එක් එක් ආගම්වලට සුවිශේෂ දිනයන් පවති එම දිනයන් ඔවුන් විවිධ උත්සවයන් සංවිධාන කරති .එයට හේතුව එම දිනයහි යම් ආගමික විශේෂ සිද්ධින් සිදුවී තිබීමයි . එලෙසම සතියේ යම් යම් දිනයන් ද එක් එක් සමාජය සදහා උත්සව සිරියක් ගනී ක්‍රිස්තියානි සමාජය ඉරිදා දිනය මුස්ලිම් සමාජයට සිකුරාද දිනය ද සුවිශේෂය . අප එනම් ලංකික සමාජය ඉරිදා දිනයන් හි මුහුදු වෙරල උද්යානය ජනයා ගැවසන ඉස්ථානයන් හට එක් රොක්වී ප්‍රිතිවෙති එම අව්ස්ථාවහි ඔවුන් නීතියට පටහැනි දෙවල්ද කරති .
මෙලෙසමයි එක් එක් ආගමික දිනයන්හිද සමරති .උදාහරණයක් ලෙස බෞද්ධ ජනතාවගේ වෙසක් , පොස, යන දිනයන් බුදුන් වහන්සේගේ උපත , බුද්ධත්වය ලැබීම , පිරිනිවන් පෑම යනාදියද .ක්‍රිස්තියානි බැතිමතුන්ගේ නත්තල් දිනය ක්‍රිස්තුන්වහන්සේ උපත ,හින්දු ජනතාවගේ පොංගල් , දීපාවලි .මුස්ලිම්වරුන්ගේ ඊදුල් ෆිත් ර්,ඊදුල් අල්හා යන දිනයන් මාසයක් පුරා උපවාස ශීලය රැක ගැනිමත්,ඉබිරාහීම්(අලෛ) තුමාගේ කැපකිරිමත් අපට ආගමික විශේෂ දිනයන් ලෙස හැදින්විය හැකි .මෙම දිනයන් අප සමරන්නෙත් සිහිකරන්නෙත් එම ආගමික නායකයන් කල කැපකිරිම සිහිකිරිම උදෙසය .එලෙසම රටක් වශයෙන් අප සිහිකල යුතු දිනයනම් එය අපගේ නිදහස දිනයයි මන්ද එම වීරයන කල කැපකිරීම සිහිකිරීම උදෙසය .
අප ජිවත්වන ලොකය තුළ හොඳ දේ වගේම නරක දේවල්ද පවති .අලෝකය ,අන්ධකාරය , උගත් නුගත් යනාදී දේවල් ද පවති . මෙය අප දින දර්ශනයට ද පැමිණ ඇත එලෙස පැමිණි නරක කාරණයක් නම් වැලන්ටයින්ස් ඩේ එනම් ආදරවන්තයන්ගේ දිනය . අප ලෙස පවසන විට තාරුණ්‍ය වියේ පසුවන උදවිය අපව පසුගාමිකයන් ලෙස හැදින්විය හැකි මන්ද ඔවුන් මෙය ආගමික කටයුතකට වඩා අගය කරති . ඔවුන් අප මෙම සියවසට ඔබින් නැති කොටසක් ලෙස හැදින්වීමට පුළුවන් .මෙම ලිපියට එරෙහිව අදහස් ප්‍රකාශ කරන්නත් පුළුවන් එනම් යම් කෙනකු මෙම දිනයට පක්ෂයි නම් මෙම ප්‍රශ්නයන් සදහා පිළිතුරු ලබාදෙන්න .
මෙම දවසහි ඇති වැදගත් කම කුමක්ද >?
මෙම දිනය අපට උගන්වන පාඩම කුමක්ද ?එවෙනි යම් වැදගත්කම තිබේද?
මෙම දියට යම් වටිනාකමක් තිබේද ?
මෙම ප්‍රශ්නයන් සදහා පිළිතුරු මෙයයි .
රෝම අධිරාජ්‍ය සමයේ රෝමන් භ්ටයන්ට විවාහ වීමට තහනම් ය . එවකට ජිවත්වූ” වැලන්ටයින් ” නමැති සාන්තුවරයෙක් විසින් රෝමන් භටයන්ට රහසිගතව විවාහ සිදුකළේය . මෙය සාමන්‍ය සිදුවීමකි . මෙය සැමරීමට තරම් දෙයක් නැත .එම සාන්තුවරය උදව් කළේ රෝමන් භටයන්ය.එම සිද්ධිය විශේෂ වන්නේ එවකට ජිවත් වූ රෝමන් භටයන්ට පමණි .මෙය විශ්වයේ දිනයක් හෝ අනිවාර්යෙන්ම සැමරිය යුතු දෙයක් නොවන බව සාමන්‍ය මිනිසෙකුට පවා අවබෝධ කරගත හැක . විශාල සමාජ පෙරළියක් ඇති කළ ,නවීන සොය ගැනීම් සිදුකළ මිනිසුන් අතරින් මෙම වැලන්ටයින් නමැති සාන්තුවරයාව සමීප කිරිමට පවා නොහැක .
එහෙනම් අප යම් දෙයක් සිතා බැලිය යුතුයි. ආගමික දිනයක් හෝ නිදහස් දිනයක් නම් එහි සුවිශේෂ වූ සැමරීමට යම් මුලීක හේතුවක් තිබේ . එනම් වැලන්ටයින් දිනය මෙතරම් සුවිශේෂ දිනයක් ලෙස ලොව හඳුන්වන්නේ ඇයි ?
මෙම දිනයේ දුරාචාරය ,අශෝභන ,අවිනීත ,සල්ලාලකම පතුරුවන්නේ ඇයි?
තරුණ තරුණියනි සිතා බලන්න . මෙහි කුමක් හෝ වෙනත් පටු අරමුණක් ක්‍රියාත්මක වන බව අපට පෙනී යයි. යෞවන අවදිය පවිත්‍ර, මිල කළ නොහැකි අවධියකි . නමුත් මෙම දිනයේ යෞවන යෞවනියන් පවිත්‍රකමේ බාධක බිඳ දමා තම තමන්ගේ කාමුක හැඟීම් උච්ච ස්ථානට ගෙන තරු පහේ හෝටල්වල , රාත්‍රි සමාජ ශාලවල නටති . තිරිසනුන් ලෙස හැසිරති .මෙම ක්‍රමය අතීතයේ නොතිබුණත් අද බටහිර ලෝකය මෙය සාධාරණීයකරණය කර ඇත. කිසිම අර්ථයක් නොමැති මෙම දිනයට සුවිශේෂ වූ ස්ථානයක් බටහිර ලෝකය විසින් ලබා දී තිබීම විහිළුසහගතය . මෙම දිනයට අපහට නියම අර්ථයක් ලබාදිය හැක එනම් “කාමශාව , රාගය සහ අසංවර බව උත්සන්න කරන දිනය ” යනුවෙනි.
අප මෙම දිනය වෛරකිරිමට හේතුවක් ඇත .එය මිනිසාගේ සිත වහල්භාවයට පත්කරන නිසාය . මෙය වහල්කම සැමරීමකි .අප මෙසේ පවසන්නේ බුද්ධිය යනු මිනිසාට ලැබූ ඉමහත් දායාදයකි . මිනිසාව විද්‍යාවෙන් ,තාක්ෂණයෙන් ,කලාවෙන් , සංස්කෘතිකයෙන් ,ගෘහ නිර්මාණ ශිල්පයෙන් මිනිසාව දියුණු කළේ එයයි . නිසි බුද්ධියක් තිබෙන වැලන්ටයින් ඩේ පිළිබඳව අවබෝධයක් තිබෙන කෙනෙක් තමන්ට මෙම දිනය සැමරිය යුතු යැයි නොපවසයි . එසේ පවසන කෙනෙක් සිටිනවානම් ඔහු තමන්ගේ රාගයට හා කාමාශාවට මුල් තැන දෙන්නකි .තමන්ගේ මතයට යටත් වූවෙකි . තමන්ගේ මනසට යටත් වී හැසිරෙන්නේ සතුන් ,සිව්පාවුන්ය .බුද්ධිමත් ,විනීත පුද්ගලයකු තුළ සතුන් සිව්පාවුන්ගේ ලක්ෂණ තිබිය නොහැක . මිනිසා යනු බුද්ධිමත් ඥානාවන්ත ජිවියකි .බේබද්දෙකු මත් පැනට දැඩි ලෙස ඇබ්බහි වූවෙකුට යෙදෙන නමකි .
අප නම් තමන්ගේ රාගයට කාමාශාවට දැඩි ලෙස ඇබ්බහි වූවෙකුව ද සදහන් කලයුත්තේ පෙර කී නාමයෙන්ය.
අප ඔබට යම් කරුණක් මතක් කිරිමට කැමත්තෙමු ,අප ආදරයට, ප්‍රෙමයට,අනුමත ලිංගික සම්භන්දතාවයන්ට විරුද්ධ අය නොවෙමු. මෙය සෑම මිනිසෙකුට අවශ්‍යම සතුවිය යුතු කාරණයකි . අපගේ මැවුම්කරුවා මෙය සෑම මිනිසෙකු තුළම කාවද්දා තිබේ. මෙය ගැහණු පිරිමි දෙපර්ශවයටම පොදුය . එහෙත් තමන්ගේ ආදරය හා ප්‍රෙමය ප්‍රකාශ කිරිමට එක් දිනයක් හෝ සමාජ ශාලාවක් හෝ තරු පහේ හෝටලයක් අවශ්‍ය නැත. එයට හොදම , අහිංසක, එලදායි ,ඉතා පරිශුද්ධ, නිවැරදි ක්‍රමය නම් විවාහයයි .මෙම ක්‍රමය උපයොගි කරගන්නා මිනිසා බුද්ධිමත් ,ඥානවන්ත බවෙන් සපිරුණු කෙනෙකි .නිසි වයසේදි විවාහ කරගතහොත් ඔබට නිසි තෘප්තියක් සතුටක් විඳිය හැක .
මෙම ක්‍රමය ප්‍රතික්ෂෙප කර වෙනත් මාර්ගයක් මේ වෙනුවෙන් යොදන්නේ නම් ඔබ විශාල සමාජ වරදකට මුල පිරුවා විය හැක. මෙම වැලන්ටයින් ඩේ පළිබඳව අපට අවධානය යොමුකලේ බටහිර ලොකයයි .මෙම දිනය පිළිබඳව අද සෑම තරුණ තරුණියක්ම දන්න අතර මෙහි සෑබෑ අර්ථය කිසිවෙකු නොදනී . හිතවත් සහොදර සහෝදරියනි ,ඇයි ඔබ හිතන්නේ නැත්තේ මෙය සැලසුම් සහගතව ,සංවිධානත්මකව බටහිර සංස්කෘතිය පැතිරවීමට ගන්නා උත්සාහයක් බව . අද අපගේ තරුණ තරුණියන් ආදරය කරන්නේ සංස්කෘතියටයි .අතීතයේ පිරිමියෙක් ගැහැණු කෙනෙක්ව තවත් කෙනෙකු හඳුන්වා දුන්නේ මේ මගේ සහෝදරිය නැතිනම් මේ මගේ බිරිඳ යනුවෙන් . නමුත් අද එම සදාචාරත්මක සමාජය ගැහණු කෙනෙක්ව හඳුන්වා දෙන්නේ මේ මගේ ගර්ල් ෆෙරන්ඩ්” වැලන්ටයිනි ලෙසය .ලොකය පුරාම බටහිර සංකල්පය පතුරවාලීමට මෙම වැලන්ටයින් ඩේ කදිම ආයුධයකි .
එය හරියකාරව අපගේ තරුණ පරපුරට අවබෝධ කර නොදුන්නේ නම් අනාගතයේ දී අපගේ රට විශාල සදාචාර පිරිහීමකට ගොදුරුවීම නිසැකය . තවත් කරුණක් මෙහි තිබේ එනම් එය විය්‍යාපාරික අරමුණයි එනම් අද පවතින වෙළදුන් සමාජය කෙලෙස ගියත් කමක් නැත් තමන්ගේ අත මිට සරුවුනානම් ඇතියි යන පහත් අරමුණක් තිබේ ඉස්ලාම් මෙවනි වෙළදාමකට අනුමතිය ලබා නොදෙයි මන්ද මෙය සමාජ පරිහානියට පත්කරන නිසාය.
එනම් තරුණ තරුණියනි වැලන්ටයින් ඩේ වලට එරෙහි වෙමු .සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගමු.
මූලාශ්‍රය..
http://ipcblogger.net/munir/
http://sharingknowledgeofislam.blogspot.com/2010/01/celebrating-valentines-day-haraam-so.html
http://sharingknowledgeofislam.blogspot.com/2011/02/happy-valentines-day-not-for-muslimsno.html