Tag Archive: 111-සූරාහ්-අල්-මසද්

111. සූරාහ් අල්-මසද් (කෙඳිවලින් ඇඹරූ කඹය)

මෙය ආයත් 3 කින් යුත් මක්කාහ් වකවානුවේ පහළ වූ සුරාහ්වකි.

අපරමිත දයාන්විත අසමසම කරුනාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි

 

111.1 අබු ලහබ්ගේ දෑත් විනාශයට පත්වේවා! තවද ඔහු ද විනාශයට පත්වේවා!

111.2 ඔහුගේ සම්පත් ද ඔහු ඉපැයූ දේවල් ද ඔහුට එලක්‌ නොවිය.

111.3,4 ඔහු හා ඔහුගේ බිරිඳ ද දලුලා ඇවිලෙන ගින්නට පිවිසෙති. ඇය දර ඔසවන්නියකි.

111.5 ඇයගේ ගෙලෙහි කෙඳිවලින් ඇඹරූ කඹයකි*1

——————————————————————————————————————

1  නිරයේදී ඇය වේදනාවට පත්කිරීම පිණිස ඈගේ ගෙලෙහි කෙඳිවලින් ඇඹරූ කඹයකින් ගැට ගසනු ලබයි.

Permanent link to this article: http://sinhalaislam.com/soora/111-%e0%b7%83%e0%b7%96%e0%b6%bb%e0%b7%8f%e0%b7%84%e0%b7%8a-%e0%b6%85%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%83%e0%b6%af%e0%b7%8a-%e0%b6%9a%e0%b7%99%e0%b6%b3%e0%b7%92%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1/