු ඇඟවීම විශේෂයෙන් කර ඇත්තේ සිය දේපළ උරුම කර දීමට දරුවන්වත් දෙමවුපියන්වත් නැති කෙනකුටය මීට හේතුව දුර නෑයන්ට සිය දේපළ හිමි වීම වැළැක්වීමේ අදහසකින් එවැන්නකු ඒවා නිකරුණේ නාස්ති කිරීමට පෙළඹිය හැකි බැවිනි.
(25) අල්ලාහ් සියල්ල දන්නා හෙවත් සර්වඥ බවට ආරෝපණය කරනු ලබන ගුණාංගය කරුණු දෙකක් නිසා මෙහි සඳහන් කොට ඇත. පළමු කොට අල්ලාහ්ගේ නීතිය උල්ලංඝණය කිරීමෙන් හට ගන්නා විපාක වලින් කිසිවකුටවත් ගැළවිය නොහැකි බවය. මක්නිසාදයත්, ඔහුට සෑම දෙයක් ගැනම දැනුම ඇති හෙයිනි. දෙවනුව අල්ලාහ් විසින් දේපළ උරුම කිරීම පිළිබඳව නියම කර ඇති කොටස් ක්‍රමය සර්වාකාරයෙන්ම නිවැරදි බව ජනයාට ඒත්තු ගැන්වීමටය. මක් නිසාද යත්, ඔවුන්ගේ යහපත් රැඳී ඇත්තේ කොහිද යනු ඔවුන්ට වඩා හොඳින් අල්ලාහ් දන්නා හෙයිනි. අල්ලාහ්ගේ විශේෂ ගුණාංගය වූ ලිහිල් බව සඳහන් කර ඇත්තේ අල්ලාහ්ගේ නීති දැඩි නොවන බවත්, ඒවා කෙතරම් ලිහිල් ද කිව හොත්, ඉන් ජනයා දුෂ්කරත්වයකට පත් නොවන බවත් පැවසීමටය.
13. අල්ලාහ් විසින් පනවා ඇති සීමා මේවායි. අල්ලාහ්ට සහ ඔහුගේ රසුල්වරයාට කවරකු හෝ කීකරුවේද යටින් ගලා බස්නා දිය ඇලි සහිත ස්වර්ගයට (අල්ලාහ්) ඔහු ඇතුල් කරවනු ඇත. ඔවුහු සදාකල්හිම එහි වෙසෙති. මෙය මහත් වූ ජයග්‍රහණයකි.
14. කවරකු හෝ අල්ලාහ්ට හා ඔහුගේ රසුල්වරයාට අකීකරුවී ඔහු(අල්ලාහ්) විසින් නියම කර ඇති සීමාව උල්ලංඝණය කරයිද, අල්ලාහ් ඔහු ගින්නට ඇතුල් කරවනු ඇත. ඔවුහු සදාකල්හිම එහි වෙසෙති. තවද ඔහුට නින්දනීය දඩුවම්ද ඇත.(*25අ)
(25අ) මෙම දෘඪ අනතුර ඇඟවීම කර ඇත්තේ, ජනයා උරුම නීතිය වෙනස් කළහොත් හෝ අල්ලාහ් විසින් නියම කර ඇති වෙනත් නෛතික සීමාවන් උල්ලංඝණය කළහොත් විඳින්නට සිදුවන අපා වදවේදනාවලින් ඔවුන් මුදා ගැනීම පිණිසය. යුදෙව්වන් විසින් අල්ලාහ්ගේ නීතිය සම්බන්ධයෙන් දක්වන ලද අහංකාර ආකල්පයම ඇතිව මුස්ලිම්වරුන් ද අල්ලාහ් ගේ නීතිය වෙනස් කොට උල්ලංඝණය කිරීම කණගාටුවට කරුණකි. මෙම උරුම නිතියට එරෙහිව එය උල්ලංඝණය කිරීම අල්ලාහ්ට විරුද්ධව එළිපිටම කෙරෙන කැරලිගැසිමකි. ඔවුහු ස්ත්‍රීන්ගේ උරුම කොටස් පහර ගනිති. ඔවුහු අල්ලාහ්ගේ නීතිය දුරු කොට දෙටු පිළිවෙත් නීතිය හෝ ඒකාබද්ධ පවුල් නීතිය අනුගමනය කරති. ඔවුන්ගේ වාසියට හෝ රුචියට ගැළපෙන වීට ඔවුහු පිරිමියාගේ හා ගැහැනියගේ කොටස් එක හා සමාන අල්ලාහ්ගේ නීතිය නිවරද කරන්නට උත්සහා කරති. මෙම නීතියට එරෙහිව ඉතාම මෑතකදී කර ඇති කුමන්ත්‍රණය නම් සමහර මුස්ලිම් රටවල් බටහිර අනුගමනය කරමින් “මරණ බදු” අය කිරීමය. මෙයින් පැහැදිලිවම පෙනී යන්නේ රජයත් උරුමක්කාරයකු බවත් සෙසු උරුමක්කාරයන් අතරට එය ඇතුළත් කිරීමට අල්ලාහ්ට අමතක වී ඇති බවත්ය. සැබැවින්ම උරුමයකට රජයට අයිතිවාසිකම් කිවහැක්කේ උරුමක්කාරයන් නොමැති දේපළක් තබා කෙනකු මිය ගිය හොත් හෝ මිය ගිය තැනැත්තා විසින්ම සිය දේපළවලින් කොටසක් රජයට ප්‍රදානය කළහොත්ය.
15. නුඹලාගේ ස්ත්‍රීන්ගෙන් කවරකු හෝ වේවා අනාචාරයෙහි යෙදුනා නම් ඔවුන්ට විරුද්ධව සාක්ෂි දීම සඳහා නුඹලා අතුරින් සාක්ෂිකරුවන් සිව්දෙනකු කැඳවනු. එම අය සාක්ෂි ඉදිරිපත්කර (ඔප්පුකළහොත්) ඔවුන් (එම ස්ත්‍රීන්) මිය යනතෙක්ම හෝ ඔවුන් සඳහා වෙනත් මඟක් අල්ලාහ් විවෘත කරනතෙක් හෝ ඔවුන් නිවෙස්වලට සීමාකොට රඳවා තබනු.
16. නුඹලා අතුරින් එම වරද කරන දෙදෙනාට දඩුවම් කරනු. අනතුරුව එම දෙදෙනාම පශ්චාත්තාපවී යළි නිසි මඟට වැටුණහොත් ඔවුන් දෙදෙනා (දඬුවමින්) නිදහස් කරනු. නියත වශයෙන්ම පශ්චාත්තාපය පිළිගැනීමෙහිලා (අල්ලාහ්) ත්‍යාගශීලිය. පාපයන්ට සමාව දීමෙහිලා දයාන්විතය.*26
(26) මෙම වාක්‍යයන් දෙකෙහි (15,16) නීති විරෝධී සංසර්ගය වෙනුවෙන් පළමු වරට ඉස්ලාමයෙහි දඬුවම් නියම කර ඇත. 15 වන වාක්‍යය අනුව තවත් නියෝගයක් ලැබෙන තුරු වරදකාර ස්ත්‍රීන් වෙන් කොට තැබිය යුතුය. 16 වන වාක්‍ය අනුව, නීති විරෝධී සංසර්ගයට වරදකරුවන් වන ස්ත්‍රී-පුරුෂ දෙදෙනාටම දඬුවම් කළ යුතුය. එනම් දෝෂාරෝපනය කිරීම, නින්දාවට පත්කිරීම, තැලීම ආදි වශයෙනි. පසුව සුරත් නුර් (24) 2 වන වාක්‍යයෙන් මෙම දඬුවම වෙනස් කොට ඇත්තේය. ඒ අනුව ස්ත්‍රී පුරුෂ දෙදෙනාටම පහරවල් සියය බැගින් කෝටුමස් (පහරවල්) කළ යුතුය. අපරාධ නීතිය මෙසේ අනුක්‍රමයෙන් ක්‍රියාත්මක කිරීම මනා ප්‍රායෝගික ප්‍රඥාව මත පදනම් වුවකි. අරාබිවරු එවකට ක්‍රමානුකුල නීති පද්ධතියක් හා අධිකරණයක් ඇතිව ස්ථාවර රජයක් යටතේ ජිවත්වීමට හුරුපුරුදු වී නොසිටියහ. එබැවින් ඉස්ලාමිය රාජ්‍යය විසින් එකවරම එහි පුර්ණ අපරාධ නීති පද්ධතිය ඔවුන් කෙරෙහි පනවන ලද්දේ නම්, ප්‍රඥාගෝචර නොවන්නාක් මෙන්ම ඔවුන්ට ඉසිලිය නොහැකි බරක් වන්නේය. එබැවින් ස්ත්‍රී පුරුෂයන් අතර නීති විරෝධී සංසර්ගය, සොරකම, අපහාසය ආදී වරදවලට මෙම වාක්‍යයේ ඇතුළත් වන අන්දමේ දඬුවම් නියම කොට පසුව අනුක්‍රමයෙන් වඩාත් දැඩි දඬුවම් පමුණුවා අවසානයේදී සම්පුර්ණ නීති පද්ධතියක් හඳුන්වා දෙන ලද්දේ. එම නීති පද්ධතිය මුහම්මද්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමා ජීවමානව සිටි කාලයේදීත් ඔහුගේ මාර්ගෝපදෙශකත්වය නිවාරැදී ලෙසින් ලැබුවාවූ අනුප්‍රාප්තිකයන්ගේ කාලවලදීත් බල පැවැත්විණ.
මෙම වාක්‍යයන් දෙකෙහි මතුපිටට පෙනෙන වෙනස නිසා සුදිය්යු නමැති අටුවාචාරීවරයා මුළාවට පත් වී ඇත. ඔහු නිගමනය කොට ඇත්තේ 15 වන වාක්‍යයෙන් විවාහක ස්ත්‍රීන්ට දඬුවම් නියම කෙරුණු අතර 16 වන වාක්‍යයෙන් අවිවාහක ස්ත්‍රි හා පුරුෂයන්ට දඬුවම් නියම කෙරුණු බවයි. මෙම දුබල අර්ථ කථනයට කිසිඳු ප්‍රබල තර්කයක් පිටුවහල් වී නැත. එපරිද්දෙන්ම 15 වන වාක්‍යය අදාළ වන්නේ ස්ත්‍රීන් දෙදෙනෙකු අතර සිදුවන අස්වාභාවික වරදට බව හා 16 වන වාක්‍යය අදාළ වන්නේ පුරුෂයන් දෙදෙනකු අතර සිදුවන අස්වාභාවික වරදට බව පළ කෙරෙන අබු මුස්ලිම් ඉස්ෆහානිගේ අර්ථ කථනයද සාවද්‍යය. අල්-කුර්ආනයට විෂය වන්නේ නිතිය හා සදාචාරය පිළිබඳ මුලික ප්‍රතිපත්තියයි. එබැවින් එහි විමසනු ලබන්නේද සාමාන්‍යය ජීවිතයේදී මුණ ගැසෙන ප්‍රශ්න විනා අසාමාන්‍යය තත්ත්වයන්හිදි හමුවන ඒවා නොවේ. පසුව සඳහන් කළ අන්දමේ ප්‍රශ්න ඒවා උද්ගත වූ අවස්ථාවන්හිදී ජනයා විසින් විසඳනු ලැබීම සඳහා ඉඩහැර තිබේ. එබැවින්, මුහම්මද්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ මරණයෙන් පසු පිරිමින් දෙදෙනකු අතර අස්වාභාවික වරදක් පිළිබඳ කාරණාව සහාබාවරුන් වෙත ඉදිරිපත් කරනු ලැබූ විට එය විසඳීම පිණිස ඔවුන්ගේ එක් කෙනෙකුවත් පුර්වෝක්ත වාක්‍යයන් ඉවහල් කර නොගත්තේ.
17. නියතවශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නේ නොදැනුවත් කමින් පාපයන් කළ වහාම එහිලා පශ්චාත්තතාප වන අයගෙන් පමණක්ය. අල්ලාහ් එවැන්නන් දෙස කරුණාන්විතව හැරෙයි. අල්ලාහ් සර්වඥද සර්වප්‍රාඥද වේ.
18. යමකු (මරණාසන්න වනතුරුම) පාප ක්‍රියාවන්හි ගැලී සිට ඔවුන්ගෙන් යමකුට එවැනි මරණාසන්න අවස්ථාව එළැඹි විට දැන් මම පශ්චාත්තාප වෙමියි කියන අයගේද ප්‍රතික්ෂේපකරන්නන් ලෙස මිය යන අයගේද පශ්චත්තාපය පිළිගනු ලබන්නේ නැත. එවැන්නන් සඳහා අප වේදනාකාරී දඩුවමක් පිළියෙළ කර ඇත.*27
(27) තව්බාහ් යන අරාබි අරුත ආපසු හැරීම හෙවත් යමක දෙසට හැරීමයි. කෙනකුට තමා කල පාපය ගැන සිත් තැවුල් වී ඉන් ආපසු හැරෙන විට, ඔහු යළි සිය ස්වාමියා වෙත පැමිණෙන පළාගිය වහළකුට සමාන කොට ඇත. මෙය ඔහුගේ තව්බාහ්ය ස්වාමියා වහළාගේ පශ්චාත්තාපය පිළිගත් විට ඔහු වහළා දෙසට කාරුණිකව හැරී ඔහුට සමාව දෙයි. අරාබි බසෙහි ඔහු මෙය සිය වහළාට ඔහුගේ තව්බාහ්ය. අල්ලාහ් මෙම වාක්‍යයෙන් තව්බාහි මෙම අංග දෙක දක්වා ඇත. ඔහු මෙසේ පවසයි. “නොදැනුවත්කම නිසා යම් අනපේක්ෂිත පාපයක් කොට එම වරද වටහාගත් වහාම සමාව පතා මා දෙසට හැරෙන මාගේ සේවකයන් දෙසට පමණකි. මා හැරෙනුයේ එවැනි පශ්චාත්තාපය සඳහා මාගේ සමාවේ ද්වාරය සදා විවෘතය. එහෙත්, තමන්ගේ මුළු ජිවිත කාලයේම අල්ලාහ් ගැන අල්ප මාත්‍රයකුදු බියක් නොමැතිව පාපක්‍රියාවන්හි යෙදෙමින් මරණය පැමිණි කළ පශ්චාත්තාප වන අයට මාගේ සමාවක් නැත. අල්ලාහ් කෙනකුගේ පශ්චාත්තාපය පිළිගන්නේ මරණයේ ලක්ෂණ කිසිවක් නැති අවස්ථාව තෙක් පමණකි”යි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පවසා ඇත. පරීක්ෂණ කාලය ඉක්ම ගිය විට පාපයෙන් ආපසු හැරීමට ඔහුට ඉඩ ප්‍රස්තාවක් නැති බව පැහැදිලිය. එපරිද්දෙන්ම කෙනකු කාෆිර්වරයකු(ප්‍රතික්ෂේප කරන්නකු) වශයෙන් මියයන විට සිය අපේක්ශාවන්ට පටහැනි ලෙසින් සිය දෑසින්ම පරලොව දකිතොත් පශ්චාත්තාපය ප්‍රකාශ කිරීමක් කිසි ලෙසකිනුදු ඔහුට නොකළ හැකිය.
19. විශ්වාසවන්තයිනි! නුඹලා (වැන්දඹුවන් වූ ) ස්ත්‍රීන්ගේ (කැමැත්තට පටහැනිව) බලෙන් උරුමක්කාරයින් වීම නුඹලාට නිත්‍යානුකූල නොවේ.*28 එසේම නුඹලා විසින් (ඔවුන්ට) දෙනු ලැබූ (දායාදයෙන්) කොටසක් ඔවුන් පරපුරුෂ සේවනයෙහි යෙදීම පැහැදිලිව ඔප්පු වුවහොත් මිස අහිමි කිරීම සඳහා නුඹලා ඔවුනට රළු ලෙස සැලකීමද නීත්‍යානුකූල නොවේ.*29 තවද ඔවුන් සමග නුඹලා ගෞරවාන්විත අයුරින් දිවිගත කළ යුතුය. නුඹලා ඔවුන් අප්‍රිය කළ හැකිය. නමුත් එහි (නුඹලා අප්‍රිය කළ දෑහි) අල්ලාහ් බොහෝ හොඳ දෑ සලස්වා තිබෙන්නට පුළුවන*30
(28) මෙයින් අදහස් කෙරෙන්නේ මිය ගියහුගේ වැන්දඹුවන් ඔහුගේ උරුමයේ කොටසක් ලෙස නොසැලකිය යුතු බවයි. ස්වාමිපුර්ෂයාගේ මරණයෙන් පසු ඔහුගේ වැන්දඹුවට රිසි තැනක ජිවත් විය හැකිවන් හැර, ඉද්දාහ් යන නියමිත කාලසීමාව ඉකුත්වීමෙන් පසු තමා කැමති කෙනකු සමග විවාහ ද විය හැකිය.
(29) එනම් “අනාචාර හැසිරීම උදෙසා ඔවුන්ට රිදවීමට ඔබට අවසර ඇතත්, ඔවුන්ගේ ධනය උදුරා ගැනීමට ඔබට අවසර නැත.”
(30) භාර්යාව රූමත් නොවේ නම් හෝ ස්වාමිපුරුෂයාගේ රුචියට අනුකුල නොවන වෙනත් යම් අඩුපාඩුවක්ඇය කෙරෙහි දක්නට ලැබෙතොත් හෝ වැඩි දුරටත් තැකීමක් නොකොට ඔහු වහාම ඇයගෙන් නිදහස් විය යුතු යැයි මින් අදහස් නොකෙරේ. ඔහු සන්සුන් ලෙස හා ඉවසිලිමත්ව හැසිරිය යුතුයි. රූමත් බවට වඩා වාසනාවන්ත විවාහ ජිවිතයකට තුඩු දෙන වෙනත් යහපත් ගුණාංග ඇය සතු විය හැක. පළමුවරට ඇය දුටු විට ඔහු තුළ හට ගන්නා ජුගුස්සාව එකී යහපත් ගුණාංග සොයා ගැනීමෙන් පසු ආදරයට පෙරැළිය හැකිය. එපරිද්දෙන්ම විවාහ ජීවිතය ආරම්භයේදීම සිය භාර්යාවගේ යම් අංග ලක්ෂණයක් හෝ ගති ගුණාංගයක් ගැන සෑහීමකට පත් නොවන ස්වාමිපුරුෂයකු ඉවසිලිමත් වී ඇයට සිය වඩාත් හොඳ පැත්ත දැක්වීමට අවස්ථාවක් දුනහොත් ඇයගේ අඩුපාඩු අබිබවා යහපත් ලක්ෂණ ඉස්මතු වන බව ඔහුට පෙනී යා හැකිය. එබැවින් ස්වාමිපුරුෂයකු බොහෝ දුරට කරුණු සලකා බැලීමෙන් පසුව විනා සිය භාර්යාව සමඟ ඇති සිය සම්බන්ධතාවන් අත් නොහළ යුතුය. සමාජ ශල්‍යකර්මයක් වශයෙන් කෙනකු දික්කසාදයෙහි පිහිට පැතිය යුත්තේ අවසාන වශයෙනි . ඒද සාකල්‍යයෙන්ම අනිවාර්ය වූ විටය. සියලුම නීත්‍යානුකුල දේ අතුරින් අල්ලාහ්ගේ දෘෂ්ටියට ඉතා(පිළිකුල් සහගත) ජුගුස්සාජනක දෙය තලාක්(දික්කසාදය) බව මුහම්මද්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමා පවසයි. තවද හදීසයක එතුමා මෙසේ අනුශාසනා කොට ඇත. විවාහ වනු එහෙත් තලාක් නොකරනු. මක නිසාද යත්, තලාක් කොට හුදෙක් ලිංගික ආස්වාදය පමණක් තකා යලි විවාහ වන ස්ත්‍රී පුරුෂයන් කෙරෙහි අල්ලාහ් නොකැමැති වන හෙයිනි.
20. තවද (දැනටමත් සිටින) භාර්යාවක් වෙනුවට වෙනත් භාර්යාවක් විවාහ කර ගැනීමට නුඹලා තීරණය කළහොත් මීට පෙර ඔවුන්ගෙන් එකියකට (දායාදයක් වශයෙන් හෝ ත්‍යාගයක් වශයෙන් හෝ) විශාල ධනයක් නුඹලා දී තිබුණද, එයින් කිසිවක් නුඹලා ආපසු නොගත යුතුයි. අසත්‍ය දෝෂාරෝපණයන් හා දැඩි අයුක්තිය මගින් නුඹලා එය ආපසු ගන්නේද?
21. නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමකු සමග සතුට ආශ්වාදය ලැබුවාහුය. තවද ඔවුහු නුඹලාගෙන් ස්ථිර ගිවිසුමක්ද ගෙන සිටියාහුය. (නුඹලා දුන් දැයවන) එය නුඹලා ආපසු ගන්නේ කෙසේද?*31
(31) “නීත්‍යානුකුල ප්‍රතිඥාව” නම් සරණ බන්ධනයයි. මෙම බැඳීම මත ස්ත්‍රියක් පුරුෂයෙකුට ඇප කැප වෙයි. එබැවින් පුරුෂයෙක් තමාගේ කැමැත්තෙන්ම එම ප්‍රතිඥාව උල්ලංඝණය කරන්නේ නම එම ප්‍රතිඥාව දුන් අවස්ථාවේදී තමා ඇයට දායාද වශයෙන් දුන් දෙය ආපසු ලබා ගැනීමේ අයිතියක් ඔහුට නැත. (අල්-බකරාහි 251 වන පාද සටහනද බලන්න.)
22. තවද නුඹලාගේ පියවරුන් සරණපාවා ගත් ස්ත්‍රීන් නුඹලා කිසිම විටකදීවත් විවාහ කර නොගනු. එහෙත් අතීතයේදී සිදුවී ඇති දේ හැර.*32 මෙය අශික්ෂිත හා ජුගුප්සාජනක දෙයකි. තවද මෙය ඉතාමත්ම අශෝභන කටයුත්තකි.*33
(32) “අඥානකමින්” පැන නැගෙන වැරදි පිළිවෙත් නීති විරෝධී කෙරෙන අතරම එවැනි උපදෙස් මෙලසින් අවසාන කිරීම සාමාන්‍යයෙන් අල්-කුර්ආනයේ දකින්නට ලැබෙන්නකි. එහි අරුත් දෙකක් ඇත. පළමු කොට අඥානකම හෙවත් නොදන්නාකම නිසා කෙනකු විසින් කරනු ලැබූ වැරදි සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව ක්‍රියා නොකෙරනු ඇත. එහෙත් අදාළ අණ පනත ලැබීමෙන් පසු ඔහු සිය ක්‍රියාමාර්ගය නිදොස් කර ගෙන ඉන්පසුව නිවැරදි ලෙස ක්‍රියා කළ යුතුයි. දෙවනුව, ඉහත සඳහන් වචනවලින් අවධාරණය කෙරෙන්නේ නව උපදෙස් අතීතයට බලනොපාන බවයි. උදාහරයක් වශයෙන් යමකු විසින් සිය කුඩම්මා විවාහ කර ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරනු ලැබීමට මත්තෙන් ඔහු එසේ කර තිබුණහොත් එම විවාහයෙන් ජනිත දරුවන්ට හිමි උරුම කොටස නව නීතිය නිසා අහිමි නොවේ. එපරිද්දෙන්ම යම් වෙළඳාමක් නීති විරෝධී බව ප්‍රකාශ කරනු ලැබුවහොත් එයින් හැඟෙන්නේ එම නීතිය පැනවීමට පෙර කර තිබුණු එවැනි සියලුම වෙළඳ ගනුදෙනු අවලංගු විය යුතු බව නොවේ. තවද එම වෙළඳාමෙන් කෙනකු විසින් උපයා ගෙන ඇති සියලුම ධනය ආපසු දිය යුතු බවක් හෝ එම ධනය සම්පුර්ණයෙන් නීති විරෝධී බවක් වත් ඉන් අදහස් නොකෙරේ..
(33) ඉස්ලාමිය නීතිය අනුව මෙය සාපරාධි වරදක් ලෙස සැලකේ. අබු දාවුද් නසාඊ හා මුස්නද් අහ් මද්හි සඳහන් වන ඇතැම් හදීසයන් අනුව සිය කුඩම්මාවරුන් විවහා කර ගත් අයගේ දේපළ මුහම්මද්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා විසින් රාජසන්තක කොට ඔවුන් මරණයටද පත් කරන ලද්දේය. ඉබ්නු අබ්බාස් (රලියල්ලාහු අන්හු) තුමාගෙන් ගෙන ඉබ්නු මාජාහ් විසින් පළ කොට ඇති තවත් හදීසයක් අනුව තහනම් නෑදෑයින් සමග සංසර්ගයෙහි යෙදෙන කවරකු වුවද මරණයට පත් කළ යුතු යැයි මෙම මුලික නීතිය මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැනවුහ. එහෙත් එම කාරණය විෂයෙහි මුස්ලිම් නීති විශාරදයෝ එකිනෙකාට වෙනස් මත දරති. මෙවැනි අපරාධකාරයෙකු මරණයට පත් කොට ඔහුගේ දේපළ ද රාජසන්තක කළ යුතු යැයි ඉමාම් අහ් මද්ගේ මතය වී ඇති අතර ඉමාම් අබු හානීෆාහ් , ඉමාම් මාලික්සහ ඉමාම් ෂාෆිඊ (රහ් මතුල්ලාහි අලෙයිහුම්) තුමන්ලාගේ මතය වී ඇත්තේ යමකු තහනම් නෑයන්ගෙන් කෙනකු සමග සංසර්ගයෙහි යෙදුණහොත් ඔහුට නීති විරෝධී සංසර්ගයට නියමිත දඬුවම පැනවිය යුතු බවත් ඔහු එවැන්නියක විවාහ කරගතහොත් මෙම මහා පාපය වෙනුවෙන් සෙස්සන් පාඩමකට ගත යුතු අන්දමේ දඬුවමක් ඔහුට දියයුතු බවත්ය.
23. නුඹලාට නුඹලාගේ මව්වරුන්*34 නුඹලාගේ දුවරුන්*35 නුඹලාගේ සොහොයුරියන්*36 නුඹලාගේ පිය පක්ෂයේ නැන්දාවරුන් නුඹලාගේ මව් පක්ෂයේ නැන්දාවරුන් සොහොයුරාගේ දුවරුන් සොහොයුරියගේ දුවරුන්*37 (නුඹලාගේ මව්වරුන් නොවන එහෙත්) නුඹලාට මව්කිරි පෙවූ නුඹලාගේ මව්වරුන් (නුඹලා සමග) මව්කිරි බිම හේතුකොට ගෙන වූ නුඹලාගේ සොහොයුරියන්*38 නුඹලාගේ භාර්යාවන්ගේ මව්වරුන්*39 නුඹලා අඹු සැමියන් ලෙස සංවාසය පැවැත් වූ නුඹලාගේ භාර්යාවන්ගේ (දුවරුන්ගෙන්) නුඹලා ඇති දැඩි කළ*40 දුවරුන් සමඟ නුඹලාට විවාහ වීමට තහනම්ය. එහෙත් ඔවුන් (එම භාර්යාවන්) සමඟ නුඹලා සංවාසය නොපැවැත් වූ නම් (ඔවුන් තලාක් කිරීමෙන් හෝ ඔවුන්ගේ මරණයෙන් පසු ඔවුන්ගේ දුවරුන් සරණපාවා ගැනීම) නුඹලා කෙරෙහි වරදක් නැත. තවද නුඹලාගේ කොඳු ඇටෙන්*41 වූ පුතුන්ගේ භාර්යාවන්ද (නුඹලාට තහනම්ය) තවද එක කුස බිහිවූ සොහොයුරියන් දෙදෙනකු (භාර්යාවන් වශයෙන්) එක විටම*42 තබා ගැනීම නුඹලාට තහනම්ය. එහෙත් අතීතයේදී සිදුවී ඇති (එවැනි) දේ හැර. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශිලීය, දයාන්විතය.*43
(34) මෙම තහනම කෙනකුගේ නියම මවටද, කුඩම්මාටද අදාළ වේ. ඒ දෙදෙනාම විවාහ කර ගැනීම නීති වීරෝධිය. මෙය පියාගේ මව(මිත්තණිය)ටද මවගේ මව(මිත්තණිය)ටද බලපායි. තමාගේ පියා සමග නීති විරෝධී ලිංගික සබඳතා පැවත්වූ ස්ත්‍රියක් පුත්‍රයා විසින් විවාහ කර ගැනීම නීති විරෝධීද නැද්ද යන්න සම්බන්ධයෙන් නීති විශාරදයෝ ඒකමතික නොවෙති. එය නීති විරෝධී යැයි සලකන අයගේ මතය වී ඇත්තේ කෙනකුගේ පියා විසින් රාගී චේතනාවෙන් යුතුව ඔහුගේ අතින් ස්පර්ශ කරනු ලබන ස්ත්‍රියක පවා පුතුහට තහනම් බවයි. පුත්‍රයා සමග නීති විරෝධී සම්බන්ධකම් පැවත්වූ ස්ත්‍රියක නිසා පියාට ඇය නීති විරෝධී වේද යන්නත් දුහිතෘවක සමග නීති විරෝධී සම්බන්ධකම් පැවැත්වූ පුරුෂයෙක් මවට තහනම් ද යන්නත් පිළිබඳව හා එහි ප්‍රතිලෝමය පිළිබඳවද මතභේද පවතී. මෙම කාරණයට අදාළ සියුම් නෙතික කරුණු පිළිබඳව දීර්ඝ වාදවිවාද පැවතිණ. එහෙත් මෙවැනි දෑ කවර අයුරකින් වුවද යහපත් සමාජයක පැවතීම සුභ ලකුණක් නොවන බව වටහා ගැනීමට එතරම් ගැඹුරු චින්තනයක් අවශ්‍ය නොවේ. එබැවින් මෙවැනි ක්‍රියා නීත්‍යානුකුල ලෙස දැක්වීමට ඉදිරිපත් කෙරෙන කෙස් පැළෙන තර්ක දිව්‍ය නීතියට වැද්ද ගත නොහැකිය. මක් නිසාද යත්, මෙවැනි සියුම් තර්ක විතර්ක මත එවැනි ක්‍රියා කලාපයන්ට ඉඩ දුනහොත් ඊර්ෂ්‍යාවට මග පෑදී පවුල සිඳී බිඳී යාමට ඉඩ ඇති හෙයිනි. මුළු සමාජයේ ශුභ සිද්ධිය පවුල මත රැඳී ඇති හෙයින් එහි අමනොඥභාවය පුන පුනා කිව යුතු නොවේ. මෙම මතය මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාගේ පහත දැක්වෙන හදීස් දෙකකින් තහවුරු වේ.
1 යම් පුරුෂයකු යම් ස්ත්‍රියකගේ යෝනිය දුටුවේ ද ඔහුට එම ස්ත්‍රියකගේ මව හා දුහිතෘන් නීති විරෝධී වේ.
2 යම් ස්ත්‍රියකගේත් ඇගේ මවගේත් යන දෙදෙනාගේම යෝනිය දෙස බැලු පුරුෂයකු දෙස බැලීමටවත් අල්ලාහ් අකමැති වෙයි.
(35) දුහිතෘ පිළිබඳ තහනමට පුතාගේ දුහිතෘද (මිණිපිරියද) දියණියගේ දුහිතෘද(මිණිබිරිය) ඇතුළත් වේ. එහෙත් නීති විරෝධී සම්බන්ධතාවයකින් උපන් දැරියක් සම්බන්ධයෙන් නම් මෙහිලා මතභේදයක් පවතී. නීත්‍යානුකුල දුවක පරිද්දෙන්ම ඇයද නීතිවිරෝධී බව ඉමාම් අබු හනීෆාහ්, ඉමාම් මාලික් හා ඉමාම් අහ්මද්-බින්-හන්බල් (රහ්මතුල්ලාහ් අලෙයිහුම්) යන අයගේ මතයයි. එහෙත් අවජාත දුවක නීති විරෝධී නොවන බව ඉමාම් ෂාෆිඊ ගේ මතය වී ඇත. නමුත් තමාගෙන්ම ජනිත වූ දැරියක බව දැන දැනම ඇය විවාහ කර ගැනීමේ අදහස පවා කෙනකුට ජුගුස්සාජනක විය යුතුය.
(36) මෙය සහජාත සොහොයුරියන්ට මෙන්ම පිය පක්ෂයේ හා මව් පක්ෂයේ හදා ගත් සොහොයුරියන්ටද අදාළ වේ.
(37) පිය පක්ෂයේ හා මව් පක්ෂයේ මෙම නෑදෑයෝ සහජාත හෝ සුළු ගණයේ වුවද ඒ සියල්ලන්ම කෙරෙහි මෙම තහනම බලපැවැත් වේ. පියාගේ හෝ මවගේ සොහොයුරියගේ සහජාත වුවද හදාගත් වුවද පුත්‍රයාට නීති විරෝධී වේ. එපරිද්දෙන්ම කෙනකුගේ සොහොයුරකු හෝ සොහොයුරියක සහජාත වුව හදාගත් වුවද ඔවුන්ගේ දුහිතෘන් තමාගේම දුහිතෘන් මෙන්ම නීති විරෝධී වේ.
(38) බහුතර මතය නම්, යම් පිරිමි ළමයකුට හෝ ගැහැණු ළමයකුට මව් කිරි පෙවූ ස්ත්‍රීය නියම මවක තත්ත්වයෙන්ද ඇයගේ ස්වාමිපුරුෂයා නියම පියාගේ තත්ත්වයෙන්ද මෙම තහනම විෂයෙහි සැලකිය යුතු බවයි. නියම මව හා නියම පියා සම්බන්ධයෙන් විවාහ කිරීමට නීතිවිරෝධී බවට ප්‍රකාශ කොට ඇති සියලුම නෑදෑයින් මව් කිරි පොවා ඇති දැඩි කළ මව හා ඇයගේ ස්වාමිපුරුෂයා සම්බන්ධයෙන්ද තහනම්ය. ‘ලේ සම්බන්ධතාවෙන්ද නීති විරෝධී වන දෙය මව් කිරි පෙවීම මතද නීතිවිරෝධී වේ’ යන හදීසය මත පදනම වුවකි, මේ. එහෙත් මව් කිරි බොන අවම ප්‍රමාණය ගැන මත භේදයක් පවතී. ඉමාම් අබු හනිෆාහ් සහ ඉමාම් මාලික් (රහ්මතුල්ලාහ් අලෙයිහුම්)ගේ මතය අනුව නම් බිළිඳකුගේ උදේ ආහාරයට හෙවත් කිරිවේලට සරිලන කිරි ප්‍රමාණයක් යම් ස්ත්‍රියකගෙන් උරා බොන ලද්දේ නම් වෛවාභික සම්බන්ධතාවන් විෂයෙහි එම ස්ත්‍රිය තමාගේම මව මෙන් සැලකිය යුතුය. එහෙත් ඉමාම් අහ්මද් (රහ්මතුල්ලාහ් අලෙයිහි) දරන මතය නම් මෙම තහනම බලපවත්වන්නේ බිලිඳා යටත් පිරිසෙයින් තෙවරක්වත් එම ස්ත්‍රියගෙන් කිරි උරා බිවුවහොත් පමණකි. ඉමාම් ෂාෆිඊ (රහ්මතුල්ලාහ් අලෙයිහි) පවසනුයේ යටත් පිරිසෙයින් පස්වසරක්වත් කිරි උරා බී යුතු බවයි. තවද තහනම බලපවත්නේ කිරි උරා බොන අවස්ථාවේදී ළමයාගේ වයස අනුව බවද විවිධ මත පවතී. පහත දැක්වෙන්නේ මෙහි ලා නීති විශාරදයන්ගේ මතයයි:-
1 හ(z)සරත් උම්මු සල්මාහ්, ඉබ්න් අබ්බාස්, (z)සුහ්රී, හසන් බසරී, කතාදාහ්, ඉක්රිමා සහ අව්(z)සාඊ යන අයගේ මතය වී ඇත්තේ ළමයා යම් ස්ත්‍රියකගෙන් කිරි උරා බී ඇත්තේ ඒ ළමයා කිරිවරා නැති කාල සීමාව ඇතුළත නම්ද ඔහු හෝ ඇය ජීවත්වන්නේ එසේ කිරි උරා බීමෙන් නම්ද තහනම බල පවත්වන බවය. එහෙත් ළමයාට මව් කිරි පොවන ලද්දේ කිරි වැරීමෙන් පසුව නම් තහනම බල නොපත්වයි. මක් නිසාද යත්, දෙවැනි අවස්ථාවේදී කිරි බීම, වෙනත් යම් පානයක් බීම හා සමාන හෙයිනි. හ(z)සරත් අලි (රලියල්ලාහු අන්හු)ගේද මේ හා සමාන අදහසක් වෙයි.
2 උමර්, ඉබ්න් මස්ඌද්, අබු හුරයිරා සහ ඉබ්න්-උමර් (රලියල්ලාහු අන්හුම්) යන අයගේ මතය නම් තහනම වලංගු වන්නේ බිලිඳා වයසින් අවුරුදු දෙක වන තෙක් යම් අවස්ථාවකදී කිරි උරා බී ඇතොත් පමණකි. ඉමාම් ෂාෆිඊ, ඉමාම් අහ්මද්, ඉමාම් අබු යුසුෆ්, ඉමාම් මුහම්මද් බින්අල් හසන් අල් ෂෛයිබානි සහ සුෆ්යාන් තවුරි යන අයද මීට එකඟ වෙති. මීට සමානව ඉමාම් අබු හනිෆාහ්ගේ අදහසක්ද ඇත. ඉමාම් මාලික් ද මීට එකඟ වෙතත් අවුරුදු දෙකේ කාල සිමාවකට මාසයකින් වැනි කාල සීමාවක් වැඩි වී නම් තහනම ක්‍රියාත්මක වන බව ඔහු පවසයි.
3 ඉමාම් අබු හනිෆාහ් හා (z)සුෆර් යන අයගේ තත්‍ය කියමන් අනුව බිළිඳාට මව්කිරි පෙවීම කර ඇත්තේ “වයස අවුරුදු දෙකහමාර” දක්වා ඇති කාලය තුළ නම් තහනම ක්‍රියාත්මක වේ.
4 බිළිඳාගේ වයස කීයක් වෙතත් කවර අවස්ථාවකදී වුවද ඔහුට ඇයට මව් කිරි පොවන ලද්දේ නම් තහනම වලංගු බව හ(z)සරත් ආයිෂා (රලියල්ලාහු අන්හා) තුමියගේද අදහසයි. හ(z)සරත් අලී (රලියල්ලාහු අන්හු) තුමාගේ අදහස ද ආයිෂා තුමියගේ අදහසම වේයැයි විශ්වාසනීය ප්‍රකාශයකි . උර්වාහ්-බින්-සුබයිර් අතා,ලෛස්-බින්-සඅද් සහ ඉබ්න්-හසන් යන අයද මේ මතය පිළිගෙන ඇත.
(39) ස්ත්‍රියක සමග හුදෙක් නිකාහ් (සම්බන්ධ ගිවිසුම) පැවැත්වුවද ඒ දෙදෙනා අතර ලිංගික සම්බන්ධතා සිදු නොවුවද ඇයගේ මව නීති විරෝධී වන්නේද නැද්ද සම්බන්ධයෙන් මත භේද පවතී. මෙයින්ම පමණක් ඇයගේ මව හා විවාහ වීම නීති විරෝධී බව ඉමාම් අබු හනිෆාහ්, මාලික්, අහ්මද් සහ ශාෆිඊ (රහ්මතුල්ලාහ් අලෙයිහුම්) යන අය දරන මතයයි. එහෙත් හස්රත් අලි (රලියල්ලාහු අන්හු) පවසනුයේ කෙනකු ඇය සමග සංසර්ගයේ නොයෙදුණේ නම් ඇයගේ මව හා විවාහ වීම ඔහුට නීති විරෝධී නොවන බවයි.
(40) කවර ලෙසකින් වුවද භාර්යාවගේ දියණිය ඇයගේ දෙවෙනි ස්වාමි පුරුෂයාගේ නිවසෙහි ඇති දැඩි කරනු ලැබුවත් නැතත්, එම දියණිය විවාහ කර ගැනීම ඔහුට නීති විරෝධිය. අල්ලාහ් මෙම වචන භාවිත කොට ඇත්තේ එය සම්බන්ධයේ ඇති ඉතා සියුම් බව ගෙන හැර දැක්වීමටය. සිය භාර්යාවගේ දියණිය තමා විසින් ඇති දැඩි කළත් නැතත් බහුතර මතය වී ඇත්තේ ඇය විවාහ කර ගැනීම දෙවෙනි පුරුෂයාට නීතිවිරෝධී බවයි.
(41) “නුඹලාගේ කොඳු ඇටෙන් වූ පුතුන්ගේ ” යන්නෙන් අදහස් කෙරෙන්නේ කෙනකු පුතුන් වශයෙන් ඇතිදැඩි කළ අයගේ වැන්දඹුවන් හෝ දික්කසාද කළ බිරියන් විවාහ කර ගැනීම නීති විරෝධී නොවන බවයි. තහනම් බල පවත්වන්නේ තමාටම දාවු පුතුන්ගේ භාර්යාවන් විෂයෙහිය. එපරිද්දෙන්ම පියාගේ හෝ මවගේ මාර්ගයෙන් වූ මුණුබුරන්ගේ භාර්යාවන්ද නීති විරෝධිය.
(42) එසේම, එක විට තම බිරිඳ හා ඇයගේ මව හෝ පියාගේ සහෝදරිය භාර්යාවන් වශයෙන් තබා ගැනීම නීති විරෝධී වේ. මෙහි මුලධර්මය නම්, යම් ස්ත්‍රීන් දෙදෙනකුගෙන් එකියක ඉදින් පුරුෂයෙක් වූයේ නම් ඒ දෙදෙනාගේ විවාහය නීති විරෝධී වන බවයි. එකම විට ඒ දෙදෙනා භාර්යාවන් වශයෙන් තබා ගැනීම නීති විරෝධී වේ.
(43) එනම්, එක විටම සොහොයුරියන් දෙදෙනකු භාර්යාවන් වශයෙන් තබා ගැනීමෙන් ජාහිලිය්යත් කාලයේ කළ වැරදි සම්බන්ධයෙන් ක්‍රියා නොකෙරෙන බවයි. (38 වන පාද සටහනද බලන්න) එහෙත් කාෆිර්වරුන් වශයෙන් විසු කාලයේදී කෙනකු මෙසේ විවාහ කරගත් සොහොයුරියන් දෙදෙනෙකුගෙන් එක්කෙනකු ඔහු මුස්ලිම් වූ පසු තලාක් කළ යුතුයි.
24. තවද (යුද සිරකරුවන් වශයෙන්) නුඹලා අතට පත්වුවන් හැර විවාහක භාර්යාවන්ද නුඹලාට තහනම්ය. නුඹලා පිළිපැදිය යුතු (බවට පනවන ලද) අල්ලාහ්ගේ නිතිය එයයි.ඉහත දැක් වූ අය හැර අන්‍ය කවර ස්ත්‍රියක හෝ ව්‍යභිචාරයෙන් තොරව නුඹලාගේ ධනයෙන් විවාහ බන්ධයේ ආරක්ෂාව ඇතිව විවාහ කරගැනීම නුඹලාට නිත්‍යානුකූල බවට පත් කර ඇත. තවද නුඹලා ඔවුන් සමඟ (අඹුසැමි වශයෙන්) සංවාසය පැවැත්වූ අයට ඔවුන්ගේ දායාදයන් නුඹලා අනිවාර්යයෙන්ම ඔවුනට ගෙවිය යුතුය. එහෙත් නුඹලා අතර (දායාදයන් පිළිබඳව) තීරණයකට එළැඹි පසු අනොන්‍ය එකඟත්වයෙන් ඒ ගැන යම් සමතයකට එළඹුණහොත් එහි නුඹලාට වරදක් නැත. නියතවශයෙන්ම අල්ලාහ් සියල්ල දනී. සර්ව ප්‍රාඥය.
(44) එනම් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් යුද ප්‍රදේශයේ සිටියදී තමන් යුද සිරකාරියන් බවට පත් වන ස්ත්‍රීන් විවාහ කර ගැනීම නීතිවිරෝධී නොවේ. මක්නිසාද යත්, එම ස්ත්‍රීන් ඉස්ලාමිය ප්‍රදේශයට පැමිණීම නිසා ඔවුන්ගේ වෛවාභික බන්ධන සිඳී ඇති හෙයිනි. මෙවැනි වහලියන් විවාහ කරගෙන භාර්යාවන් බවට පත් කර ගැනීම නීත්‍යානුකුල වේ. තවද ඔවුන් භාරව සිටින පුරුෂයන්ද යුද සිරකාරියන් වන ඔවුන් හා සංසර්ගයේ යෙදීම නීත්‍යානුකුල වේ. එහෙත් එවැනි ස්ත්‍රියකගේ ස්වාමි පුරුෂයාද ඇය සමගම යුද සිරකරුවකු වශයෙන් ගනු ලැබ සිටි නම් කුමක් කළ යුතුද යන්න සම්බන්ධයෙන් මත භේදයන් පවතී. මෙවැනි යුවළකගේ විවාහ බන්ධනය නොසිඳී පවතින බව ඉමාම් අබු හනිෆාහ් සහ එතුමාගේ චින්තනය පිළිගන්නා නීතිවේදීන්ගේ මතයද වේ. ඉමාම් මාලික් හා ෂාෆිඊ ගේ මතය වී ඇත්තේ එම විවාහ බන්ධනය සිඳී ඇති බවය. යුද සිරකාරියන් වශයෙන් ගන්නා ලද වහල් ස්ත්‍රීන් සමග සංසර්ගයේ යෙදීම ගැන ජනයාගේ සිත් තුළ දුර්මතයන් රාශියක් පවත්නා හෙයින් පහත දැක්වෙන කරුණු සාවධානව හැදෑරිය යුතුය.
1 යුද සිරකාරියක තමා අතට පත් වූ වහාම ඇය සමග සංසර්ගයේ යෙදීම සෙබළකුට නීත්‍යනුකුල නොවන්නේය. එවැනි සියලුම ස්ත්‍රීන් රජයට බාරදිය යුතු බව ඉස්ලාමිය නීතියෙන් පැන වේ. ඔවුන් නිදහස් කිරීමේ හෝ සතුරන් අතට පත් වී ඇති මුස්ලීම් සිරකරුවන් වෙනුවට ඔවුන් හුවමාරු කර ගැනීමේ හෝ ඔවුන් සෙබළුන් අතර බෙදා දීමේ හෝ අයිතිය රජය සතු වේ. සෙබළකුට රජය විසින් විධිමත් පරිද්දෙන් බාර දෙනු ලැබු ස්ත්‍රියක සමග පමණක් සංසර්ගයේ යෙදීම නීත්‍යානුකුල ය.
2 එසේ වුවද, ඇය ගර්භණීයකද නැද්ද යනු නිසැක වීම සඳහා ඔහු ඇය හා සංසර්ගයේ යෙදීමට මත්තෙන් මාසික ඔසප්වීමක් ඇතිවේද නැද්ද යනු නිශ්චය කිරීම සඳහා පෙරාතුව සිටිය යුතුය. ඇය ගර්භණීයක නම්, ප්‍රසුතිය තෙක් ඇය හා සංසර්ගයේ යෙදීම නීති විරෝධී වේ.
3 යුද සිරකාරිය දහම් ලත් ජනයාට අයත් කෙනකු වුවද නොවුවද කම් නැත. ඇයගේ ආගම කුමක් වුවද ඇය භාරදෙනු ලැබූ පුරුෂයාට ඇය හා සංසර්ගයේ යෙදීම නීත්‍යානුකුල වන්නේය.
4 වහල් ස්ත්‍රිය භාර දෙනු ලැබූ පුරුෂයාට හැර අන් කවරකුට වත් ඇය “ස්පර්ශ කිරීමේ” අයිතියක් නැත. එවැනි ස්ත්‍රියකගෙන් ඔහුට දාව උපදින දරුවෝ ඔහුගේ නිත්‍යානුකුල දරුවෝ වෙති. තමාගේ විවාහක ස්ත්‍රියගෙන් තමා ලත් දරුවන්ට අල්ලාහ් ගේ නීතිය අනුව ලැබෙන අයිතිවාසිකම් මේ දරුවන්ටද ලැබේ. දරුවකු ලැබුණු පසු ඇය වහල් ස්ත්‍රියක වශයෙන් විකිණිය නොහැක. තවද ඇයගේ ස්වාමියාගේ මරණයෙන් පසු ඇය අනිවාර්යයෙන්ම නිදහස් වන්නීය.
5 ස්වාමියා සිය වහල් ස්ත්‍රිය වෙනත් පුරුෂයකුට විවාහ කර දෙන්නේ නම්, ස්වාමියාට ඇය හා සංසර්ගික සම්බන්ධතා තහනම් වේ. එහෙත් ඇයගේ සේවය වැනි වෙනත් අයිතිවාසිකම් සතු වේ.
6 එකවර භාර්යාවන් සතර දෙනකු පමණක් තබාගත හැකි යැයි යන නීතිය වහල් ස්ත්‍රීන් විෂයෙහි නියම කර නැත. ඊට හේතුව තේරුම් ගැනීම අපහසු නැත. යුද්ධයකදී අත්පත් වන යුද සිරකාරියන් සංඛ්‍යාව මෙතැකැයි කිව නොහැකි හෙයිනි. මෙසේ උපරිමයක් පනවා නොතිබීමෙන් සල්ලාල ක්‍රියාවන් සඳහා ඕනෑ තරම් වහල් ස්ත්‍රීන් මිලට ගැනීමට ධන වතුන්ට අවසරයක් ඇතැයි යන්න එහි තේරුම නොවේ.
7 රජය විසින් වහල් පුරුෂයකු හෝ ස්ත්‍රියක විෂයෙහි දෙනු ලබන හිමිකම් බලය වෙනත් සියලුම නීත්‍යානුකුල හිමිකම් බල මෙන්ම අන්සතු කළ හැකිය.
8 රජය විසින් වහල් ස්ත්‍රියක විෂයෙහි වූ හිමිකම් බලය විධි ප්‍රකාරව පිරිනැමීම, නිදහස් ස්ත්‍රියකගේ දෙමවුපියන් හෝ භාරකරුවා විසින් නිකාහ් (විවාහෝත්සවය) මගින් ඇය සරණ පාවා දීම මෙන්ම නීත්‍යානුකුල. එබැවින් අප්‍රිය නිසා විවාහ නොවන්නකුට වහල් ස්ත්‍රියක හා සංසර්ගයේ යෙදීම අප්‍රිය කිරීමට හේතුවක් නැත.
9 රජය විසින් සිරකාරියක යමකුට පවරා දුන් පසු ඇය ආපසු ලබා ගැනීමට ඊට බලයක් නැත. පියා විසින් හෝ භාරකරුවකු (වලි) විසින් නිකාහ් උත්සවය මගින් ස්ත්‍රියක සරණ පාවා දුන් පසු ඔහුට ඇය කෙරෙහි එවැනි අයිතියක් නැත්තාක් මෙනි.
10 යුද සේනාපතියකු ලිංගික සේවනය සඳහා සෙබළුන්ට තාවකාලික වශයෙන් යුද සිරකාරියන් බෙදා දීම හෝ තාවකාලිකව ඔවුන් හා ලිංගික සේවනයෙහි යෙදීමට අවසර දීම හෝ එවැනි ක්‍රියාවක් ඉස්ලාමිය නීතිය අනුව නීති විරෝධී වන්නේය. එවැනි ක්‍රියාවකුත් ස්ත්‍රී දුෂණයත් අතර කිසිඳු වෙනසක් නැත්තේය. ස්ත්‍රී දුෂණය ඉස්ලාමිය නීතිය අනුව අපරාධයකි. (මේ පිළිබඳව සවිස්තර විමර්ශනයක් සඳහා මාගේ ග්‍රන්ථය වන තෆ්හිමාත් 2 පිටු 366 සිට 384 සහ රසා-ඉල්-ව මසා-ඉල් (හය වන මුදණය ලාහෝර් 1976) නමැති ග්‍රන්ථයේ තුන්වැනි වෙළුමේ පිටු 102-104 දක්වා බලන්න.)
25. විශ්වාසවන්තියන් වූ (නිදහස්) ස්ත්‍රීන්ව නුඹලාගෙන් කාහට හෝ මුදල් නොමැතිකමින් විවාහ කරගැනීමට නොහැකි නම්, නුඹලාගේ දකුණු අත් යටතේ සිටින (වහලියන් වූ) විශ්වාසික ස්ත්‍රීන්ගෙන් කෙනකු සරණපාවා ගත යුතුය. නුඹලාගේ විශ්වාසය පිළිබඳව පුර්ණ දැනුමක් අල්ලාහ්ට ඇත්තේය. නුඹලා සැම එකිනෙකාගෙන්ය.*45 එබැවින් ඔවුන්ගේ භාරකරුවන්ගේ අවසර ඇතිව නුඹලා ඔවුන් විවාහ කරගනු. තවද නීතිවිරෝධී සංවාසයෙන් දුරු වී, එමෙන්ම නීතිවිරෝධී රහස් සම්බන්ධතාවන් නොමැතිව ඔවුනට ( මනා ජිවිතයක් ගත කරනු හැකි වනු වස්) ඔවුන්ගේ දායාදයන් සාධාරණ ලෙස දෙනු. ඔවුන් සරණබන්ධන(යෙන් ශක්තිමත්)භාවයට පත්වූ පසු ඔවුන් අශ්ශීලි ක්‍රියාවන් කළහොත් නිදහස් ස්ත්‍රීන්ට නියමිත*46 දඬුවමින් අඩක් ඔවුන්ට පැනවිය යුතුය. මෙය (විවාහ වීමට මෙම සහාය දෙනු ලබන්නේ) නුඹලා අතුරින් යමකු (අවිවාහක තත්ත්වයක සිටිද්දී)*47 ව්‍යභිචාරී යන (පාපකාරී ක්‍රියාවන්වල යෙදෙම්ද) බිය වන අය සම්බන්ධයෙනි. එහෙත් නුඹලා ඉවසිලිවන්ත වී (කටයුතු කිරී)ම නුඹලාට වඩා යෝග්‍යය. තවද අල්ලාහ් ක්ෂමාශීලීය, දයාන්විතය.
(44) එනම් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් යුද ප්‍රදේශයේ සිටියදී තමන් යුද සිරකාරියන් බවට පත් වන ස්ත්‍රීන් විවාහ කර ගැනීම නීතිවිරෝධී නොවේ. මක්නිසාද යත්, එම ස්ත්‍රීන් ඉස්ලාමිය ප්‍රදේශයට පැමිණීම නිසා ඔවුන්ගේ වෛවාභික බන්ධන සිඳී ඇති හෙයිනි. මෙවැනි වහලියන් විවාහ කරගෙන භාර්යාවන් බවට පත් කර ගැනීම නීත්‍යානුකුල වේ. තවද ඔවුන් භාරව සිටින පුරුෂයන්ද යුද සිරකාරියන් වන ඔවුන් හා සංසර්ගයේ යෙදීම නීත්‍යානුකුල වේ. එහෙත් එවැනි ස්ත්‍රියකගේ ස්වාමි පුරුෂයාද ඇය සමගම යුද සිරකරුවකු වශයෙන් ගනු ලැබ සිටි නම් කුමක් කළ යුතුද යන්න සම්බන්ධයෙන් මත භේදයන් පවතී. මෙවැනි යුවළකගේ විවාහ බන්ධනය නොසිඳී පවතින බව ඉමාම් අබු හනිෆාහ් සහ එතුමාගේ චින්තනය පිළිගන්නා නීතිවේදීන්ගේ මතයද වේ. ඉමාම් මාලික් හා ෂාෆිඊ ගේ මතය වී ඇත්තේ එම විවාහ බන්ධනය සිඳී ඇති බවය. යුද සිරකාරියන් වශයෙන් ගන්නා ලද වහල් ස්ත්‍රීන් සමග සංසර්ගයේ යෙදීම ගැන ජනයාගේ සිත් තුළ දුර්මතයන් රාශියක් පවත්නා හෙයින් පහත දැක්වෙන කරුණු සාවධානව හැදෑරිය යුතුය.
1 යුද සිරකාරියක තමා අතට පත් වූ වහාම ඇය සමග සංසර්ගයේ යෙදීම සෙබළකුට නීත්‍යනුකුල නොවන්නේය. එවැනි සියලුම ස්ත්‍රීන් රජයට බාරදිය යුතු බව ඉස්ලාමිය නීතියෙන් පැන වේ. ඔවුන් නිදහස් කිරීමේ හෝ සතුරන් අතට පත් වී ඇති මුස්ලීම් සිරකරුවන් වෙනුවට ඔවුන් හුවමාරු කර ගැනීමේ හෝ ඔවුන් සෙබළුන් අතර බෙදා දීමේ හෝ අයිතිය රජය සතු වේ. සෙබළකුට රජය විසින් විධිමත් පරිද්දෙන් බාර දෙනු ලැබු ස්ත්‍රියක සමග පමණක් සංසර්ගයේ යෙදීම නීත්‍යානුකුල ය.
2 එසේ වුවද, ඇය ගර්භණීයකද නැද්ද යනු නිසැක වීම සඳහා ඔහු ඇය හා සංසර්ගයේ යෙදීමට මත්තෙන් මාසික ඔසප්වීමක් ඇතිවේද නැද්ද යනු නිශ්චය කිරීම සඳහා පෙරාතුව සිටිය යුතුය. ඇය ගර්භණීයක නම්, ප්‍රසුතිය තෙක් ඇය හා සංසර්ගයේ යෙදීම නීති විරෝධී වේ.
3 යුද සිරකාරිය දහම් ලත් ජනයාට අයත් කෙනකු වුවද නොවුවද කම් නැත. ඇයගේ ආගම කුමක් වුවද ඇය භාරදෙනු ලැබූ පුරුෂයාට ඇය හා සංසර්ගයේ යෙදීම නීත්‍යානුකුල වන්නේය.
4 වහල් ස්ත්‍රිය භාර දෙනු ලැබූ පුරුෂයාට හැර අන් කවරකුට වත් ඇය “ස්පර්ශ කිරීමේ” අයිතියක් නැත. එවැනි ස්ත්‍රියකගෙන් ඔහුට දාව උපදින දරුවෝ ඔහුගේ නිත්‍යානුකුල දරුවෝ වෙති. තමාගේ විවාහක ස්ත්‍රියගෙන් තමා ලත් දරුවන්ට අල්ලාහ් ගේ නීතිය අනුව ලැබෙන අයිතිවාසිකම් මේ දරුවන්ටද ලැබේ. දරුවකු ලැබුණු පසු ඇය වහල් ස්ත්‍රියක වශයෙන් විකිණිය නොහැක. තවද ඇයගේ ස්වාමියාගේ මරණයෙන් පසු ඇය අනිවාර්යයෙන්ම නිදහස් වන්නීය.
5 ස්වාමියා සිය වහල් ස්ත්‍රිය වෙනත් පුරුෂයකුට විවාහ කර දෙන්නේ නම්, ස්වාමියාට ඇය හා සංසර්ගික සම්බන්ධතා තහනම් වේ. එහෙත් ඇයගේ සේවය වැනි වෙනත් අයිතිවාසිකම් සතු වේ.
6 එකවර භාර්යාවන් සතර දෙනකු පමණක් තබාගත හැකි යැයි යන නීතිය වහල් ස්ත්‍රීන් විෂයෙහි නියම කර නැත. ඊට හේතුව තේරුම් ගැනීම අපහසු නැත. යුද්ධයකදී අත්පත් වන යුද සිරකාරියන් සංඛ්‍යාව මෙතැකැයි කිව නොහැකි හෙයිනි. මෙසේ උපරිමයක් පනවා නොතිබීමෙන් සල්ලාල ක්‍රියාවන් සඳහා ඕනෑ තරම් වහල් ස්ත්‍රීන් මිලට ගැනීමට ධන වතුන්ට අවසරයක් ඇතැයි යන්න එහි තේරුම නොවේ.
7 රජය විසින් වහල් පුරුෂයකු හෝ ස්ත්‍රියක විෂයෙහි දෙනු ලබන හිමිකම් බලය වෙනත් සියලුම නීත්‍යානුකුල හිමිකම් බල මෙන්ම අන්සතු කළ හැකිය.
8 රජය විසින් වහල් ස්ත්‍රියක විෂයෙහි වූ හිමිකම් බලය විධි ප්‍රකාරව පිරිනැමීම, නිදහස් ස්ත්‍රියකගේ දෙමවුපියන් හෝ භාරකරුවා විසින් නිකාහ් (විවාහෝත්සවය) මගින් ඇය සරණ පාවා දීම මෙන්ම නීත්‍යානුකුල. එබැවින් අප්‍රිය නිසා විවාහ නොවන්නකුට වහල් ස්ත්‍රියක හා සංසර්ගයේ යෙදීම අප්‍රිය කිරීමට හේතුවක් නැත.
9 රජය විසින් සිරකාරියක යමකුට පවරා දුන් පසු ඇය ආපසු ලබා ගැනීමට ඊට බලයක් නැත. පියා විසින් හෝ භාරකරුවකු (වලි) විසින් නිකාහ් උත්සවය මගින් ස්ත්‍රියක සරණ පාවා දුන් පසු ඔහුට ඇය කෙරෙහි එවැනි අයිතියක් නැත්තාක් මෙනි.
10 යුද සේනාපතියකු ලිංගික සේවනය සඳහා සෙබළුන්ට තාවකාලික වශයෙන් යුද සිරකාරියන් බෙදා දීම හෝ තාවකාලිකව ඔවුන් හා ලිංගික සේවනයෙහි යෙදීමට අවසර දීම හෝ එවැනි ක්‍රියාවක් ඉස්ලාමිය නීතිය අනුව නීති විරෝධී වන්නේය. එවැනි ක්‍රියාවකුත් ස්ත්‍රී දුෂණයත් අතර කිසිඳු වෙනසක් නැත්තේය. ස්ත්‍රී දුෂණය ඉස්ලාමිය නීතිය අනුව අපරාධයකි. (මේ පිළිබඳව සවිස්තර විමර්ශනයක් සඳහා මාගේ ග්‍රන්ථය වන තෆ්හිමාත් 2 පිටු 366 සිට 384 සහ රසා-ඉල්-ව මසා-ඉල් (හය වන මුදණය ලාහෝර් 1976) නමැති ග්‍රන්ථයේ තුන්වැනි වෙළුමේ පිටු 102-104 දක්වා බලන්න.)
25. විශ්වාසවන්තියන් වූ (නිදහස්) ස්ත්‍රීන්ව නුඹලාගෙන් කාහට හෝ මුදල් නොමැතිකමින් විවාහ කරගැනීමට නොහැකි නම්, නුඹලාගේ දකුණු අත් යටතේ සිටින (වහලියන් වූ) විශ්වාසික ස්ත්‍රීන්ගෙන් කෙනකු සරණපාවා ගත යුතුය. නුඹලාගේ විශ්වාසය පිළිබඳව පුර්ණ දැනුමක් අල්ලාහ්ට ඇත්තේය. නුඹලා සැම එකිනෙකාගෙන්ය.*45 එබැවින් ඔවුන්ගේ භාරකරුවන්ගේ අවසර ඇතිව නුඹලා ඔවුන් විවාහ කරගනු. තවද නීතිවිරෝධී සංවාසයෙන් දුරු වී, එමෙන්ම නීතිවිරෝධී රහස් සම්බන්ධතාවන් නොමැතිව ඔවුනට ( මනා ජිවිතයක් ගත කරනු හැකි වනු වස්) ඔවුන්ගේ දායාදයන් සාධාරණ ලෙස දෙනු. ඔවුන් සරණබන්ධන(යෙන් ශක්තිමත්)භාවයට පත්වූ පසු ඔවුන් අශ්ශීලි ක්‍රියාවන් කළහොත් නිදහස් ස්ත්‍රීන්ට නියමිත*46 දඬුවමින් අඩක් ඔවුන්ට පැනවිය යුතුය. මෙය (විවාහ වීමට මෙම සහාය දෙනු ලබන්නේ) නුඹලා අතුරින් යමකු (අවිවාහක තත්ත්වයක සිටිද්දී)*47 ව්‍යභිචාරී යන (පාපකාරී ක්‍රියාවන්වල යෙදෙම්ද) බිය වන අය සම්බන්ධයෙනි. එහෙත් නුඹලා ඉවසිලිවන්ත වී (කටයුතු කිරී)ම නුඹලාට වඩා යෝග්‍යය. තවද අල්ලාහ් ක්ෂමාශීලීය,දයාන්විතය.
(45) එනම්,ජනයා අතර සාමාජික වශයෙන් පවත්නා වෙනස්කම් හුදෙක් සාපේක්ෂි වේ නැතහොත්, සියළුම මුස්ලීම්වරු සමානය. සැබැවින්ම එක් මුස්ලීම්වරයකු වෙනත් මුස්ලීම්වරයකුගෙන් වෙනස් වනුයේ භක්තියේ ශක්තිය අනුවය. එය උසස් සමාජයේ එකාධිකාරයක් නොවේ. විශ්වාසය හා සදාචාරය අතින් මුස්ලීම් වහල් ස්ත්‍රියක්, උසස් පවුලක නිදහස් ස්ත්‍රියකට වඩා උතුම් විය හැකිය.
(46) මෙම කොටසෙහි (24-25 වන වාක්‍ය) මුහ්සනාත් යන අරාබි පදය අරුත් දෙකකින් යෙදී ඇතිබව සැලකිය යුතුය. එනම්, (1) සිය ස්වාමිපුරුෂයාගේ ආරක්ෂාව යටතේ වෙසෙන “විවාහක භාර්යාවෝ” සහ (2) විවාහක නොවුවද සිය පවුල් වල ආරක්ෂාව යටතේ වෙසෙන මුස්ලීම් නිදහස් ස්ත්‍රින්ය. මෙය වැදගත්ය. මක් නිසාද යත්, මෙම අරුත් දෙක අතර වෙනසක් නොතිබීම නිසා සුළු ව්‍යකුලත්වයක් පැන නැගී ඇති හෙයිනි. අනාචාරයෙහි හැසිරුණු ස්ත්‍රියකට ගල් ගැසීම අනුමත නොකරන හවාරිජ්වාදින් සහ එවැනි වෙනත් අය තමන්ගේ මතය සනාථ කිරීම සඳහා මෙම වාක්‍යය (25) අයුතු ලෙස යොදා ගෙන ඇති හෙයිනි. මෙම වාක්‍යයෙන් අනාචාරි විවාහක වහල් ස්ත්‍රීයකට නියම කර ඇති දඬුවම නිදහස් විවාහක මුස්ලීම් ස්ත්‍රියකට පනවා ඇති දඬුවමෙන් අඩකි. අනාචාරයෙහි යෙදුනු නිදහස් විවාහක ස්ත්‍රියකට නියමිත දඬුවම ගල් ගසා මරා දැමීම නම්, මෙම දඬුවමෙන් අඩක් වරදෙහි බැඳුනු වහල් ස්ත්‍රියක් විෂයෙහි තිබිය නොහැකි බවට ඔවුහු තර්ක කරති. එබැවින් මෙම වාක්‍යය අනුව ගල් ගැසීමේ දඬුවම ඉස්ලාමයෙහිත් නැති බවට තීරණාත්මක සාධකය කැයි ඔවුහු තර්ක කරති.
ඉහත දැක්වූ තර්කයේ පුහුබට “මුහ්සනාත්” යන පදයේ උචිත අර්ථය සාමාන්‍ය බුද්ධියට අනුකුලව යොදා ගතහොත් පැහැදිලි වේ . වරදෙහි බැඳුනු වහල් ස්ත්‍රිය විෂයෙහි මෙම පදය යොදා ඇත්තේ, ස්වාමි පුරුෂයකුගේ ආරක්ෂාව යටතේ වෙසෙන විවාහක ස්ත්‍රිය යන අරුතෙනි. ඒ බව, එම වාක්‍යයෙහි එන ඔවුන් “සරණ බන්ධනයෙන් ශක්තිමත් භාවයට පත් වූ පසු” යන පාඨයෙන් පැහැදිලි වේ. එහෙත් අනාචාරයෙහි යෙදී වරදට පත්වූ මුස්ලිම් ස්ත්‍රියට දෙන දඬුවමින් අඩක් දීම ගැන කිව යුත්තේ මෙහි එම වරදෙහි බැඳුනු මුස්ලීම් ස්ත්‍රිය යන්නෙන් අදහස් කෙරෙන්නේ පවුලේ ආරක්ෂාව යටතේ වෙසෙන “මුස්ලීම් නිදහස් ස්ත්‍රිය” යනු විනා ගල් ගැසීමේ දඬුවමට විරුද්ධ අය අදහස් කරන පරිදි “නිදහස් විවාහක මුස්ලීම් ස්ත්‍රිය” යනු නොවන බවය.
මුස්ලීම් නිදහස් ස්ත්‍රියකට වඩා අනාචාරි වහල් ස්ත්‍රියකට දෙන දඬුවම ලිහිල් කර තිබීම ගැන කිව යුත්තේ පළමුවැන්නිය දෙවැන්නියාට හා සමාන කර බලන වීට දෙගුණයක් ආරක්ෂාවලත් තැනැත්තියක් බවය. එනම්, (විවාහක වුවද) පවුලේත් ආරක්ෂාව ලබන බවය. නිදහස් ස්ත්‍රියක් මෙන් නොව අවිවාහක වහල් ස්ත්‍රියට කිසිඳු ආරක්ෂාවත් පවුලෙන් නොලැබෙයි. ඇය විවාහ වීමෙන් පසු පවා ඇයගේ තත්ත්වය අවිවාහක මුස්ලීම් ස්ත්‍රියක ගේ තත්ත්වයට සමාන නොවේ. මක්නිසාද යත්, දෙවැන්නියට ඇයගේ නිදහස් තත්ත්වයේ පවුලේ හා ගෝත්‍රයේ ආදී වශයෙන් ආරක්ෂාව ලැබෙන හෙයිනි. අනෙක් අතට වහල් ස්ත්‍රියක් තවමත් එක්තරා ප්‍රමාණයකට වහල් භාවයේ පසුවෙයි. ඇයට පවුලේ හා ගෝත්‍රයේ ආදී වශයෙන් ආරක්ෂාවක් නොලැබෙයි. එබැවින් ඇයගේ දඬුවම අවිවාහක නිදහස් ස්ත්‍රියකගේ දඬුවමෙන් අඩක් විය යුතුය. නිදහස් විවාහක ස්ත්‍රියකගේ දඬුවමෙන් අඩක් නොවේ.
නීති විරෝධී සංසර්ගයේ යෙදීම නිමිත්තෙන් 24:2 වැන්නෙහි ස්ත්‍රියකට නියම කොට ඇති දඬුවම අවිවාහක නිදහස් මුස්ලීම් ස්ත්‍රියකට වේ. වහල් ස්ත්‍රියකට නියම කොට ඇත්තේ ඉන් අඩකි . නිදහස් විවාහක ස්ත්‍රියක් අනාචාරයෙහි යෙදී වරදකාරියක් බවට තීරණය කරනු ලැබුවහොත් එම බරපතල අපරාධය වෙනුවෙන් ඇයට මරණීය දණ්ඩනය හිමි විය යුතු බව පැහැදිලිය. මක් නිසාද යත්, ඇයට පවුලේ හා ස්වාමියාගේ වශයෙන් ද්වි විධ ආරක්ෂාවක් සැලසී ඇති හෙයිනි . එම මරණිය දණ්ඩනය නම්, මරණයට පත් වන තුරු ඇයට ගල් ගැසිමය. ගල් ගසා මරණයට පත් කිරීම අල්-කුර්ආනයේ පැහැදිලිව සඳහන් නොවෙතත් එය සියුම් ලෙසකින් පනවා ඇත. නබිතුමා එය තේරුම ගෙන ක්‍රියාත්මක කර වුහ. කුර්ආනය තේරුම ගැනීමට නබිතුමාට වඩා සමතෙකු වන්නේ කවරුහුද?
(47) “සහනය” නම් ස්වාමියාගේ අනුමැතිය ඇතිව වහල් ස්ත්‍රීන්ගෙන් කෙනකු විවාහ කර ගැනීමය .
26. නුඹලාට පෙර විසු ධාර්මික ජනයාගේ දිවි පිළිවෙත නුඹලාට පැහැදිලි කර දීමත් (ඒ වෙතට) නුඹලාට මඟපෙන්වීමත් නුඹලාගේ පශ්චත්තාපය භාරගැනීමත් අල්ලාහ්ගේ අභිමතය වේ අල්ලාහ් සර්වඥය, සර්ව ප්‍රාඥය.*48
(48) “දිවි පිළිවෙත” යන්නෙන් අදහස් කෙරෙන්නේ මෙම සුරතයේ ආරම්භයේ සිට මෙතෙක්දී ඇති උපදෙස් සහ සංස්කෘතික මෙන්ම සාමාජික ප්‍රශ්න විෂයෙහි අල් බකරාහ් දැනටමත් සපයා ඇති උපදෙස්ය. ඔවුන් “අඥාන භාවයේ” ගති පැවතුම්වලින් මුදවා නබිවරුන් හා ඔවුන්ගේ ජනතාව විසින් අනුගමනය කළ සුදනන්ගේ යහපත් පිළිවෙත් ඔස්සේ මග පෙන්වා තමා ඔවුන් කැඳවා ගෙන යන්නේ තමාගේ ත්‍යාගශීලිත්වය නිසා බව අල්ලාහ් (විශ්වාසිකයන්ට පවසයි.)
27. (නුඹලා වෙත දයාන්විතව යොමු වී) අල්ලාහ් නුඹලාගේ පසුතැවිලි වීම භාරගන්නට අදහස් කරන්නේය. එහෙත් (තමන්ගේ) රාගාදී උද්වේගයන් අනුගමනය කරන අය නුඹලා (නිවැරදි මාර්ගයෙන්) බොහෝ ඈතට විය යුතුයි අපේක්ෂා කරති.*49
(49) විශ්වාසවන්තයින් නිවැරදි පිළිවෙතීන් යළි පාප මාර්ගයට ආපසු ඇද දැමීමට අදහස් කළේ කුහකයින්,පැරණි මං ඔස්සේ ද ගිය නුගත් මිනිසුන් හා මදීනාහ් අවට පෙදෙස්වල විසු යුදෙව්වන්ය. මෙයින් මුලින් සඳහන් කළ දෙවර්ගයම තමන්ගේ සියවස් ගණන් පැරණි රුචි අරුචිකම්, පුද පුජා විධි හා චාරිත්‍ර වාරිත්‍ත්‍රාදිය ප්‍රතිසංස්කරණයට භාජනය කිරීමට තුඩු දුන් වෙනස්කම්වලට තදින් විරුද්ධ වුහ. ඔවුහු පහත දැක්වෙන විපර්යාසයන්ටවිරුද්ධ වුහ.
(අ) උරුමයෙන් කොටසක් දුවරුන්ට හිමිවීම,
(ආ) වැන්දඹුවකට ඇයගේ ස්වාමියාගේ පාර්ශවයෙන් පනවනු ලැබූ සීමාකාරී තහංචිවලින් ඇය නිදහස් කිරීම,
(ඇ) නියමිත කාල සීමාව ඉකුත් වීමෙන් පසු තමන්ට අභිමත ස්වාමිපුරුෂයකු හා විවාහවීමට වැන්දඹුවන්ට ලැබුණු නිදහස,
(ඈ)කුඩම්මා කෙනකු හෝ එකවර සොහොයුරියන් දෙදෙනකු විවාහ කර ගැනීම තහනම් කිරීමේ නීතිය යනාදියයි.
දරුකමට ගත් පුතුන්ට දේපළ උරුම වීම අහෝසි කිරීමට තුඩු දුන් දරුකමට ගැනීමේ නීතියේ ප්‍රතිසංස්කරණය ද තමන් දික්කසාද කළ භාර්යාවන් හෝ තමන්ගේ වැන්දඹුවන් ඔවුන් දරුකමට ගත් පියවරුන් හා විවාහ වීම පිළිබඳ නීතියේ ප්‍රතිසංස්කරණයද ඔවුහු නොඉවසුහ. මේවාත් එවැනි වෙනත් ප්‍රතිසංස්කරණයන් නිසාත් පැරණි සම්ප්‍රදායයන් හා චාරිත්‍ර ඇදහුවන් කෙතරම් නොසන්සුන් වූවාහුද යත් ඔවුහු ඊට විරුද්ධව ගිරිය පුප්පා කෑගැසුහ. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා නිර්දය දෝෂාරෝපණයට භාජනය කළ ඔවුහු එතුමාට ශාරීරික වශයෙන් තර්ජනයක් එල්ල වන පරිදිත් එතුමාගේ ආරාධනයට එරෙහිව ජනයා පෙළඹවූහ. නිදර්ශනයක් වශයෙන් නව නීති යටතේ නීති විරෝධී වී ඇති විවාහයකින් ජනිත වුවෙක් වී නම් ඔහු අවජාතකයෙකැ යි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා විසින් ප්‍රකාශ කර ඇතැයි කියා ඔවුහු එතුමාට විරුද්ධව උසිගැන්වුහ. මෙසේ දේව මග පෙන්වීම යටතේ සිදු කෙරුණු ප්‍රතිසංස්කරණයන්ට ඔවුහු එරෙහි වුහ.
ඊළඟට තමන් විසින්ම නිපදවා ගත් නීති සමුදායට පටහැනි වූ මෙම නීති ප්‍රතිසංස්කරණයට විරුද්ධව නැගී සිටිමින් දරුණු ප්‍රචාරයක් දියත් කළ
28. (නුඹලා කෙරෙහි පැනවෙන සීමාකාරී නියමයන්) නුඹලාට සැහැල්ලු කිරීමට අල්ලාහ් කැමති වෙයි. තවද මිනිසා (ස්වාභාවිකවම) දුබලයකු ලෙස මවන ලදී.
29. විශ්වාසවන්තයිනි! නුඹලාගේ අනොන්‍ය එකඟත්වය ඇතිව ව්‍යාපාරයෙන් මිස නීතිවිරෝධී මාර්ගවලින් එකිනෙකාගේ දේපළ නුඹලා ගිල නොගනු. තවද නුඹලා නුඹලාවම නොමරනු. නියතවශයෙන්ම අල්ලාහ් නුඹලා කෙරෙහි කරුණාන්විතය.
30. එවැනි දෑ ආක්‍රමණකාරී හා අයුක්ති සහගතව කරන (තැනැත්තා වූ) ඔහුව අපි (අපා) ගින්නට දමන්නෙමු. අල්ලාහ්ට මෙය ඉතා පහසු දෙයකි.
31. නුඹලාට තහනම් කරනු ලබන මහා භයානක පාපයන්ගෙන් නුඹලා වැළකුණහොත් අප නුඹලාගේ (සුළු) වැරදි වසන් කරන්නෙමු. තවද නුඹලා සම්මානනීය තැනකට ඇතුළු කරවන්නෙමු.
32. නුඹලාගෙන් ඇතැමෙකුට සෙස්සන්ට වැඩියෙන් අල්ලාහ් විසින් ප්‍රදානය කොට ඇති දැයට නුඹලා ගිජු නොවනු. තමන් උපාය ගත් දැයින් නිසි කොටස පුරුෂයින්ට ලැබෙනු ඇත. එමෙන්ම තමන් උපයාගත් දෙයින් නිසි කොටස ස්ත්‍රීන්ටද ලැබෙනු ඇත. එබැවින් අල්ලාහ්ගෙන් ඔහුගේ ත්‍යාගශිලිත්වයෙන් ඉල්ලනු. නිසැකයෙන්ම සෑම දෙයක් පිළිබඳව අල්ලාහ් මැනවින් දනී.
33. දෙමව්පියන් හා (ඔවුන්ට උරුමකම් කීමට සුදුසු) නෑදෑයින් විසින් තබා ගිය උරුමයට අප විසින් නිත්‍යානුකුල උරුමක්කාරයින් පත් කොට ඇත. නුඹලා පොරොන්දුවකට ඇතුළත් වූ අයට ඔවුන්ගේ කොටස දෙනු. අල්ලාහ් නිසැකයෙන්ම සියලු දේ කෙරෙහි සමීක්ෂාකාරිය.
34. පුරුෂයින් (ස්ත්‍රී පුරුෂ වන) ඔවුන් අතුරින් ඇතැමෙක් ඇතැමකුට වඩා අල්ලාහ් උසස් කළ හෙයින්ද ඔවුන් (පුරුෂයින්) තමන්ගේ ධනයෙන් (ස්ත්‍රීන් උදෙසා) වැය කරන හෙයින්ද ඔවුහු (පුරුෂයෝ) ස්ත්‍රීන්ගේ කටයුතු විෂයෙහි කළමනාකරුවෝ වෙති. එබැවින් ගුණවත් ස්ත්‍රීහු කිකරුය. (පුරුෂයින් තමන් සමඟ) නොසිටින අවස්ථාවන්හිදී (එම පුරුෂයින්ගේ අයිතිවාසිකම් ඔවුහු) අල්ලාහ්ගේ සුපරීක්ෂාව යටතේ මැනවින් ආරක්ෂා කරති. (නුඹලාගේ ස්ත්‍රීන් වන) ඔවුන්ගේ දරදඬුකම පිළිබඳව නුඹලාට බිය වීමට සිදුවුවහොත් ඔවුනට අවවාද කරනු. (ඔවුන්) නුඹලාගේ සඟයන්ගෙන් ඈත් කරනු. තවද ඔවුන්ට ගසනු. ඉදින් ඔවුන් නුඹලාට අවනත වෙතොත් ඔවුන්ට විරුද්ධව (දඬුවම් දීමට අභව්‍ය) හේතුන් නොසොයනු. නියතවශයෙන්ම අල්ලාහ් උත්තරීතරය. ශ්‍රේෂ්ඨය.
35. (අඹු සැමියන් වන) ඔවුන් දෙදෙනා අතර භේදයක් හටගැනීම ඉඩ ඇතැයි නුඹලා බිය වුවහොත් ඔහු(ස්වාමිපුරුෂයා)ගේ පක්ෂයෙන් තීරකයකුද ඇය(භාර්යාව)ගේ පක්ෂයෙන් තීරකයකුද පත් කරනු. කටයුතු සමථයකට පත්කර ගැනීමට දෙපක්ෂයම අවංකවම අපේක්ෂා කරතොත් ඔවුන’තර සමගි සමාදානයක් ඇති කිරීමේ මඟක් අල්ලාහ් පාදා දෙනු ඇත. නියතවශයෙන්ම අල්ලාහ් සර්වඥය,සර්වප්‍රාඥය.
36. තවද නුඹලා අල්ලාහ්ට අවනත වනු. ඔහුට කිසිවක් හෝ කිසිවකු ආදේශ නොකරනු. නුඹලාගේ දෙමව්පියන්ට කරුණාව හා ස්නේහය දක්වනු. නුඹලාගේ කිට්ටු ඥාතීන්ටද අනත් දරුවන්ටද දිළින්දන්ටද නුඹලාගේ ඥාතින්වන අසල්වැසියන්ටද ඥාතීන් නොවන අසල්වැසියන්ටද නුඹලා අසල සිටින සහචරයින්ටද මාර්ගයෙහි ගමන් කරන මගීන්ටද නුඹලාගේ දකුණු අත් හිමිකරගත් අය(වහලුන්)ටද (කරුණාන්විත වනු) නියතවශයෙන්ම අහංකාර වන්නන්ද පුරසාරම් දොඩවන්නන්ද අල්ලාහ් ප්‍රිය නොකරන්නේය.
37. මසුරුවුත් මසුරුවන ලෙසින් මිනිසුන්ට අණ කරන්නාවූත් ඔවුනට අල්ලාහ් ඔහුගේ ත්‍යාගශිලිත්වයෙන් පිරිනැමූ දෑ සඟවන්නාවුත් තැනැත්තන් (අල්ලාහ් ප්‍රිය නොකරයි) එවැනි අකෘතඥ පුද්ගලයන්ට අපි නින්දනීය දණ්ඩනයක් පිළියෙළ කර ඇත්තෙමු.
38. මිනිසුන්ට විදහා පාමින් තමන්ගේ ධනය වියදම් කරන්නන්ද අල්ලාහ් සහ පරමාන්ත දිනය කෙරෙහි විශ්වාස නොකරන්නන්ද (අල්ලාහ් ප්‍රිය නොකරයි.) කවරකුගේ සහචරයෙකු වශයෙන් ෂෙයිතාන් සිටින්නේද ඔහු (තෝරා ගෙන ඇත්තේ) නරක මිත්‍රයෙකි.
39. ඔවුන් අල්ලාහ් සහ පරමාන්ත දිනය කෙරෙහි විශ්වාසය පිහිටුවා ඔවුනට අල්ලාහ් විසින් දී ඇති දැයින් වැය කළේ නම් ඔවුනට කවර (නම් හානියක්) වන්නේද? ඔවුන්(ගේ යහපත් ක්‍රියාවන්) පිළිබඳව අල්ලාහ් සර්වඥයය.
40. නියතවශයෙන්ම අල්ලාහ් කිසිවෙකුට ලේෂමාන වුවද හානියක් නොකරයි. (යමකු) කරන දෑ යහපත් දෙයක් නම් ඔහු (අල්ලාහ්) එය ද්විගුණ කරයි. අනතුරුව තමාගෙන් අගනා තෑග්ගක්ද පිරිනමයි.
41. (නබි මුහම්මද්!) අප සෑම ජන කොට්ඨාශයකින්ම සාක්කිකරුවෙකු ඉදිරිපත් කොට මොවුන්ට (මෙම ජනයාට) සාක්කිකරුවෙකු ලෙස නුඹ උත්ථාපනය කරවූ විට ඔවුන්ට අත්වන ඉරණම කෙසේදැයි සිතා බලනු.
42 ප්‍රතික්ෂේප කළ හා රසුල්වරයා (ධර්ම දුතයා)ට අකීකරු වූ (සියලු) අය (පරමාන්ත) දිනයේ තමන් සමඟම පොළොව සමතලා වන්නේ නම් මැනවයි සිතනු ඇත. තවද ඔවුනට අල්ලාහ්ගෙන් කිසිවක් සඟවන්නට හැකි නොවනු ඇත.
43. විශ්වාසවන්තයිනි! නුඹලා සුරාමතින් සිටින විට නුඹලා කියන දේ නුඹලාට වැටහෙනතෙක් සලාතයට ලං නොවනු. නුඹලා ජනාබත් තත්ත්වයේ(අපිරිසිදුව) සිටි නම් ස්නානය කරන තුරු (නුඹලා මස්ජිදය පසුකරගෙන යනවිට) මාර්ගය හරහා යන්නකු ලෙස මිස (මස්ජිදයට) ලං නොවනු. තවද නුඹලා රෝගීවී හෝ ගමනක (යෙදී සිටිද්දී ) හෝ නැතහොත් නුඹලා අතුරින් කවරකු හෝ ශරීර කෘත්‍යය කර සිටි නම් හෝ නුඹලා ස්ත්‍රීන් ස්පර්ශ කර සිටි නම් හෝ පිරිසිදු කර ගැනීමට නුඹලාට ජලය සොයා ගත නොහැකි වුවහොත් පිරිසිදු දුහුවිල්ල සොයාගනු. එමඟින් නුඹලාගේ මුහුණු සහ නුඹලාගේ දෑත් පිසදමනු. නියතවශයෙන්ම අල්ලාහ් සහනශීලීය, ක්ෂමාශීලීය.
44. (නබි මුහම්මද්!) දහම් (අල් කිතාබ්)හි කොටසක් දෙනු ලැබූ අයගේ තත්ත්වය පිළිබඳව නුඹ (කවර විටකදී හෝ) සලකා බලා තිබේද ඔවුහු සත්‍ය මාර්ගය වෙනුවට දුර්මාර්ගය මිලදී ගනිති. තවද නුඹලාද සත්‍ය මාර්ගයෙන් බැහැර වෙතැයි අපේක්ෂා කරති.
45. අල්ලාහ් නුඹලාගේ සතුරන් හොඳින් දනී. තවද ආරක්ෂාව සඳහා අල්ලාහ් ප්‍රමාණවත්ය. තවද සහාය පිණිසද අල්ලාහ් ප්‍රමාණවත්ය.
46. යුදෙව්වන් බවට පත් වූ අය අතුරින් සමහරු (දේව ග්‍රන්ථයේ) වචන, එය ප්‍රකරණයට නොගැළපෙන පරිද්දෙන් විකෘති කරති. සමිඋනා වසයිනා (අපි සවන් දුනිමුයිද තවද අකීකරු වුනෙමුයිද) වස්මඋ ගයිරමුස්මයින් (සවන්දෙනු නොඅසන්නෙක් වෙනු) කියමින්ද තවද ඔවුන්ගේ දිව ගොතකරමින් රාඉනා (අපට සවන් දෙනුයි) කියමින්ද දහමෙයි දොස් පවරමින්ද (ඔවුහු) කියති. සමිඋනා වඅතඋනා (අපි සවන් දුනිමුයිද කීකරු වුනෙමුයිද) වස්මඋ වන්ළුර්ණා (නුඹ අපට සවන් දෙවයිද අප දෙස බලවයිද) ඔවුහු කිවාහු නම් එය ඔවුනට ඉතා හොඳය. තවද ඍජු මාර්ගයද වන්නේය. එහෙත් ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරිම හේතු කොට ගෙන අල්ලාහ් ඔවුනට ශාප කළේය. එම නිසා ඔවුන් සුළු වශයෙන් හෝ විශ්වාස නොකරති.
47. ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූ ජනයිනි, අප මුහුණු විකෘතිකොට ඒවා පසුපසට හැරවීමට හෝ සබත් (කඩකළ)වුනට අප ශාප කළ පරිදි ඔවුනට ශාප කරන්නට මත්තෙන් නුඹලා වෙත ඇති ධර්ම ග්‍රන්ථය තහවුරු කරන්නාවූ අප විසින් (දැන් නුඹලා වෙත) එවන ලද ග්‍රන්ථය විශ්වාස කරනු. තවද අල්ලාහ්ගේ ආඥාව නිසැකයෙන්ම ක්‍රියාත්මකවේ.
48. නියතවශයෙන්ම අල්ලාහ් ඔහුට කිසිවක් ආදේශ කිරීම (ෂිර්ක්) ක්ෂමා නොකරන්නේය ඔහුට අභිමත වූ අයට (ෂිර්ක් හැර) අන් දෙය ක්ෂමා කරන්නේය. අල්ලාහ්ට ආදේශ කරන්නන් කවරෙක් වුවද ඔහු සැබැවින්ම මහා ප්‍රලාපයක් ගොතා ඉතා බරපතලම පාපය කරන්නා වෙයි.
49. (නබි මුහම්මද්!) තමන්ගේ පාරිශුද්ධත්වය (පිළිබඳව මහා ගර්වයෙන්) කතා කරන්නන් පිළිබඳව නුඹ සලකා බලා තිබේද? එහෙත් අල්ලාහ් තමන්ට අභිමත වුවන් පාරිශුද්ධවුවන් කරයි. (ඉදින් ඔවුන් පාරිශුද්ධ බවට පත් නොකෙරේ නම්) ඔවුන්ට රට ඉඳි ඇට කෙන්දකටවත් අයුක්තියක් සිදු නොකෙරේ.
50. (නබි මුහම්මද්!) බලනු, අල්ලාහ් පිළිබඳව ඔවුහු කෙසේ ප්‍රලාපයන් ගොතන්නහුද? ප්‍රකටම පාපය සඳහා මෙය ප්‍රමාණවත්ය.
51. (නබි මුහම්මද්!) ධර්ම ග්‍රන්ථ(අල් කිතාබ්)හි කොටසක් ප්‍රදානය කරනු ලැබුවන් නුඹ නිරීක්ෂණය නොකළේද? ඔවුහු ජිබිත් (මිත්‍යාවන් ගැනද) සහ තාඝුත් (අල්ලාහ්ගේ මාර්ගයේ සීමාව ඉක්මවා යන්නාද) විශ්වාස කරති. තවද මේ අය විශ්වාසිකයින්ටත් වඩා යහමග ලැබුවෝ යැයි ඔවුහු ප්‍රතික්ෂේප කරන්නන් ගැන කියති.
52. අල්ලාහ් විසින් ඔවුනට ශාප කරනු ලැබුවෝ ඔවුහු වෙති. තවද කවරකුට අල්ලාහ් ශාප කරන්නේද ඔහුට කිසිම සහායකයකු නුඹට හමු නොවනු ඇත.
53. ඔවුනට (අල්ලාහ්ගේ) රාජධානියෙහි කොටසක්වත් තිබේද? එසේ නම් ඔවුහු ඉඳි ඇටයක මතු පිටෙහි තිබෙන තිතක ප්‍රමාණයත් මිනිසුන්ට නොදන්නෝය.
54. අල්ලාහ් තම ත්‍යාගශීලිත්වයෙන් මිනිසුන්ට දී ඇති දේ ගැන ඔවුහු (යුදෙව්වෝ) ඒ අයට ඊර්ෂියා කරන්නාහුද? නියතවශයෙන් ඉබ්‍රාහීම්ගෙන් පැවත එන්නන්ට ධර්ම ග්‍රන්ථය හා ප්‍රඥාව අපි පිරිනැමුවෙමු. තවද ඔවුන්ට ශ්‍රේෂ්ඨ රාජ්‍යයක්ද පිරිනැමුවෙමු. (මේ බව ඔවුහු දැන ගනිත්වා!)
55. එහෙත් ඔවුන්ගෙන් ඇතැමකු එය විශ්වාස කළ අතර සෙස්සෝ ඊට පිටුපෑහ. එසේ (පිටුපෑ අයවන ඔවුන්ට) අපායේ දැවෙන ගින්න ප්‍රමාණවත් වේ.
56. අපගේ ආයාත් (වදන්. සංඥාවන්) ප්‍රතික්ෂේප කළවුන් අපි නිසැකවම ගින්නට ළන්නෙමු. ඔවුන්ගේ සම් ගින්නෙන් දැවී යත්ම, ඔවුන් දඬුවම් විඳීම පිණිස, අපි වෙනත් සම් ඒ වෙනුවට ඔවුනට යොදවන්නෙමු. නියතවශයෙන්ම අල්ලාහ් සර්වබලධාරීය, සර්වඥය.
57. විශ්වාස කර යහපත් ක්‍රියාවන්හි යෙදුණු අය වන ඔවුන් අපි එහි යටින් දිය ඇළි ගලා බස්නා ස්වර්ගයට ඇතුළත් කරමු. ඔවුන් එහි සදාකල්හිම වෙසෙනු ඇත. එහි ඔවුනට පවිත්‍ර වූ සහකාරියෝද වෙති. තවද අපි ඔවුන් ඉතා පුළුල් වූ සෙවනැල්ලෙහි ඇතුළත් කරන්නෙමු.
58. අමානාත් (භාරයන් දැරීමට) සුදුසුවූ අයට ඒවා භාර දෙන ලෙසද නුඹලා මනුෂ්‍යයින් අතර මතභේද විනිශ්චය කරන විට එය නිත්‍යානුකුලව විනිශ්චය කරන ලෙසද නියතවශයෙන් අල්ලාහ් නුඹලාට අණ කරයි. අල්ලාහ් නුඹලාට දෙන උපදේශය උත්තරීතරයි. අල්ලාහ් සර්වඥය. සර්ව ප්‍රාඥයය .
59. විශ්වාසවන්තයිනි! අල්ලාහ්ට කීකරුවනු. තවද රසුල්(ධර්ම දුත)වරයාටද නුඹලා අතුරින් බලතල පවරාඇති අයටද කිකරුවනු . ඉක්බිති යමක් පිළිබඳව යම් මතභේදයක් නුඹලා අතර පැන නැගුණහොත් නුඹලා සත්‍ය වශයෙන්ම අල්ලාහ් සහ පරමාන්ත දිනය විශ්වාස කරන්නේ නම් එම (ආරවුල) අල්ලාහ් සහ රසුල්(ධර්ම දුත)වරයා වෙත යොමු කරනු. මෙයයි ඉතා හොඳ මාර්ගය. (අවසානය සලකන විට) ප්‍රසංශනීය මාර්ගයද එයයි.
60. (නබි මුහම්මද්!) නුඹ එවන ලද දෑ (ධර්ම ග්‍රන්ථය) නුඹට පෙර එවන ලද දෑද (ධර්ම ග්‍රන්ථයන්ද) තමන් විශ්වාස කරන බව පවසමින්ම එය (තාඝුත්) ප්‍රතික්ෂේප කරන සේ ඔවුන්ට උපදෙස් දී තිබියදීත් තමන්ගේ ප්‍රශ්න විනිශ්චය කරවා ගැනීම සඳහා තාඝුත් (අල්ලාහ්ගේ මාර්ගයේ සීමාව ඉක්මවා යන්නා) වෙත යොමුවන අය නුඹේ අවධානයට ලක් නොවුවාහුද? සත්‍ය මාර්ගයෙන් ඔවුන් බොහෝ ඈතට ගෙන යාමට ෂෙයිතාන් අදහස් කරයි.
61. අල්ලාහ් පහළ කළ දැය වෙතද රසුල්වරයා වෙතද එන්නැයි ඔවුන්ට කී කල්හි වංචනික (කුහක)යින් නුඹ වෙත ඒමට මැළිකම් දක්වමින් (පිටු පා) යෑම නුඹ දකින්නේහිය.
62. එහෙත් ඔවුන්ගේම ක්‍රියාවන්හි ප්‍රතිඑල නිසා ඔවුන්ට විපතක් පැමිණි විට ඔවුහු කෙසේ හැසිරෙත්ද? පසුව ඔවුහු නුඹ වෙත පැමිණ, අප අදහස් කළේ යහපතක් කිරීමටත් (පාර්ශවයන්) අතර යළි සමගියක් ඇති කිරීමටත් මිස නැතියි ඔවුහු අල්ලාහ්ගේ නාමයෙන් දිවුරා පවසති.
63. ඔවුන්ගේ හදවත් තුළ (සැබැවින්ම) ඇත්තේ, කුමක්ද යනු අල්ලාහ් දනී. එබැවින් ඔවුන්ගේ වැළකී සිටිනු. ඔවුනට අනුශාසනා කරනු. ඔවුන්ගේ හදවත් ගැඹුරට කාවදින වචන කියනු.
64. අල්ලාහ්ගේ අවසරයෙන් ඔහුට කීකරු වීම පිණිස මිස කිසිම රසුල්වරයෙකු අපි නොඑව්වෙමු. ඔවුන් (කුහකයින්) තමන්ටම වරදක් කර ගත්විට (කළයුතුව තිබුණු හොඳම දෙය නම් ) නුඹ වෙතට පැමිණ අල්ලාහ්ගෙන් සමාව ඇයැදීමත් රසුල්වරයාද ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටීමත්ය.(එවිට) නිසැකවම අල්ලාහ් ක්ෂමශීලි හා දයාන්විත බව ඔවුහු දකිති.
65. නැත, ඔවුන් තමන් අතර ඇති වූ ආරාවුල(විසඳීම)ට විනිශ්චයකරු වශයෙන් නුඹ (මුහම්මද්) පිළිගෙන නුඹගේ තීරණය ගැන ඔවුන්ගේ සිත්වල කිසිඳු කනස්සල්ලක් නොමැතිව මුළුමනින්ම එයට අවනත වනතුරු ඔවුහු විශ්වාස කරන්නෝ නොවෙති.
66. (ඔවුන් පිළිබඳව කියතොත්) නුඹලා නුඹලාම මරණයට පත්කරගනුයි හෝ නුඹලාගේ නිවෙස්වලින් බැහැරවනුයි අප විසින් ඔවුනට නියම කරන ලද්දේ නම්, ඒ අනුව ඔවුන් අතුරින් ස්වල්ප දෙනකු හැර (සෙසු අය) එය නොකරති. ඔවුනට උපදේශ කරන ලද දෑ ඔවුන් විසින් ඉටු කරන ලද්දේ නම් එය ඔවුනට වඩාත් යහපත් වෙයි. තවද (ඔවුන්) වඩාත් තහවුරු කෙරෙයි.
67. නියතවශයෙන්ම එවිට ඔවුනට අප විසින් මහත් තිළිණයන් පිරිනමනු ලැබේ.
68. තවද නියතවශයෙන්ම ඔවුන් ඍජු මාර්ගයට යොමුකරන්නෙමු.
69. තවද අල්ලාහ්ට හා රසුල්වරයාට කීකරුවන කවුරුන් වුවද ඔවුන් අල්ලාහ් ඔවුනට ආශීර්වාද කළ නබිවරයින් (ධර්ම දුතයින්), සිද්දීකින් (සත්‍යවාදීන්), ෂුහදාඋ (සත්‍ය උදෙසා දිවි පිදුවන්) හා සාලිහීන් (ධර්මිෂ්ඨයින්) අතරට පත් වනු ඇත. සහචරයින්ගෙන් මොවුන් ඉතා හොඳය.
70 අල්ලාහ්ගෙන් ලැබෙන සැබෑ ත්‍යාගශීලිත්වය මෙයයි. (ඔවුන්ගේ තත්ත්වය දැන ගැනීමට) අල්ලාහ් සර්වඥය.
71. විශ්වාසවන්තයිනි! (සැම විටම සටනට ) සූදානමින් සිටිනු. තවද (අවස්ථාව අනුව) එක් එක් (කණ්ඩායම්) වශයෙන් හෝ සමුහයක් වශයෙන් හෝ සෑදී ඉදිරියට යනු.
72. තවද නුඹලා අතර සටනට පමාවන අයද සිටිති නුඹලාට විපතක් පැමිණියහොත් මා මොවුන් සමඟ නොසිටීම මට අල්ලාහ්ගේ අනුග්‍රහයෙන් වූ දෙයක් යැයි ඔහු පවසන්නේය.
73. (එසේ සටනට ගිය) නුඹලාට අල්ලාහ්ගෙන් ආශීර්වාද ලදහොත්, (පෙර කි සටනට පමා වූ) ඔහු, නුඹලා හා ඔහු අතර දැන හැඳිනිමක් නොමැති අයකු මෙන් අහෝ! මාත් ඔවුන් සමඟ සිටියා නම් මටද විශිෂ්ඨ භාග්‍යයක් ලැබෙනු ඇතැයි පවසයි.
74. පරලොව ජීවිතය සඳහා මෙම ලෞකික ජීවිතය විකුණන අය අල්ලාහ්ගේ මාර්ගය උදෙසා සටන් කළ යුතුය. අල්ලාහ්ගේ මාර්ගයේ (සටන් කර) යමකු ඝාතනය කරනු ලැබුයේද, නැතහොත් ජය ලැබුවේද (අල්ලාහ් උදෙසා සටන් කිරීම වෙනුවෙන්) අපි ඔහුට ශ්‍රේෂ්ඨ තිළිණයක් පිරිනමමු.
75. අපගේ පරමාධිපතියාණනි! අයුක්ති සහගත පිඩකයින් ජිවත්වන මේ ගමින් අප බැහැර කරනු මැනවි. (ඔබගේ දයාවෙන්) අප උදෙසා ආරක්ෂකයකු අපට ඇති කරනු මැනවි. තවද ඔබගෙන් සහායකුද, අපට ඇති කරනු මැනවයි හඬ නගන්නාවූ දුබල හා පරිපීඩිත අසරණ පිරිමින්, ස්ත්‍රීන් හා ළමයින් වෙනුවෙන් අල්ලාහ්ගේ මාර්ගය උදෙසා නුඹලා සටන් නොකළයුත්තේ මක්නිසාද?
76.විශ්වාසවන්තයෝ අල්ලාහ්ගේ මාර්ගය උදෙසා සටන් කරති. ප්‍රතික්ෂේප කරන්නෝ තාඝුත් (අල්ලාහ්ගේ මාර්ගයේ සීමාව ඉක්මවා යන්නා) මාර්ගයෙහි සටන් කරති. එබැවින් නුඹලා ෂෙයිතාන්ගේ සහායිකයින් සමඟ යුද්ධ කරනු. නියත වශයෙන්ම ෂෙයිතාන්ගේ කපටි උපක්‍රම ඉතා දුබලය.
77. (සටන් කිරීමෙන් මදකට) නුඹලාගේ අත් ඉවතට ගනු. සලාත් ඉටුකරනු. සකාත් ගෙවනුයි අමතනු ලැබූ අය ගැන නුඹ සලකා බැලුවෙහිද? සටන් කිරීමට ඔවුනට අණ කරනු ලැබූ විට ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ්ට බියවන තරම් හෝ ඊටත් වඩා ජනයාට බියවෙති. අපගේ පරමාධිපතියාණනි, ඔබ අපට සටන් කිරීම නියම කොට ඇත්තේ කවර හෙයින්ද? ඔබ තව ටික කලකට අප ප්‍රමාද කළෙහි නම්, යන්නෙන් පවසති. මෙම ලෞකික ජිවිතයේ සැපසම්පත් අල්පය. අල්ලාහ්ට බියවෙන මිනිසකුට පරලොව ජීවිතය මීට වඩා බෙහෙවින් අගනේය. තවද නුඹලාට එයින් ඉතා සුළු වුවද හානියක් සිදු නොවේ. යැයි (නබි මුහම්මද්) පවසනු.
78. නුඹලා මැනවින් සවි ගැන්වූ බලකොටුවල සිටියද මරණය නුඹලා වෙත පැමිණෙන්නකි. ඔවුනට යහපත් වාසනාව අත්පත් වූ විට මෙය අල්ලාහ්ගෙන් යැයි ඔවුහු පවසති.ඔවුනට අලාභ හානියක් සිදුවුවහොත් මෙය (සිදුවුයේ මුහම්මද්) නුඹ නිසායැයි කියති. සැම දෙයක්ම අල්ලාහ්ගෙන් යැයි කියනු. ඔවුන්ට කිසිවක් නොතේරෙන තරමට මෙම ජනයාට කවර නම් දෙයක් ( අභාග්‍යයක්) සිදුවී තිබේද?
79. (මනුෂ්‍යය!) නුඹට කවර නම් හොඳක් සිදුවේද එය අල්ලාහ්ගෙනි. (දයාව හේතුවෙනි) නුඹට කවර නම් අයහපතක් සිදුවුවද ඒ නුඹගෙනි (ක්‍රියාවන්හි ප්‍රතිඑලයකි). (මුහම්මද්) අප නුඹ මිනිසුන්ට රසුල්වරයෙකු වශයෙන් ඒවා ඇත. මේ සඳහා සාක්කිකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.
80. යමෙක් රසුල්වරයාට කිකරුවේද නියත වශයෙන්ම ඔහු අල්ලාහ්ට කීකරු වන්නේ වෙයි. යමෙක් (ඔහුගෙන්) ඉවත්ව යන්නේද, (සිය ක්‍රියාවන් වෙනුවෙන් පිළිතුරු දීමට ඔහු බැඳී සිටි) ඔවුන් රැක බලාගන්නා කෙනකු වශයෙන් අපි නුඹ පත් නොකළෙමු.
81. (නුඹගේ අභිමුඛයෙහි අපි ඔබට) කීකරු වෙමුයි ඔවුහු පවසති. එහෙත් ඔවුන් නුඹගෙන් ඉවත්ව ගිය විට ඔවුන්ගෙන් පිරිසක් රාත්‍රීයේදී රහසින් රැස්ව නුඹ පවසන දෙයට විරුද්ධව කුමන්ත්‍රණය කරති. අල්ලාහ් ඔවුන්ගේ රහස් සාකච්ඡා සියල්ලක්ම ලියා තබයි. එබැවින් ඔවුන්ට එසේම සිටින්නට ඉඩ හරිනු. තවද අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබනු. ආරක්ෂකයකු වශයෙන් අල්ලාහ් පමණක් ප්‍රමාණවත් වේ.
82. ඔවුහු අල්කුර්ආනය පිළිබඳව කල්පනාව යොමු නොකරන්නෙහිද? එය (එවන ලද්දේ) අල්ලාහ් නොව වෙන කවරෙකුගෙන් නම්, ඔවුන් එහි පරස්පර විරෝධතා රාශියක් දකිනු ලැබ ඇත.
83. සාමය හෝ ආන්තරාය පිළිබඳව යම් ආරංචියක් ඔවුන්ට ලැබෙන විට ඔවුහු එය සැමටම දැනගන්නට සලස්වති. (එසේ කරනු වෙනුවට) ඔවුන් රසුල්වරයාටත් ඔවුන් අතුරින් සමාජයේ වගකිව යුතු පුද්ගලයන්ටත් එය පැවරුවහොත් ඔවුන් අතුරින් එය (ආරංචිය කිරා බලා පිරික්සීමට) සුදුසුකම් ඇති අයට එය දැන ගැනීමට පුළුවන් වනු ඇත. (නුඹලාගේ දුර්වලකම් කොපමණ වීද යත්) නුඹලා කෙරෙහි අල්ලාහ්ගේ දයාව හා ඔහුගේ කරුණාව යොමු නොවී නම් නුඹලාගෙන් ස්වල්ප දෙනකු හැර, අන් සියල්ලන්ම ෂෙයිතාන් අනුගමනය කළෝ වුහ.
84. (නබි මුහම්මද්!) එබැවින් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරනු. නුඹ නුඹටම හැර අන්කිසිවෙකුටවත් වග කිවයුතු නොවේ. (එතකුදුවුවත් සටන් කරන ලෙස) නුඹ විශ්වාසිකයින් දිරිගන්වනු. (වැඩිකල් නොයාම) අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ගේ බලය බිඳිනු ඇත. බල පරාක්‍රමයෙන්ද දඬුවම් දීමෙන්ද අල්ලාහ් ඉතාමත් ශක්තිමත්ය.
85. යමකු යහපත් පරමාර්ථයක් උදෙසා මැදිහත් වන්නේද, ඔහුට එයින් ලැබෙන ප්‍රති විපාකයෙන් කොටසක් ඇත. තවද අයහපත් පරමාර්ථයක් උදෙසා මැදිහත්වන්නකු වේද ඔහුට එමගින් (ලැබෙන අකුසලයෙන්) කොටසක් ඇත. හැම දෙයක් කෙරෙහිම අල්ලාහ් ඉතා සුපරික්ෂාකාරිව පසුවේ.
86. තවද (යමකු) නුඹලාට (ගරු බුහුමනින් යුතුව) ආචාර කරනු ලබන්නේ නම් එම ආචාරයටත් වඩා යහපත් ආචාරයකින් ප්‍රත්‍යාචාර කරනු. එසේ නැතිනම් (යටත් පිරිසෙන්)එවැනිම සමා චාරයක් දක්වනු. සැබැවින්ම අල්ලාහ් සෑම දෙයකම (කුසල් අකුසල්) ගණන් මිණුම් පිළිබඳ සුපරික්ෂාවෙන් පසුවෙයි.
87. අල්ලාහ් (ඒකියයි) ඔහු හැර අන් දෙවි කෙනකු නැත. එය (එළැඹීම) සැක නැති පරමාන්ත දිනයේදී නුඹලා සියල්ලම නියත වශයෙන්ම එක් රැස් කරවනු ඇත. අල්ලාහ්ට වඩා සත්‍ය පවසන්නා කවුරුහුද?
88. වංචනිකයිනි රැස් කරගත් පාපයන් නිසා අල්ලාහ් ඔවුන් පෙර සිටි තත්ත්වයට පත්කර තිබියදීත් ඔවුන් පිළිබඳව නුඹලා අතර දෙපිරිසක් පහළ වුයේ කෙසේද? මංමුළාවීමට අල්ලාහ් විසින් ඉඩහරිනු ලැබුවකුට මඟ පෙන්වීමට නුඹලා අදහස් කරන්නාහුද? (සත්‍ය මාර්ගයෙන්) අල්ලාහ් පිටමං කළ අයකුට යහ මාර්ගයක් නුඹ කිසිවිටෙක නොදකින්නෙහිය.
89. ඔවුන් අපේක්ෂා කරන්නේ ඔවුන් ප්‍රතික්ෂේප කරන්නාවු පරිදිම නුඹලාත් ප්‍රතික්ෂේපකරන්නන් බවට පත් වී නුඹලා එකසේ විය යුතු බවයි. එබැවින් ඔවුන් අල්ලාහ්ගේ මාර්ගය දෙසට සංක්‍රමණය වනතුරු නුඹලා ඔවුන් අතුරින් කිසිවකු මිතුරකු නොකරගත යුතුයි. ඔවුන් (එසේ සංක්‍රමණය කිරීමට) පසුබට වුවහොත් ඔවුන් අල්ලාගනු. ඔවුන් හමුවන කොතනකදී වුවද ඔවුන් ඝාතනය කරනු. තවද ඔවුන්ගෙන් කිසිවෙකුද මිතුරන් හෝ සහායකයින් ලෙස නොගනු.
90. නුඹලා හා ඔවුන් අතර ගිවිසුමක් ඇති කරගත් ජනයා වෙත එකතු වූ අයද නුඹලාට විරුද්ධව හෝ තමන්ගේම ජනයාට විරුද්ධව හෝ සටන් කිරීමට ඔවුන්ගේ හදවත් පැකිලෙමින් නුඹලා වෙත ආ අයද හැර (අන් අය නුඹලාගෙන් වෙන් වූ අයයි.) අල්ලාහ්ට අභිමත වුයේ නම් ඔවුන් නුඹලා කෙරෙහි පවරයි. එවිට ඔවුහු (ද නුඹලාට විරුද්ධව) සටන් කළ හැකිය. එබැවින් ඔවුහු නුඹලාට (සාමයෙන් සිටින්නට) ඉඩ හැර ඉවත් වී නුඹලාට විරුද්ධව සටනට ඉදිරිපත් නොවී සාමය සඳහා නුඹලාට යෝජනා ඉදිරිපත් කරන්නාහු නම් (නුඹලා විසින් ඔවුන් ආක්‍රමණය කිරීමට) කිසිඳු මාර්ගයක් අල්ලාහ් නුඹලාට තබා නැත.
91. නුඹලාගෙන් ආරක්ෂාව ලබාගන්නටද තමන්ගේ ජනයාගෙන් ආරක්ෂාව ලබා ගැනීමටද අදහස් කරන්නාවූ තවත් (වංචනිකයින්) පිරිසක් නුඹලා දකිනු ඇත. ඔවුහු අයහපත් අනර්ථකාරී ක්‍රියාවන්හි යෙදීමට අවස්ථාවක් ලත් විගස එහි සම්පුර්ණයෙන්ම ගිලෙති. ඔවුහු (නුඹලා සතුරු කර ගැනීමෙන්) නොවළකින්නාහු නම්ද, නුඹලාගෙන් සාමය නොපතන්නාහු නම්ද (නුඹලා හා සටන් කිරීමෙන්) ඔවුන්ගේ අත් නොවළකින්නාහු නම්ද ඔවුන් (සිරබාරයට) ගනු. තවද ඔවුන් හමුවන තැන ඔවුන් ඝාතනය කරනු. ඔවුන් හා සටන් කිරීමට ඒකාන්ත බලයක් අප විසින් නුඹලාට දී ඇත.
92. වැරදීමකින් හැර (විශ්වාසිකයකු) ඝාතනය කිරීමට තවත් විශ්වාසිකයෙකුට තහනම්ය. යමකු වැරදීමකින් විශ්වාසිකයකු ඝාතනය කරන ලද්දේ නම් ඊට (වන්දියක් වශයෙන් ඔහු) විශ්වාසික වහලෙකු නිදහස් කළ යුතුය. තවද (ඝාතනය කරනු ලැබූ තැනැත්තාගේ) උරුමක්කාරයින්ට දියත් (රුධිර වන්දිය) ගෙවිය යුතුය. (එම උරුමක්කාරයින්) දානශීලි චේතනාවෙන් ( එම මුදල් බර නොගතහොත්) හැර (එවිට එය නොගෙවා සිටිය හැකිය) එහෙත් (මරණ ලද) විශ්වාසවන්තයා වූ ඔහු, නුඹලාට සතුරු වූ ජනතාවකට අයත් වුයේ නම් (වන්දිය වනුයේ) එක් (විශ්වාසික) වහලකු නිදහස් කිරීමය. (ඝාතනය කරනු ලැබූ) ඔහු, නුඹලාත් ඔවුන් අතරත් ගිවිසුමක් කර ගත් ජනතාවකට අයත් වුයේ නම් එවිට (රුධිර වන්දිය) ඔහුගේ උරුමක්කාරයින්ට ගෙවිය යුතුය. තවද විශ්වාසික වහලකු මුදාහළ යුතුයි. (වහලකු මුදා හැරීමට) නොහැකිනම් අල්ලාහ්ගෙන් තව්බා(පශ්චාත්තාපය) ප්‍රකාශ කිරීම පිණිස ඔහු එක දිගට මාස දෙකක් සවුමි උපවාසය පිහිටුවිය යුතුය. අල්ලාහ් සර්වඥය සර්වප්‍රාඥය.
93. (වරදකින් තොරව) විශ්වාසිකයකු ඕනෑකමින්ම ඝාතනය කරන තැනැත්තා වන ඔහුට දඬුවම අපායයි. ඔහු සදාකල්හිම එහි වෙසෙනු ඇත. අල්ලාහ් ඔහු කෙරෙහි උදහස් පහළ කළේය. ඔහුට ශාප කළේය. ඔහුට මහත් වූ වේදනාවද සුදානම් කර ඇත.
94. විශ්වාසවන්තයිනි! අල්ලාහ්ගේ මාර්ගය වෙනුවෙන් (ජිහාද් සඳහා) නුඹලා යනවිට (සතුරා කව්දැයි මිතුරා කවුදැයි) පැහැදිලි කර ගනු. කෙනකු නුඹලාට සලාම් (සාමයේ ආචාරය) කිවහොත් නුඹලා ලෞකික ලාභ බලාපොරොත්තුවෙන් නුඹ විශ්වාසිකයෙකු නොවේ යැයි නොපවසනු. නිමක් නැති වස්තු අල්ලාහ් වෙත ඇත. මීට පෙර නුඹලාත් මේ තත්ත්වයෙහිම පසු විය. එවිට අල්ලාහ් නුඹලා කෙරෙහි සිය දයාව දැක්වූයේය. එබැවින් මෙවැනි අය නුඹලා පැහැදිලිව හඳුනාගනු. නුඹලා කරන දෙය කුමක්දැයි අල්ලාහ් සම්පුර්ණයෙන්ම දනී.
95. මුමින්වරුන් අතුරින් (යුද්ධයට සහභාගි වීමට) බාධාවන (සාධාරණ) හේතුවක් නොමැතිව (එසේ සහභාගී නොවී) රැඳී සිටින්නන්ද අල්ලාහ්ගේ මාර්ගයේ සිය ජිවිත සහ සිය වස්තුන් කැප කරමින් යුද්ධ කරන (මුජාහිද්) සෙබළුන්ද (යන දෙපිරිසිද) සම නොවේ. මන්ද සිය ජිවිත හා වස්තුන් කැප කොට යුද්ධ කරන (මුජාහිද්) සෙබළුන්ව (සාධාරණ හේතු නොමැතිව) රැඳී සිටින්නන්ට වඩා (දරජාහ්) තරාතිරමක් අතින් අල්ලාහ් ඉතා උසස් කොට ඇත. (එවැනි මුජාහිද්වරුන්) සියල්ලන්ටම අල්ලාහ් යහපත (ස්වර්ගය තිලිණ කරන බව) පොරොන්දු වී තිබේ. තවද මුජාහිද් සෙබළුන්ව, රැඳී සිටින්නන්ට වඩා ශ්‍රේෂ්ඨ වූ තිළිණයක් මඟින් අල්ලාහ් උසස් කොට තිබේ.
96. (යුද්ධයට සහභාගී වූ ඔවුනට) ඔහු(අල්ලාහ්)ගෙන් උසස් තනතුරුද ක්ෂමාවද දයාවද ලැබේ. අල්ලාහ් ක්ෂමශීලි හා දයාශීලි වෙයි.
97. තමාට තමන්ම අපරාධ කරගත් අයගේ ප්‍රාණය සුරදුතයින් අත්පත්කර ගන්නා කල්හි නුඹලා කෙසේ සිටියාහුදැයි (සුරදුතයෝ) අසති. පොළොවෙහි අප ඉතා බෙලහිනයන්ව සිටියෙමුයි ඔවුහු පවසති. (එවිට) නුඹලාට එහි සංක්‍රමණය වීමට තරම් අල්ලාහ්ගේ භුමිය විශාලව නොතිබුණේදැයි ඔවුහු(සුරදුතයෝ) අසති. එවැන්නන්ගේ ලැගුම් ස්ථානය අපාගින්නයි. එය සැබැවින්ම නරකම (ලැඟුම්) ස්ථානයකි.
98. පුරුෂයින්ගේන්ද ස්ත්‍රීන්ගෙන්ද කුඩා දරුවන්ගෙන්ද කිසිම හව්හරණක් ලබාගැනීමට අපොහොසත් වුද ඉතා දුර්වල වුද (එයින් බැහැර යාමට ) මඟ නොදැන සිටියවුන්ද හැරය.
99. මොවුන්ට අල්ලාහ් සමාව දිය හැක. අල්ලාහ් ක්ෂමාශීලී හා සහනශීලීය.
100. අල්ලාහ්ගේ මාර්ගයේ සංක්‍රමණය වන්නන්ට (රැකවරණය සඳහා) භුමියෙහි විශාල පහසුකම් ඇති තැන්ද සුවපහසුව ඇති ස්ථානද ලැබෙන්නේය. අල්ලාහ් සහ ඔහුගේ නබිවරයා වෙත සංක්‍රමණය වීම සඳහා තමන්ගේ නිවසින් පිටවී ගමන් කරන විට ඔහුට (අතරමඟදී) මරණය සිදුවුවහොත් නිසැකවම ඔහුගේ පලවිපාක අල්ලාහ් කෙරෙහිය. අල්ලාහ් ක්ෂමාශීලී හා දයාන්විත වේ.
101. නුඹලා මහපොළොවේ ගමනක යෙදීසිටින විට ප්‍රතික්ෂේප කරන්නෝ නුඹලාට විපතක් කරතැයි නුඹලා බියවන්නේහු නම් සලාතයන් කෙටි කිරීම නුඹලා කෙරෙහි වරදක් නැත. නියතවශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නෝ නුඹලාගේ ප්‍රකට සතුරෝ වෙති.
102. තවද (නබි මුහම්මද්!) නුඹ (යුද තත්ත්වයකදී මුස්ලිම්වරුන් වූ) ඔවුන් අතර සිටින අවස්ථාවක ඔවුන්ට නුඹ සලාත් ඉටු කළොත් ඔවුන්ගෙන් කණ්ඩායමක් නුඹ පසුපසින් සිටගැනීමට සැලැස්විය යුතුය. ඔවුන් සිය අවි ආයුධ තමන් සමඟ තබා ගත යුතුය. ඔවුන් සජදාහ් (නමස්කාරයන්) කර නිම වූ විට (එතැනින් ඉවත්ව) නුඹලාට පිටුපසින් සිටිය යුතුය. තවද ඔවුන් සලාත් ඉටු නොකළ වෙනත් කණ්ඩායමක් පැමිණ නුඹ සමඟ සලාත් ඉටු කළ යුතුය. තවද ඔවුන් ඔවුන්ගේ (ආරක්ෂාව ගැන) සිහිකල්පනාවෙන්ද ඔවුන්ගේ ආයුධ තමන් සතුව තබා ගනිමින්ද සිටිය යුතුයි. නුඹලා නුඹලාගේ අවි ආයුධ හා බඩු බාහිරාදිය ගැන නොසැලකිලිමත් වුවහොත් එවිට නුඹලා වෙත හදිස්සියෙන්ම කඩා පැන ක්ෂණික ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රතික්ෂේප කරන්නෝ අවස්ථාවක් එනතුරු (මාන බලමින්) සිටිති. එහෙත් වර්ෂාව නිසා හෝ නුඹලා අසනීපයෙන් පසුවන හෙයින් හෝ නුඹලාට යම් අපහසුවක් දැනුනහොත් හෝ නුඹලා නුඹලාගේ අවි (බිම) තැබීම වරදක් නැත. තවද නුඹලා නුඹලාගේ ආරක්ෂාව පිළිබඳව අවධානයෙන් සිටිනු. නියතවශයෙන්ම අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ට නින්දා සහගත වේදනාවක් සුදානම් කර ඇත.
103. නුඹලා සලාතය අවසන් කළ විට සිටගෙන සිටිමින්ද, වාඩිවී සිටිමින්ද පැත්තට ඇලවී සිටිමින්ද අල්ලාහ් සිහිපත් කළ යුතුය. ඉක්බිතිව නුඹලා (සතුරන්ගෙන්) ආරක්ෂා සහිත තත්ත්වයකට පත් වූ වහාම නුඹලාගේ නියමිත සලාත් (සම්පුර්ණයෙන්ම) ඉටු කරනු. නියතවශයෙන්ම සලාත් වනාහි විශ්වාසිකයින් විසින් නියමිත වේලාවන්හිදී පැවැත්විය යුතු අනිවාර්ය යුතුකමකි.
104. (මෙම) මිනිසුන් ලුහුබැඳීමේදී දුබලකමක් නුඹලා නොදක්වනු. නුඹලා දුෂ්කරතාවලින් පෙළෙන්නාහුද? නුඹලා දුෂ්කරතාවලින් පෙළෙන්නාක් මෙන්ම ඔවුහුද නියත වශයෙන්ම දුෂ්කරතාවලින් පෙළෙති. තවද ඔවුන් අපේක්ෂා නොකරන දෙය නුඹලා අල්ලාහ්ගෙන් අපේක්ෂා කරන්නාහුය. අල්ලාහ් සර්වඥය. සර්වප්‍රාඥය.
105. (නබි මුහම්මද්!) අල්ලාහ් විසින් නුඹට දක්වන ලද සත්‍ය (මාර්ගය) අනුව ජනයා අතර විනිශ්චයකට එළැඹීමට නුඹට හැකි වනු පිණිස සත්‍යය අන්තර්ගත මේ ග්‍රන්ථය නියතවශයෙන්ම අප විසින් නුඹ වෙත එවන ලදී. එබැවින් වංක වූ මිනිසුන්ට නුඹ ආයාචනය කරන්නෙකු නොවනු.
106. තවද අල්ලාහ්ගෙන් සමාව අයදිනු. නියතවශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි සහ දයාන්විතය.
107. තමන්ටම වංක වූ අය වෙනුවෙන් නුඹ ආයාචනා නොකළ යුතුය. යළි යළිත් වංක වූ සහ පාපකාරී වූ තැනැත්තා නියතවශයෙන්ම අල්ලාහ් ප්‍රිය නොකරයි.
108. ඔවුහු (තමන්ගේ පාපී ක්‍රියා) ජනයාගෙන් සඟවති. එහෙත් (මේවා) අල්ලාහ්ගෙන් නොසඟවති. අල්ලාහ් ප්‍රිය නොකරන රහස් සාකච්ඡාවන් ඔවුන් රාත්‍රී කාලයේදී පවත්වන විට පවා ඔහු (අල්ලාහ්) ඔවුන් සමඟ වෙයි. ඔවුන් කරන සියලු දෑ පිළිබඳව අල්ලාහ් වටලමින් සිටී.
109. නුඹලා මෙම ලෞකික ජීවිතයේදී ඔවුන් වෙනුවෙන් තර්ක විතර්ක ඉදිරිපත් කොට ඇත. එහෙත් මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේදී ඔවුන් වෙනුවෙන් අල්ලාහ් සමඟ විවාද කරන්නේ කවුරුද? නැතහොත් (එහිදී) ඔවුන්ගේ නිදහසට කරුණු ඉදිරිපත් කරන්නා කවුරුද?
110. කෙනකු පාපී දෙයක් කිරීමෙන් පසු කවර අයුරකින් වුව තමාට වරදක් කර ගැනීමෙන් පසු අල්ලාහ්ගෙන් සමාව අයදින්නේ නම්, අල්ලාහ් ක්ෂමාශීලී හා දයාන්විත බව ඔහුට පෙනී යනු ඇත.
111. එහෙත් කෙනකු යම් නපුරක් කර එහි ප්‍රතිවිපාක උපාය ගන්නේ නම්, ඔහු තමාටම එම නපුර උපයා ගන්නේය. අල්ලාහ් සර්වඥානිය, සර්වඥය.
112. එහෙත් කෙනකු වරදක් හෝ පාපයක් කොට එය වෙන අහිංසකයෙකුට පවරයි නම් ඔහු ප්‍රකට පාපයද පරාපවාදයේ වරදද නියතවශයෙන්ම තමාවෙත පවරාගනී.
113. (නබි මුහම්මද්!) අල්ලාහ්ගේ වරප්‍රසාදය හා ඔහුගේ දයාවද නුඹ කෙරෙහි නොවන්නේ නම් ඔවුන්ගෙන් පිරිසක් නුඹ නොමග යැවීමට උත්සාහ කරන්නෝය. එසේ වුවද ඔවුන් තමන්ව මිස නොමඟ නොයවන්නෝය. තවද ඔවුහු නුඹට කිසි දැයකින් හානි නොකරන්නෝමය. අල්ලාහ් නුඹ වෙත ග්‍රන්ථය හා ප්‍රඥාව එවා නුඹ නොදත් දෑ නුඹට උගන්වා ඇත. නුඹ කෙරෙහි අල්ලාහ්ගේ වරප්‍රසාදය අති උදාරය.
114. ඔවුන්ගේ රහස් සාකච්ඡාවලින් බොහෝමයක යහපත් දේ නැත. එහෙත් දානය හෝ ධර්මිෂ්ටතාව හෝ මිනිසුන් අතර සමාදානය ඇති කිරීම ගැනද, අණකරන අය(ගේ කථා) හැරය. යමකු අල්ලාහ්ගේ ප්‍රසාදය පතා එසේ කළහොත් මතුව අපි ඔහුට මහත් වූ එල විපාක දෙන්නෙමු.
115. එහෙත් මාර්ගෝපදේශය තමාට පැහැදිලි වූ පසුත් රසුල්වරයාට විරුද්ධ වෙමින් විශ්වාසිකයන්ගේ මාර්ගය හැර, අන්‍ය මාර්ගයක් අනුගමනය කිරීමට පෙළැඹී සිටින තැනැත්තා ඔහු එළඹ ඇති මාර්ගය වෙතම අපි ඔහු යොමු කරමු. තවද අපි ඔහු අතිශය නිරයට ඇතුළත් කරමු. එය (අවසානයට) යන ස්ථානයෙන් නපුරුම ස්ථානයයි.
116.සැබැවින්ම අල්ලාහ් ඔහුට සමානයක් තැබීම ක්ෂමා නොකරයි. ඒ හැර වෙනත් පාපයන් උදෙසා තමාට අභිමත වූ කෙනකුට ඔහු (අල්ලාහ්) සමාව දෙයි. අල්ලාහ්ට ආදේශ ඉදිරිපත් කරන්නා කවරෙක්ද ඔහු සැබැවින්ම මංමුළා වී ඈත් වූ දුර්මාර්ගයේ ගමන් කරයි.
117. (මුෂ්රීක් වූ) ඔවුහු දේවතාවියන් මිස ඔහු (අල්ලාහ්) නොඅදහති. තවද ඔවුහු දුෂ්ඨ ෂෙයිතාන් මිස නොඅදහති.
118. අල්ලාහ් ඔහු(ෂෙයිතාන්)ට ශාප කළේය. (එවිට ෂෙයිතාන්) මම ඔබගේ වහලුන්ගෙන් නිසි කොටස මා වෙත (ගන්නෙමි) කිවේය.
119. (එසේ කොට) නියතවශයෙන්ම මම ඔවුන් මුළා කරන්නෙමි. ඔවුන් තුළ වැරදි අදහස් ඇති කරවන්නෙමි. මා ඔවුන්ට අණ කරන්නෙමි. එවිට ඔවුහු (එළු ,බැටළු,ඔටු,ගව,ආදී) තිරිසනුන්ගේ කන් කපන්නෝය. තවද මා ඔවුන්ට අණ කළවිට ඔවුහු අල්ලාහ්ගේ නිර්මාණයන් වෙනස් කරතියි. ඔහු(ෂෙයිතාන්) කීය. අල්ලාහ් වෙනුවට ෂෙයිතාන් තමාගේ අනුග්‍රාහකයා කර ගන්නා කවරකු වුවද, ඒකාන්තයෙන්ම ඔහු ප්‍රකට පරාජිතයෙක් වන්නේය.
120. ඔහු ඔවුන්ට පොරොන්දු දෙයි. තවද ඔවුන් මුළා කර ගනී. හුදෙක් රැවටීම විනා ෂෙයිතාන් ඔවුන්ට පොරොන්දු නොදෙන්නේය.
121. ඔවුන් නිවසන තැන නිරය වන්නේය. ඔවුහු එයින් මිදීමක් නොදකිති.
122. විශ්වාස කොට යහපත් ක්‍රියාවන්හි යෙදෙන්නවුන් යටින් දිය ඇළි ගලා බස්නා ස්වර්ගයට ඇතුළු කරවන්නෙමු. ඔවුන් එහි සදාකල්හිම වෙසෙනු ඇත. අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යය. අල්ලාහ්ගේ වචනයට වඩා සත්‍ය වන්නේ කවරකුගේ වචනයද?
123. නුඹලාගේ අදහස් කරන ප්‍රකාරයට හෝ දහම්ලත් අය, අදහස් කරන ප්‍රකාරයට හෝ නැත. පවු කරන්නේ කවරෙක්ද ඔහු එයට දඬුවම් ලබයි. ඔහුට අල්ලාහ් හැර ආරක්ෂකයකුද ආධාරකරුවකුද ඔහු නොදකින්නේය.
124. යමකු විශ්වාස කරමින් යහකම් කරන්නේද ඔහු පුරුෂයකු වේවා ස්ත්‍රියක හෝ වේවා ඔවුහු ස්වර්ගයට ඇතුළත් වෙති. ඔවුහු තිතක ප්‍රමාණයකවත්අපරාධ නොකරනු ලබති.
125. ඔහු යහපත් ක්‍රියාවන් කරමින් තම මුහුණ අල්ලාහ් වෙත අවනත කර (අල්ලාහ්ට සම්පුර්ණයෙන් අවනත වී) අන්සෑම මාර්ගයකින්ම ඉවත් වී ඉබ්‍රාහිම්ගේ මාර්ගය අනුගමනය කරන්නා(ඔහු)ට වඩා යහපත් ජිවන ප්‍රතිපදාවක් කා හට නම් ලද හැක්කේද? අල්ලාහ්(සිය) මිත්‍රයකු වශයෙන් ඉබ්‍රාහිම් තෝරා ගත්තේය.
126. අහස්වල හා මහාපොළොවේ ඇති සෑම දෙයක්ම අල්ලාහ් සතුය අල්ලාහ් සියල්ලක්ම වටළමින් සිටි.
127. ඔවුහු ස්ත්‍රීන් පිළිබඳව නුඹගෙන් ආගමික තීරණය කුමක් දැයි විමසති. ඔවුන් පිළිබඳව අල්ලාහ් නුඹලාට තීරණය දෙන්නේ යැයි පවසනු. තවද ඔවුනට නියමිත දෑ නුඹලා නොදී සිටින්නාවූද නුඹලා ඔවුන් සරණපාවා ගැනීමට ආශා කරන්නාවුද අනාථ ස්ත්‍රීන් ගැනද දරුවන් අතුරින් දුර්වලයින් ගැනද මෙම ග්‍රන්ථයේ(අල්-කුර්ආනයෙ)හි නුඹලා වෙත හදාරවනු ලැබුවාවූ (නීතිරීති)ද අනාථයින් කෙරෙහි සාධාරණ ලෙස හැසිරිය යුතු යැයිද (නුඹලා සිහිපත් කරනුයි නබි මුහම්මද් ) පවසනු. තවද නුඹලා කරන සියලු හොඳ දෑ ගැන නියතවශයෙන් අල්ලාහ් හොඳින් දැන සිටි.
128.ස්ත්‍රියක් සිය ස්වාමි පුරුෂයාගෙන් අකාරුණික සැලකිල්ලක් ලැබීම හෝඅප්‍රිය කිරීමක් පිළිබඳව බිය වෙතොත් ඔවුන් දෙදෙනා අතර සමාදානය ඇති කර ගැනීම ඔවුන් දෙදෙනා කෙරෙහි වරදක් නැත. සාමය ඉතා අගනේය. මසුරුකම(මිනිසුන්ගේ) සිත්හි පළපැදියම් කරන ලදී. නුඹලා ත්‍යාගශීලිත්වය දක්වා නුඹලාගේ (ගනුදෙනු හා වැඩ කටයුතුවලදී අල්ලාහ්ට) බියබැතිමත් වෙතොත් එවිට නියතවශයෙන්ම නුඹලා කරන සෑම දෙයක්ම ගැන අල්ලාහ් මැනවින් දනී.
129. නුඹලාගේ (සියලුම) භාර්යාවන්ට (සැලකීමේදී පරිසමාප්ත වශයෙන්) යුක්ති සහගත වීමට නුඹලා දැඩිසේ අදහස් කළද, එය නුඹලාට කළ නොහැකි දෙයක් විය හැක. (එහෙත් නුඹලා ප්‍රිය කරන එකම භාර්යවක් වෙත) නුඹලා එකහෙලාම හැරී (අනෙක් භාර්යාව අහසේ) එල්ලී සිටින කෙනකු මෙන් අත්නොහරිනු. නුඹලා නිවැරදි ලෙස හැසිරෙන්නේද අල්ලාහ්ට බියබැතිමත් වන්නේද අල්ලාහ් සමාශීලීය, දයාන්විතය.
130. එහෙත් (අඹු සැමියන් වන) දෙදෙනා වෙන් වෙතොත් අල්ලාහ් සිය ප්‍රභුමය මගින් ඒ එක් එක් අය (අනෙකාගෙන්) යැපෙන්නකු නොවන තත්ත්වයකට පත් කරනු ඇත. අල්ලාහ් ස්වයං ප්‍රභුමය වන්නාද සර්වප්‍රාඥද වේ
131. තවද අහස්වල තිබෙන දෑද, මහපොළොවේ තිබෙන දෑද, අල්ලාහ් සතුය. නුඹලාට පෙර ධර්ම ග්‍රන්ථය පිරිනමනු ලැබුවන්ටද (දැන්) නුඹලාටද (නුඹලාගේ සියලුම ගනුදෙනු හා කටයුතුවලදී) අල්ලාහ්ට නුඹලා බියබැතිමත් විය යුතු යැයි අනුශාසනා කරමු. නුඹලා ප්‍රතික්ෂේප කළහොත් නියත වශයෙන්ම අහස්වල තිබෙන දැ හා මහාපොළවේ තිබෙන දෑ අල්ලාහ් සතු (බව නුඹලා දත යුතුය)ය. අල්ලාහ් ස්වයංසම්පුර්ණ වන්නාද, සකල ප්‍රසංශාවටම හිමිකරුවන්නාද වේ.
132. තවද අහස්හි දෑද මහපොළොවෙහි දෑද අල්ලාහ් සතුය. පාලකයා වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.
133. ජනයිනි! ඔහු(අල්ලාහ්)ට අභිමතවේ නම් නුඹලා ඉවත්කොට (නුඹලා වෙනුවට) වෙනත් අය පහළ කරවීමට ඔහුට හැකිය. මෙසේ කිරීමට තරම් අල්ලාහ් සර්ව බලධාරී වේ.
134. යමෙක් මෙලොව තිළිණය ලබාගැනීමට අපේක්ෂා කරන්නේද? මෙලොව හා පරලොව තිළිණයන් අල්ලාහ් වෙත යැයි ඔහු දත යුතුය. අල්ලාහ් සර්වශ්‍රවණය, සියල්ල මැනවින් දකින්නේය.
135. විශ්වාසවන්තයිනි! නුඹලා ස්ථිර ලෙස යුක්තිය ඉටු කරන්නන් වනු. (නුඹලාගේ යුක්තිය හා සාක්ෂිය) නුඹලාට හෝ දෙමව්පියන්ට හෝ ඥාතීන්ට හෝ හානිකර විය හැකි වුවද, අල්ලාහ් වෙනුවෙන් සාක්ෂිකරුවන්වනු. (අදාල තැනැත්තා) වූ ඔහු පොහොසත් වුවද දුප්පත් වුවද ඉන් (කමක් නැත) අල්ලාහ් ඔවුන් දෙදෙනාගේ ආරක්ෂාව පිළිබඳව (නුඹලාට වඩා) ඉතා සැලකිලිමත් වෙයි. එබැවින් යුක්තිය ඉෂ්ට කිරීමේ මාර්ගයෙන් (නුඹලා බැහැර වීමට ඉඩ ඇති හෙයින්) නුඹලාගේම අභිමතය අනුව නොයනු. නුඹලා (ස්වකිය සාක්ෂිය) විකෘති කළහොත් හෝ නුඹලා (සත්‍යය පැවසීමෙන්) වැළකී සිටියහොත් හෝ නුඹලාගේ ක්‍රියාවන් පිළිබඳව නියතවශයෙන්ම අල්ලාහ් සම්පුර්ණ අවධානයෙන් යුතුව පසුවන බව දැනගනු.
136. විශ්වාසවන්තයිනි! අල්ලාහ්ද ඔහුගේ රසුල්වරයාද ඔහුගේ රසුල්වරයා වෙත එවන ලද ධර්ම ග්‍රන්ථයද මීට පෙර අල්ලාහ් විසින් එවන ලද (සෑම) ග්‍රන්ථයක්ම විශ්වාස කරනු. අල්ලාහ්ද, ඔහුගේ මලක්වරු (සුරදුතයෝ)ද, ඔහුගේ ධර්ම ග්‍රන්ථද, ඔහුගේ රසුල්වරු හා පරමාන්ත දිනය කවරෙක් ප්‍රතික්ෂේප කරන්නේද නියතවශයෙන්ම ඔහු ඈත් වූ දුර්මාර්ගයේ නොමඟ ගොස් සිටි.
137. විශ්වාස කරන්නාවුද ඉන්පසුව ප්‍රතික්ෂේප කරන්නාවුද නැවතත් විශ්වාස කරන්නාවුද ඉන්පසුවද ප්‍රතික්ෂේප කරන්නාවුද ඉක්බිතිව අවිශ්වාසයෙහි දැඩිව සිටින කවරෙක් වේද කිසි දිනෙක ඔවුනට අල්ලාහ් සමාවක් නොදෙන්නේය. තවද ඔහු(අල්ලාහ්) ඔවුන් යහමඟට යොමු නොකරන්නේය.
138. ඔවුනට වේදනීය දඬුවම් ඇත්තේ යැයි මුනාෆික්වරු(ව්‍යාජ භක්තිකයි)න්ට ශුභාරංචිය දෙනු.
139. ඔවුහු (කවරෙක් නම්) විශ්වාසිකයින් වෙනුවට ප්‍රතික්ෂේප කරන්නන් තම ආරක්ෂකයින් බවට ගනිති. ඔවුහු ඔවුන්ගෙන් (ප්‍රතික්ෂේප කරන්නන්ගෙන්) ගෞරවය ලබාගන්නට අදහස් කරන්නෙහිද? සැබැවින්ම සියලුම ගෞරව හිමි වන්නේ අල්ලාහ්ට පමණකි.
140. අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරනු ලැබීමද එය විහිළුවකට භාජනය කරනු ලැබීමද (ඊට) නුඹලා සවන් දුනහොත් එය හැර වෙන කතාවක යෙදෙන තෙක් ඔවුන් සමඟ නුඹලා නොසිටින්නැයි (අල්ලාහ්-මෙම) ධර්ම ග්‍රන්ථය මඟින් නියතවශයෙන්ම නුඹලා වෙත පළ කළේය. (නුඹලා එහි රැඳී සිටියහොත්) නියතවශයෙන්ම නුඹලාද ඔවුන් පමණටම වැරදි කළා වන්නෝය. අල්ලාහ් වංචනිකයින්ද අවිශ්වාසිකයින්ද සාමුහිකව නියතවශයෙන් අපායෙහි රැස්කරවයි.
141. ඔවුහු කවරෙක්ද නම් නුඹලාට බාධාව (විපත) සිදුවීම බලාපොරොත්තු වන්නෝය නුඹලාට අල්ලාහ්ගෙන් ජයග්‍රහණය අත්පත්වුවහොත් අපි නුඹලා සමඟ නොසිටිමුදැයි ඔවුහු කියති. ප්‍රතික්ෂේප කරන්නන් ජයග්‍රහණයට නැඹුරුවුවහොත් අපි නුඹලාට විරුද්ධව සටන් කිරීමට තරම් ශක්තිමත් නොවුමුද? නමුත් අපි නුඹලා විශ්වාසිකයින්ගෙන් ආරක්ෂා නොකළේමුදැයි ඔවුහු කියති. නිසැකයෙන්ම පරමාන්ත දිනයේදී අල්ලාහ් නුඹලා අතර විනිශ්චය කරනු ඇත. විශ්වාසිකයින් අභිබවා යෑමට ප්‍රතික්ෂේප කරන්නන්ට කිසි ඉඩක් අල්ලාහ් නොතබයි. .
142. නියතවශයෙන්ම වංචනිකයෝ අල්ලාහ් මුළා කිරීමට තැත් කරති. එහෙත් ඔහුද ඔවුන් මුළාවේ හෙළා ඇත. ඔවුහු සලාත් සඳහා නැගී සිටින විට මැලිකමින් නැගී සිටිති. මිනිස්සුන්ට පෙන්වීම පිණිස (සලාතය ඉටු කරති) ස්වල්ප වශයෙන් මිසක ඔවුහු අල්ලාහ් සිහිපත් නොකරති.
143. ඔවුහු (විශ්වාසය හා අවිශ්වාසය වන) ඒ අතර චංචලව පසුවෙති. මේ අය අතරද ඒ අය අතරද නැත. යමකු අල්ලාහ් දුර්මාර්ගයට පත් කරන්නේද ඔහුට (යහ)මඟක් නුඹ නොදකින්නේහිය.
144. විශ්වාසවන්තයිනි! නුඹලා ආරක්ෂකයින් වශයෙන් විශ්වාසිකයින් වෙනුවට ප්‍රතික්ෂේප කරන්නන් නොගනු. (ප්‍රතික්ෂේප කරන්නන් ආරක්ෂකයින් වශයෙන් ගැනීමෙන්) නුඹලාට විරුද්ධව පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කිරීමට ඉඩ ප්‍රස්ථාවක් අල්ලාහ්ට ලබා දීමට නුඹලා කැමැත්තහුද?
145. නියතවශයෙන්ම වංචනිකයින් අපායේ ගැඹුරුම අගාධයෙහිය. ඔවුනට පිහිට වන කිසි කෙනකු නුඹට දැකීමට නොහැකිය.
146. ඔවුන් අතුරින් පශ්චාත්තාප වී (තම ගතිපැවතුම්) යහපත් මඟට හරවා ගෙන අල්ලාහ් (ගේ මාර්ගය) ස්ථීරව ග්‍රහණය කොට සිය ආගම අවංකවම අල්ලාහ්ට පුද කරන්නන් හැර (මෙවැනි අය වූ) ඔවුහු විශ්වාසිකයින් සමඟ සිටිති.විශ්වාසිකයින්ට අල්ලාහ් ඉමහත් එල විපාක මතුවට දෙයි.
147. නුඹලා කෘතඥවන්නේ නම් විශ්වාසිකයින් වන්නේ නම් අල්ලාහ් නුඹලාට දඬුවම් දෙන්නේ මන්ද? අල්ලාහ් කෘතඥමය, සියල්ල මැනවින් දන්නේමය.
148. අපරාධය කරනු ලැබූ අය හැර (අන් කිසිවකු) පරුෂ වචන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම අල්ලාහ් ප්‍රිය නොකරයි. අල්ලාහ් සර්වශ්‍රවණය සර්වඥය.
149. (නුඹලාට යම් වරදක් කරනු ලැබූ විට පරුෂ වචන කතා කිරීමට නුඹලාට අවසර ඇතත්) නුඹලා හොඳ දෙය ප්‍රසිද්ධියේ කරන්නේහු නම් හෝ එය නුඹලා සඟවන්නහු නම් හෝ නරක දෙයට ක්ෂමා කරන්නහු නම් හෝ සැබැවින්ම අල්ලාහ් නිරතුරුවම ක්ෂමා කරන්නේය. බල සම්පන්නය.
150. අල්ලාහ් සහ ඔහුගේ ධර්ම දුතයින් ප්‍රතික්ෂේප කර, අල්ලාහ් සහ ඔහුගේ ධර්ම දුතයින් අතර වෙනසක් හුවා දැක්වීමට අදහස් කරමින් අපි ඇතැම් අය පිළිගෙන සෙසු අය ප්‍රතික්ෂේප කරමුයි පවසා (විශ්වාස හා අවිශ්වාස වන) ඒ අතර මැදි පිළිවෙතක් සොයන අය. (නම්)
151. සැබැවින්ම ප්‍රතික්ෂේප කරන්නෝ මොවුහුමය. ප්‍රතික්ෂේප කරන්නන් සඳහා අප අවඥා සහගත දඬුවමක් පිළියෙළ කොට ඇත.
152. අල්ලාහ් සහ ඔහුගේ ධර්ම දුතයින් විශ්වාස කරමින් ඔවුන්ගෙන් කිසිවකු අතර වෙනසක් නොකළ අය(ට නම්) ඔවුනට ඔහු (අල්ලාහ්) ඔවුන්ගෙන් නිසි ත්‍යාගය මතුවට පිරිනමයි. අල්ලාහ් අතිශය ක්ෂමාශීලීය, අතිශය දයාන්විතය.
153. දහම්ලත් අය තමන් වෙත අහසින් ධර්ම ග්‍රන්ථයක් පතිත කරවන්නැයි. නුඹට ඇරයුම් කරති. ඔවුහු මීට වඩා අභව්‍ය ඉල්ලීම් නියතවශයෙන්ම මුසා වෙතද ඉදිරිපත් කළහ. එවිට අපට අල්ලාහ් ඇස් ඉදිරිපිට පෙන්වන්නැයි ඔවුහු කීවෝය. එවිට ඔවුන්ගේ දුෂ්ටත්වය හේතුවෙන් ඔවුනට අකුණු සැරයක් වැදිණ. ඔවුනට පැහැදිලි සංඥා පැමිණීමෙන් පසුද (ඇදහීම සඳහා ) වසු පැටවා ඔවුහු (තෝරා) ගත්හ. මෙයින් පසු පවා අපි (ඔවුනට) ඒ සඳහා සමාව දුනිමු. තවද අපි මුසාට ප්‍රකට අණ පණතක් ප්‍රදානය කළෙමු.
154. ඔවුන් මත්තෙහි තුර් (කන්ද) අපි නංවා (ඊට අවනත වන බවට) ඔවුන්ගෙන් පොරොන්දුවක් ගතිමි. නිහතමානි ලෙස සිරස නමමින් වාසල් දොරින් ඇතුළු වන ලෙස අපි ඔවුනට කීවෙමු. තවද සබත් (සෙනසුරාදා) දවස කඩ නොකරනුයි ඔවුන්ට පැවසුවෙමු. තවද (මෙම නිතිය අකුරටම පිළිපදින බවට) ඔවුන්ගේ දැඩි පොරොන්දුවක් ලබාගතිමු.
155. එහෙත් ඔවුන් තමන්ගේ පොරොන්දු කඩකළ නිසාත් අල්ලාහ්ගේ සංඥාවන් ඔවුන් ප්‍රතික්ෂේප කළ නිසාත් (අල්ලාහ්ගේ) නබිවරුන් අයුක්ති සහගත ලෙස ඔවුන් ඝාතනය කළ නිසාත් අපගේ හෘද ආවරණය යටතේ සුරක්ෂිත යැයි ඔවුන් පැවසූ නිසාත් (අපි ඔවුන්ට ශාප කළෙමු.) නැත, ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම හේතු ගෙන අල්ලාහ් ඊට (හදවත්වලට) මුද්‍රා තබා ඇත. එබැවින් ඔවුහු මඳක් මිස විශ්වාස නොකරති.
156. තවද ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම හේතුකොට ගෙනද මර්යම් පිළිබඳව ඔවුන් මහත් නින්දිත ප්‍රලාපයක් පැවසූ නිසාද
157. අල්ලාහ්ගේ රසුල්වරයෙකු වූ මර්යම්ගේ පුත් ඊසා නියතවශයෙන්ම අපි ඝාතනය කළෙමුයි ඔවුහු පැවසුහ. එහෙත් සැබැවින්ම ඔවුන් ඔහු ඝාතනය කළේවත් ඔවුන් ඔහු කුරුසියේ තබා ඇණ ගැසුවේවත් නැත. එහෙත් ඔවුන්ට (එම කාරණය ) සැක සහිත වුවක් කරන ලද්දේය. තවද ඒ පිළිබඳව මතභේද ඇති කරගත් අයද ඒ පිළිබඳව සැකයෙන් පසුවෙති. හුදෙක් අනුමානය අනුගමනය කරනු මිස ඔවුන්ට ඒ පිළිබඳව දැනුමක් නැත. තවද නියතවශයෙන්ම ඔවුහු ඔහු (ඊසා) ඝාතනය නොකළහ.
158. සත්‍යය නම් අල්ලාහ් ඔහු (ඊසා) තමා වෙතටම ආරෝහණය කර ගත්තේය. අල්ලාහ් සර්ව බලධාරී හා සර්වඥය.
159. දහම් ලැබූ අයගෙන් කිසිවකුත් ඔහුගේ මරණයට පෙර ඔහු පිළිබඳව විශ්වාස කරනු මිස නැත. පරමාන්ත දිනයේ දී ඔහු (ඊසා) ඔවුන්ට විරුද්ධව සාක්ෂිකාරයකු වනු ඇත.
160. මෙසේ යුදෙව්වන් බවට පත් වූ ඔවුන්ගේ අයුක්ති සහගත ක්‍රියා නිසාත් ඔවුන් බොහෝ විට අල්ලාහ්ගේ මාර්ගයට සම්භාධකව (ප්‍රතිවිරුද්ධව) සිටින නිසාත් (මීට කලින්) ඔවුන්ට නිත්‍යානුකුල වූ බොහෝ පිරිසිදු වූ හා පවිත්‍ර වූ දේ අපි ඔවුනට නීති විරෝධී කළෙමු.
161. (තවද ඔවුනට එය තහනම් කරනු ලැබූ) පොළී ගත් නිසාත් නීති විරෝධී ලෙස මිනිසුන්ගේ දේපළ ඔවුන් ගිල ගන්නා නිසාත් (මීට කලින් ඔවුන්ට නිත්‍යානුකුල වූ බොහෝ පිරිසිදු වූ හා පවිත්‍ර වූ දේ අපි ඔවුන්ට නීති විරෝධී කළෙමු) තවද ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කරන අය සඳහා අපි වේදනා සහගත දඬුවම් සුදානම් කළෙමු.
162. එහෙත් ඔවුන් අතුරින් ගැඹුරු දැනුමක් ඇත්තා වුද විශ්වාසිකයෝද, නුඹ වෙත එවන ලද දෙය හා නුඹට පෙර එවන ලද දෙය විශ්වාස කරති. (සැබෑ ලෙසින් විශ්වාස කර) සලාත්හි නිරතවූවන්ටද (z )සකාත් ගෙවන්නන්ටද අල්ලාහ් සහ පරමාන්ත දිනය අවංකව ම විශ්වාස කරන්නන්ටද, අපි ඔවුන්ට නොමසුරුව තිළිණ පිරි නමන්නෙමු.
163. (නබි මුහම්මද්!) අප විසින් නුහ්ටද, ඔහුගෙන් පසු සෙසු නබිවරුන් වෙතද වහි පහළ කළාක් මෙන් නියත වශයෙන්ම අපි නුඹ වෙතද වහි පහළ කළෙමු. තවද අපි ඉබ්‍රාහිම්, ඉස්මායිල්, ඉස්හාක් හා යඋකුබ් වෙතද (යඋකුබ්ගේ) ගෝත්‍රිකයින් වෙතද ඊසා, අය්යුබ්, යුනුස්, හාරුන් සහ සුලෙයිමාන් වෙතද වහි පහළ කළෙමු. තවද අපි දාවුද්ට සබුර් (ආගම) ප්‍රදානය කළෙමු.
164. (නබි මුහම්මද්!) මීට පෙර අපි නුඹට විස්තර කළ රසුල්වරුන්ටද තවද නුඹට විස්තර නොකළ රසුල්වරුන්ටද (අපි වහි -ආවිෂ්කාරය පහළ කළෙමු.) තවද අල්ලාහ් මුසා සමඟ කෙළින්ම සම්භාෂණය කළේය.
165. (මෙවැනි) රසුල්වරුන් පැමිණි පසු අල්ලාහ් ඉදිරියේ කියා සිටීමට කිසිඳු නිදහසට කරුණක් ජනයාට නැතිවනු පිණිස ශුභාරංචිය ගෙනෙන්නන් වශයෙන්ද අනතුරු අඟවන්නන් වශයෙන්ද රසුල්වරුන් අපි පහළ කළෙමු. අල්ලාහ් සැබැවින්ම සර්ව බලධාරියා, සර්වප්‍රාඥය.
166. (ජනයා මෙය විශ්වාස කිරීමට හෝ නොකිරීමට පුළුවන.) එහෙත් තමන් විසින් (නබි මුහම්මද්!) නුඹ වෙත එවන ලද දෙය එසේ ඔහු එවුයේ සිය ඥානයෙන් බවට අල්ලාහ් සාක්ෂි දරයි. මලක්වරු(සුරදුතයෝ)ද ඊට සාක්ෂි දරති. (සාක්ෂි දැරීමේදී) අල්ලාහ්ගේ සාක්ෂිය ප්‍රමාණවත්ය.
167. නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කළවුන්ද (සෙස්සන්) අල්ලාහ්ගේ මාර්ගයන් බැහැර කළවුන්ද වන ඔවුහු ඈත්වූ දුර්මාර්ගයේ නොමඟ ගොස් සිටිති.
168. සැබැවින්ම ප්‍රතික්ෂේප කළවුන්ද වැරදි කළවුන්ද වන ඔවුනට අල්ලාහ් ක්ෂමා නොකරයි. තවද ඔහු ඔවුනට අන් කිසි මඟක් නොපෙන්වයි.
169. අපාය මාර්ගය හැර (ඔවුනට අන් කිසිම මාර්ගයක් නොපෙන්වයි.) ඔවුන් එහි සදාකාලයටම වෙසෙනු ඇත. මෙය අල්ලාහ්ට ඉතා පහසුය.
170. මිනිසුනි! රසුල්වරයා නුඹලාගේ පරමාධිපතිගෙන් සත්‍යය රැගෙන නියත වශයෙන්ම නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් (ඔහු) විශ්වාස කරනු. එය නුඹලාට වඩාත් යහපත් වනු ඇත. එහෙත් නුඹලා ප්‍රතික්ෂේප කළහොත් අහස්වල හා මහපොළොවෙහි ඇති සියලු දෙයක්ම අල්ලාහ්ට හිමිය. අල්ලාහ් සර්වඥය සර්වප්‍රාඥය.
171. දහම් ලත් ජනයිනි! නුඹලාගේ ආගමේ සීමාවන් නොඉක්මවනු. තවද සත්‍යය හැර අන් කිසිවක් අල්ලාහ් ගැන නොකියනු. මර්යම්ගේ පුත් මසීහ් ඊසා(අන් කවරකුවත් නොව) අල්ලාහ්ගේ රසුල්වරයාද මර්යම් වෙත එවන ලද ඔහු (අල්ලාහ්)ගේ ආඥාවද වේ. තවද ඔහු(අල්ලාහ්)ගෙන් වූ ප්‍රාණයක්ද වේ. එබැවින් අල්ලාහ් සහ ඔහුගේ රසුල්වරුන් විශ්වාස කරනු. ත්‍රිත්වයක් යැයි නොපවසනු. මෙයින් වළකිනු. එය නුඹලාට වඩාත් යහපත් වේ. අල්ලාහ් හුදෙක් එකම දෙවියාය. එබැවින් ඔහු තමාට පුත්‍රයෙකු ලැබීමට වඩා බෙහෙවින් සුවිශුද්ධය. අහස්වල හා මහපොළොවේ ඇති සෑම දෙයක්ම ඔහු සතුය. ඒවායේ පෝෂණය හා ආරක්ෂාව සඳහා අල්ලාහ්ම ප්‍රමාණවත්ය.
172. මසීහ් අල්ලාහ්ගේ සේවකයා වීමට කිසිලෙසකිනුදු අකමැති නොවීය. අල්ලාහ්ට සමීපතම වූ මලක්වරු(සුරදුතයෝ)ද එසේ වෙති. ඔහු(අල්ලාහ්)ට සේවය කිරීම අප්‍රිය කරමින් ඒ පිළිබඳව උදම්වන යම් කෙනකු වේද, (අල්ලාහ්) ඔවුන් සියල්ලන්ම තමා ඉදිරියට කැඳවයි.
173. (එවිට) විශ්වාස කොට යහපත් ක්‍රියාවන් කළ අයට ඔවුන්ගේ තිළිණයන් ඔවුන්ට සම්පුර්ණයෙන් ඔහු (අල්ලාහ්) පිරිනමනු ඇත. තවද ඔවුන්ට (හිමි ප්‍රමාණයටත්) වඩා තිළිණ ප්‍රමාණයක් තම ත්‍යාගශීලීත්වයෙන් ප්‍රදානය කරනු ඇත. තවද තමාට සේවය කිරීම අප්‍රිය කරමින් ඒ පිළිබඳව උද්දාමවුවන්ට ඔහු වේදනා සහගත දඬුවමක් පමුණුවනු ඇත. අල්ලාහ් හැර තමන්ගේ ආරක්ෂකයින් හා ආධාරකරුවන් වශයෙන් (ඔවුන් විසින් සලකනු ලබන) කිසිවකු එහිදී ඔවුනට හමු නොවෙනු ඇත.
174. මිනිසුනි! සත්‍යය පිළිබඳව පැහැදිලි සාක්ෂියක් නුඹලාට නුඹලාගේ පරමාධිපතිගෙන් සැබැවින්ම පැමිණ ඇත. තවද (නුඹලාට මාර්ගය) පැහැදිලි ලෙස පෙන්වන ආලෝකයද අපි නුඹලාට පහළ කළෙමු.
175. අල්ලාහ් විශ්වාසය කර ඔහු ග්‍රහණය කරගත්තා වු අය ඔහු(අල්ලාහ්)ගෙන් වූ දයාළු භාවයෙහිද වරප්‍රසාදයෙහිද මතුවට ඇතුළු කරවනු ඇත. තවද ඔහු ඔවුන්ට ඔහු වෙත ඍජු මාර්ගයද දක්වනු ඇත.
176. (නබි මුහම්මද්!) කලාලහ් (දරුවන් නොමැත්තකු විසින් තබා ගිය උරුමය පිළිබඳව) ඔවුහු (ජනයා) නුඹගෙන් විනිශ්චයක් පතති. කලාලහ් පිළිබඳව අල්ලාහ් නුඹලාට තීරණය දෙන්නේ යැයි පවසනු. කෙනකු තමාට දරුවකු නොමැතිව තමාගේ සොහොයුරියක තබා මිය ගියහොත් ඔහු හැර දමා ගිය දැයින් ඇයට අඩක් ලැබිය යුතුය. ඇයට දරුවන් නොමැතිව සිටියහොත් ඇය(ගේ දේපළ)ට ඔහු (සොහොයුරා) උරුමක්කාරයාවේ. සොහොයුරියන් දෙදෙනකු වී නම් ඒ දෙදෙනාට ඔහු හැර ගිය දෙයින් තුනෙන් දෙකක් බැගින් ලැබිය යුතුය. ඔවුහු (පිරිමින් හා ස්ත්‍රීන් වන) සොහොයුරු සොහොයුරියන් වී නම් (ගැහැණුන්) දෙදෙනාගේ කොටස මෙන් කොටසක් පිරිමියෙකුට හිමිය. නුඹලා මං මුළා නොවනු පිණිස අල්ලාහ් සිය අණපනත් නුඹලා සඳහා පැහැදිලි කරයි. අල්ලාහ් සියල්ල මැනවින් දනී.