අපරිමිත දයාන්විත අසමසම කරුනාන්විත අල්ලාහ්ගේ නාමයෙනි.
1. අර් රහ්මාන්(අපරිමිත දයාන්විතයා)
2. (ඔහු) මෙම කුර්ආනය ඉගැන්වූයේය.
3. ඔහු මිනිසා නිර්මාණය කළේය.
4. ඔහුට කතා කිරීමට ඉගැන්වූයේය?
5. හිරුත් සදුත් එක්තරා න්‍යායකට බැඳී සිටිති.
6. තවද තරු සහ ගස් යන දෙක (ඔහුට) සුජූත් කරති.
7. ඔහු අහස් ඉහලට නැංවීය. තවද සමතුලනය ඇති කළේය.
8. නුඹලා සමබරතාවය අවුල් නොකරන පිණිස
9. එනිසා තුලාව සාධාරණ ලෙස ඉටු කරනු. තවද තුලනය අඩු නොකරනු.
10. ඔහු සකල ප්‍රාණීන් සඳහා මහපොළොව පිහිටුවිය.
11. එහි පලතුරුද, කොපු තුළ ගෙඩි සහිත ඉදිගස්ද ඇත.
12. එහි පොතු සහිත ධාන්‍යයද සුවඳ පැලෑටිද ඇත.
13. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ
14. වළන් මෙන් හඬ නගන වියලි කිරිමැටීයෙන් ඔහු මිනිසා මැව්වේය.
15. ගිනි දැල්ලෙන් ජින්නුන්(අග්නි භූතයන්) මැව්වේය.
16. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
17. (ඔහු) නැගෙනහිර දෙකෙහි හා බස්නාහිර දෙකෙහි රබ්(පරමාධිපති)ය.
18. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
19. ඔහු දෙමුහුදද එකිනෙකට යාවෙන්නට සැලැස්විය.
20. ඒ දෙක අතර ඒ දෙක ඉක්මවා නොයන බාධකයකි.
21. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
22. ඒ දෙක අතුරින් මුතු සහ ගල්පර මතුවෙයි.
23. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
24. ඔවුගේය මුහුදෙහි ඉහලට කඳු මෙන් පැන නගින නෞකාවන්.
25. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
26. එහි (මහපොළොවේහි) පවතින සියල්ල විනාශ වෙයි.
27. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති) පමණක් සදහටම නොනැසී සිටී.
28. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ?
29. අහස්හි සහ මහපොළොවෙහි සිටින සෑම කෙනකුම (සිය අවශ්‍යතා සඳහා) ඔහුට ආයාචනා කරති. තවද සෑම දිනකම ඔහු (විභූතිමත්) කාර්යයක යෙදී සිටින්නේය.
30. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
31. පොලොවට බරවූ (ජින් හා මිනිසුන් යන) දෙවර්ගයනි, (නුඹලා දෙවර්ගය වග උත්තර කීම සඳහා කැඳවීමට) අපි ඉක්මනින්ම සූදානම් වන්නෙමු.
32. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේද (යන්න එවිට අපි බලා ගනිමු.)
33. ජින් හා මිනිස් සමූහයනි, අහස් සහ මහපොළොවේ සීමාවලින් පලා යාමට නුඹලාට හැකියාව තිබේ නම් පලා යනු. මහා බලයකින් මිස නුඹලාට පලා යා නොහැකිය.
34. එහෙයින් (ජින් හා මිනිස්සු වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
35. (නුඹලා පලා යෑමට තැත් කළහොත්) නුඹලාට දරා සිටිය නොහැකි ගිනි ජාලයක් සහ දුමාරයක් නුඹලා මත එවනු ලබන්නේය. එවිට නුඹලා දෙවර්ගයටම මිදීමක් නැත.
36. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
37. පසුව අහස පුපුරා රතු සමක් මෙන් රතු පැහැ වන විට (කෙසේ වේවිද?)
38. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
39. එදින තම පාපයන් ගැන මිනිසුන් ගේ ජින්වරුන්ගෙන් අසනු නොලබන්නේය.
40. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ(ද යන්න එවිට බලනු ලැබේ)
41. එවිට වැරදිකරුවෝ ඔවුන්ගේ සලකුණුවලින් හදුනාගනු ලබති. එවිට ඔවුන්ගේ නලල් කෙසින් සහ දෙපයින් අල්ලාගෙන ඇදගෙන එනු ලබති.
42. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
43. වැරදිකරුවන් ප්‍රතික්ෂේප කරන නිරය මෙය වේ. (යැයි එවිට ඔවුනට කියනු ලැබේ.)
44. ඔවුන් ඒ(නිර)ය අතර හා නිම නැති උණු දිය අතර සරිසරන්නෝය
45. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.
47. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවති.
49. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.
51. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
52. ඒ දෙහෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.
53. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝන සේද වාටියෙන් යුත් බුමුතුරුණු වල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු ඇත ළඟය.
55. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
56. එහි විළිබර බැලුම් හෙලන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකලහ.
57. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
58. ඔවුහු රක්ත මානික්‍ය හා මුතු බදුය.
59. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
60. හොඳට හොදක් මිස පලවිපාකයක් ඇත්ද?
61. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.
63. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.
65. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)වේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසින උල්පත් දෙකකි.
67. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
68. ඒ දෙක තුල පලතුරු, රට ඉදි සහ දෙළුම්ද ඇත.
69. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.
71. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ?.
72. කූඩාරම්වල රැකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.
73. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
74. (ස්වර්ග්වාසින් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.
75. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
76. ඔවුහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිර සිටිති.
77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්‍රේෂ්ඨය.