මෙය ආයත් 4 කින් යුත් මක්කාහ් වකවානුවේ පහළ වූ සුරාහ්වකි.
අපරමිත දයාන්විත අසමසම කරුනාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි
112.1 පවසන්න ! ඔහු අල්ලාහ් ඒකයෙකි.
112.2. අල්ලාහ් (මවන ලද්දන් විසින් නිරතුරුව) පතනු ලබන්නාය*1
112.3. ඔහු කිසිවෙකු බිහි නොකළේය. තවද ඔහු බිහි කළ නොලැබුවේය.
112.4. තවද ඔහුට සමාන කිසිවෙකු නොමැත.
———————————————————————————————————
1 නමුත් සියලු මැවීම් රඳා පවතිනුයේ ඔහුගේ පිහිටෙනි. තවද කිසිවකුගේ අවශය්‍යතාවයන් වලින් තොර වූවෙකි. ඔහුට ඉහළින් කිසිවකු නොමැති නායකයෙකි යන අරුත් මෙම වචනයෙන් පිළිඹුම් කරයි.