මෙය ආයාත් 9 කින් යුත් මක්කාහ් වකවානුවේ පහළ වූ සුරාහ්වකි.
අපරමිත දයාන්විත අසමසම කරුනාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි.
104.1 කේළම් කීම හා (ඇස්වලින් ඉඟිකර) දෝෂාරෝපණය නැගීම සිරිතක් කරගත් සෑම කෙනෙකුටම විනාශය අත්වේවා.*1
104.2 ඔහු කවරෙකුද යත් සම්පත් රැස්කර ඔහු එය ගණනය කරමින් සිටියේය.
104.3 තවද නියත වශයෙන්ම ඔහුගේ සම්පත් තමා සදාකාලිකව ජීවත් කරවයි යැයි සිතන්නේය.
104.4 එසේ නොව, අනිවාර්යයෙන්ම “හුතමා” හි ඔහු විසිකරනු ලබයි.*2
104.5 ”හුතමා” යනු කුමක් දැයි ඔබට දැනුම් දුන්නේ කුමක් ද?
104.6 (එය) දල්වනු ලැබූ අල්ලාහ් ගේ ගින්දරයි.
104.7 (එම ගින්න) කෙසේද යත්, එය සිත් තුලට කා වදීයි.
104.8-9 නියත වශයෙන්ම, දීර්ඝ දොරවල් සහිත එය (නිරය) ඔවුන් වටකර වෙලා ගනු ලබන්නේය.
—————————————————————————————————————–
1 මක්කාහ්වේ වි සූ අල්-අක්හ්නස් බින් ෂරික් කෙරෙහි මෙම වැකිය පහළවිය. ඔහු කේලාම් කියමින් දෝෂාරෝපණය නගමින් මිනිසුන් අතර සිටි හේතුවෙන් ඔහුට අවවාදාත්මක වශයෙන් මෙය පහල විය.
2 හූතමා යනු එහි විසි කරනු ලබන සියල්ලක්ම කැබලිවලට සුනු විසුණු වී යන අර්ථය දෙන වචනයකි.