මෙය ආයත් 5 කින් යුත් මදීනාහ් වකවානුවේ පහළ වූ සුරාහ්වකි.
අපරමිත දයාන්විත අසමසම කරුනාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි
113.1. පවසන්න, අරුණෝදයහි රක්ෂිතයාගෙන් මම ආරක්ෂාව පතන්නෙමි.
113.2. ඔහු නිර්මාණය කළ දේවල්හි හානියෙන් ද.
113.3. අඳුර තුල පිවිසෙන ඝනාන්ධකාර රාත්‍රීයේ හානියෙන් ද.
113.4. තවද ගැට මත (මතුරා) පිඹින ස්ත්‍රීන්ගේ හානියෙන් ද.
113.5. ඊර්ෂ්‍යා කරන්නා. ඊර්ෂ්‍යා කරන විට. ඔහුගේ හානියෙන් ද.(ආරක්ෂාව පතන්නෙමි)